Header Sinhala

ආරක්ෂක සේනා (මධ්‍යම)

14th February 2024 05:25:30 Hours

අතරමන්වු ජර්මන් ජාතිකයා මුදා ගැනිම සදහා යුධ හමුදා දායකත්වය ලබා දීම.

ආරක්‍ෂක සේනා මූලස්ථානය මධ්‍යම බළප්‍රදේශයට අයත් බෙරගල කොස්ලන්ද ප්‍රදේශයේ මෙල්හිම් නිවාඩු නිකේතනයේ හි නාවාතැන් ගෙන සිටි ජර්මන් ජාතික ජෝසෆ් ෆනර් යන ජර්මන් ජාතික පුද්ගලයා 2024.02.14 වන දින සවස් කාලයේ එම ප්‍රදේශයේ සංචාරය කිරිම සදහා පිටව ගොස් ඇති බවත්, ඔහු නැවත නවාතැන් ගෙන සිටි ස්ථානයට නොපැමිණිම නිසාත්, එම ප්‍රදේශයේ අතරමන්ව සිටින බවට 112 බල සේනා මුලස්ථානය වෙතින් තොරතුරක් ලබා දෙන ලදි.

ඒ අනුව ආරක්‍ෂක සේනා මූලස්ථානය (මධ්‍යම) ආඥාපති ‌ තුමාගේ උපදෙස් පරිදි නිලධාරින් දෙදෙනෙකු සමඟ ක්‍ෂණික විහිදුම් යතුරුපැදි ඛණ්ඩයේ භඨ පිරිස සහිතව දහසය දෙනෙකුගෙන් යුත් භට පිරිසක් එම ස්ථානය වෙත යොදවා එම ප්‍රදේශයේ අතුරුදහන්ව සිටින ජර්මන් ජාතික පුද්ගලයා සොයා මෙහෙයුම් ආරම්භ කරන ලද අතර, එම කැලැ බද ප්‍රදේශයේ ඇති දැඩි අදුරත්, කදු / බැවුම් හේතුවෙන් ආරම්භ කල මෙහෙයුම පසු දින උදෑසන සිදු කිරිම සදහා මධ්‍යම රාත්‍රියේ තාවකාලිකව නතර කරන ලදි.

නැවත 2024.02.15 වන දින උදෑසන ආරක්‍ෂක සේනා මූලස්ථානය (මධ්‍යම) වෙතින් නිලධාරින් දෙදෙනෙකු සමග දහසය දෙනෙකුගෙන් යුත් භට පිරිසක් එම ස්ථානය වෙත ගමන්ගන්නා විට අතරමන්ව සිටි ජර්මන් ජාතික පුද්ගලයා ඔහු නවාතැන්ගෙන සිටි මෙල්හිම් නිවාඩු නිකේතනය වෙතට තුන් රෝද රථයකින් පැමිණ ඇත.ඉන් අනතුරුව එම ජර්මන් ජාතිකයාත් ඔහුගේ බිරිද සහ පවුලේ අයත්, නිවාඩු නිකේතනයේ සිටින කාර්යය මණ්ඩලයත් ජර්මන් ජාතික ජෝසෆ් ෆනර් සොයා ගැනිම සඳහා මහත් පරිශ්‍රමයක් දැරු යුද්ධ හමුදා නිලධාරින් සහ සෙබලුන් හට ස්තුතිය පුදකරන ලදී.