Header Sinhala

ආරක්ෂක සේනා (මධ්‍යම)

08th March 2024 09:25:21 Hours

ආරක්ෂක සේනා (මධ්‍යම) බල ප්‍රදේශයේ නාවෙල නමුනුකුල මහ විදුහලේ මැරතන් ධාවන තරඟය විනිශ්චය කටයුතු සඳහා යුද්ධ හමුදා දායකත්වය ලබාදෙන ලදි.

ආරක්ෂක සේනා මූලස්ථාන (මධ්‍යම) බල ප්‍රදේශයේ ස්ථාපිත නාවෙල නමුනුකුල මහ විදුහලේ වාර්ෂික නිවාසාන්තර ක්‍රීඩා තරගාවලියේ සමාරම්භක තරඟය වන මැරතන් ධාවන තරඟය විනිශ්චය කටයුතු සඳහා යුද හමුදා සහාය ලබාදෙන ලදි.

එබැවින් එම විදුහලේ විදුහල්පති විසින් ආරක්ෂක සේනා මූලස්ථාන (මධ්‍යම) ආඥාපති මේජර් ජෙනරාල් එස්ආර්බී අළුවිහාරේ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩියු පීඑස්සී යන ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන් වෙතින් සිදුකරන ලද ඉල්ලීමට අනුව 2024.03.07 දින එම විද්‍යාලය වෙත 00x10 දෙනෙකුගෙන් යුත් භඨ කණ්ඩායමක් මැරතන් ධාවන තරඟය විනිශ්චය කටයුතු සඳහා යොදවන ලදී.