Header Sinhala

ආරක්ෂක සේනා (මධ්‍යම)

27th February 2024 19:33:16 Hours

යුද්ධ හමුදාධිපති තුමන්ගේ උදාර සංකල්පයකට අනුව අඩු අදායම්ලාභී දිළිඳු පවුල් සඳහා නව නිවාසයක් ඉදිකර දිම

යුද්ධ හමුදාධිපති තුමන්ගේ උදාර සංකල්පයකට අනුව අඩු අදායම්ලාභී දිළිඳු පවුල් සඳහා නිවාස සාදා දීමේ වැඩපිළිවෙලක් සේනාංකයන් වලට අයත් බළඇණි මට්ටමින් ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය කටයුතු මේ වන විට සිදුකරමින් පවති.

ඒ අනුව 12 වන පාබල සේනාංකයේ සේනාංකාධිපති තුමන්ගේ උපදෙස් හා මග පෙන්වීම මත එහි පළමු නිවස ලෙස මොණරාගල දිස්ත්‍රික්කයේ කතරගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් සෙල්ල කතරගම ග්‍රාම නිළධාරි වසමේ පදිංචි දරුවන් හය දෙනෙකු සහිත ආබාධිත තත්වයේ පසුවන කේ කේ අතුල කුමාර යන අයගේ පවුල තොරාගන්නා ලදි. මෙම නිවස සෑදීමේ සියළුම වගකීම් 3 වන ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බළමුළුව වෙතින් සිදුකිරීමට නියමිතව ඇත.

අදාල නිවසට මුල්ගල තැබීම 2024.02.24 දින උදෑසන යෙදුන සුභ මොහොතින් සිදුකරන්නට යෙදුනි. එම අවස්ථාවට 12 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් සිඑස් මුණසිංහ ඩබ්ලිව්ඩබ්ලිව්වී ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පී එන්ඩීසී පීඑස්සී අයිජී, රුහුණු මහ කතරගම දේවාලයේ බස්නායක නිලමේ දිශාන් ගුණසේකර, මූල්‍යමය දායකත්වය ලබාදෙනු ලබන කොළඹ බත්තරමුල්ල ප්‍රදේශයේ පදිංචි හිරොෂ් ජයතිලක මහතා ඇතුලු පවුලේ සාමාජිකයන් හා 3 වන ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බළමුළුවේ අණදෙන නිළධාරි ඇතුලු නි/සෙසුනිලයින් සහභාගී වන ලදී.