Header Sinhala

ආරක්ෂක සේනා (මධ්‍යම)

21st February 2024 18:02:08 Hours

11 වන පාබල සේනාංකයේ 14 වන සංවත්සරයට සමගාමිව වැඩ සටහන් මාලාවක් ඉතා උත්කර්ෂවත්ව පවත්වන ලදි

11 වන පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් ආර් එම් එම් රණසිංහ ඩබ්ලිව් ඩබ්ලිව්වී ආර්ඩබ්ලිව්පී ආර්එස්පී ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන්ගේ සංකල්පයකට අනුව 2024.02.15 සහ 16 යන දෙදින තුල මෙම සේනාංක මුලස්ථානයේ අභිමානවත් 14 වන සංවත්සරයට සමගාමිව වැඩ සටහන් මාලාවක් ඉතා උත්කර්ෂවත්ව පවත්වන ලදි.

ඒ අනුව11 වන පාබල සේනාංකයේ සේනාංකාධිපති තුමන් හට කඳවුරු සම්මාන මුරයක් සහ සම්මාන පෙළපාලියක් පිරිනමා පිළිගැනීමෙන් අනතුරුව සේනාංකාධිපති තුමන් මෙම පාබල සේමු හී බනි සැරයන් නිවස්නයේ නවතමයෙන් ඉදිකරණු ලැබු ගොඩනැගිල්ල විවෘත කර සංවත්සරය නිමිත්තෙන්, සියළු නිල ආමන්ත්‍රණය කර සියළු නිල තේපැන් සංග්‍රහයක් සහ දිවා භෝජන සංග්‍රහයක්ද පවත්වන ලදි.

තවද, සේනාංකාධාපති තුමන්ගේ ප්‍රධානත්වයෙන් 2024.02.16 වන දින මෙම පාබල සේමු හි රාජකාරි නියුතු නිලධාරින්/සෙසුනිලයින්ගේ සහභාගිත්වයෙන් ක්‍රිකට් තරඟාවලියක් 1 වන රයිෆල් බළකා ඒකක ක්‍රිඩාංගනයේදි පැවැත්වු අතර, සංවත්සරය සනිටුහන් කරමින් එදින රාත්‍රි සංගිත ප්‍රසංගයක්ද මෙම පාබල සේමු හි පවත්වා වැඩසටහන් මාලාව නිමාවට පත්කරන ලදි