නවතම ප්රවෘත්ති
28th February 2025 08:00:00 Hours
ශ්‍රී ලංකා යුද්ධ හමුදා ප්‍රධාන සංඥා නිලධාරි හා සංඥා බලකාධිපති මේජර් ජෙනරාල් සජිත් ලියනගේ යුඑස්පී එන්පීඑස් පීඑස්සී ජ්‍යෙෂ්ඨ නිලධාරි 2025 පෙබරවාරි මස 27 වන දින ඒකක නිල සංචාරයක නිරත විය.
29th October 2025 23:48:18 Hours
10 වන රෙජිමේන්තුව ශ්‍රීලංකා සංඥා බලකාය (තොරතුරු තාක්ෂණ හා සන්නිවේදන තාක්ෂණ) ඒකකයේ 09 වන අණදෙන නිළධාරි ලෙස ලුතිනන් කර්නල් ජේ කුමාර් පිඑස්සි පිටිඑස්සි යන ජ්‍යෙෂ්ඨ නිලධාරි 2025 ඔක්තෝබර් මස 28 දින රෙජිමේන්තු මූලස්ථානය පනාගොඩහිදී රාජකාරී භාරගන්නා ලදී.
27th June 2025 16:00:00 Hours
ශ්‍රී ලංකා සංඥා බලකායේ රෙජිමේන්තු මධ්‍යස්ථානය විසින් ජුනි මාසයේ උපන්දින යෙදි තිබු සාමාජිකයන්හට විශේෂ උපන්දින සැමරුමක් පවත්වන ලදී. මෙය ප්‍රධාන සංඥා නිලධාරි සහ සංඥා බළකාධිපති මේජර් ජෙනරාල් සජිත් ලියනගේ යුඑස්පි එන්පිඑස් පිඑස්සි ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන්ගේ සංකල්පයක් මත සෑම මසකම පැවැත්වීමට කටයුතු කරනු ලබන අතර ජුනි මාසය සදහා උපන්දින යෙදි තිබු සෙසු නිලයින් 10 දෙනෙකුගේ සහ එක් සිවිල් සේවක මහතෙකුගේ උපන්දින සැමරිම 2025 ජුනි මස 27 වන දින සිදුවිය. බලකාය තුල ඇති ශක්තිමත් මිත්‍රත්වය සහ ගෞරවය පිලිබිඹු කරමින් මෙම අවස්ථාව සදහා සංඥා බලකාධිපතිතුමන්, අනෙකුත් ජ්‍යෙෂ්ඨ නිලධාරින්, රෙජිමේන්තු සැරයන් මේජර් ඇතුලු සෙසුනිලයින් හා සිවිල් සේවක මහතුන් සහභාගි විය. සංඥා බලකාධිපතිතුමන් සහ ජ්‍යෙෂ්ඨ නිලධාරින් විසින් උපන්දින යෙදි තිබු අයවළුන් හට උණුසුම් සුභ පැතුම් එක් කරන ලදි. මෙම අවස්ථාවේදි සංඥා බලකායේ සාර්ථකත්වයට සාමාජිකයන්ගේ දායකත්වය සහ කැපවිම ඉස්මතු කරමින් සංඥා බලකාධිපතිතුමන් විසින් එම අවස්ථාවට සහභාගි වු ජ්‍යෙෂ්ඨ නිලධාරින් හා සෙසු නිලයින් ආමන්ත්‍රණය කරමින් තම ස්තූතිය පුද කරන ලදී.
17th June 2025 08:00:00 Hours
සංඥා බලකාධිපති මේජර් ජෙනරාල් ජිඑල්එස්ඩබ්ලිව් ලියනගේ යුඑස්පි එන්පිඑස් පිඑස්සි ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමගේ උපදෙස් පරිදි සංඥ රෙජිමේන්තු රගර් සංචිත කාණ්ඩායමේ ක්‍රිඩකයන් 35 දෙනෙකු සහ පුහුණුකරුවන් සදහා රගර් ජර්සී බෙදාදිමේ වැඩසටහනක් 2025/06/16 දින මෙම රෙජිමෙන්තු සකච්ඡා ශාලවේදි පැවැත්විය. මෙහිදි එම අවස්ථාව සදහා සංඥා බලකාධිපති මේජර් ජෙනරාල් ජිඑල්එස්ඩබ්ලිව් ලියනගේ යුඑස්පි එන්පිඑස් පිඑස්සි ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමා ඇතුළු රෙම ශ්‍රිලංසංබ ජ්‍යෙෂ්ඨ නිලධාරින්‚ සංචිත භාර සියළුම ජ්‍යෙෂ්ඨ නිලධාරින්‚ රගර් කමිටු සමාජිකයින්‚ පුහුණු කරුවන් සහ පුහුණු උපදේශක වරුන් සහභාගි විය. සංඥා බලකධිපති තුමන් විසින් රගර් ජර්සී බෙදා දිමෙන් අනතුරුව පැවති සමුහ ඡායා රූපය සහ තේපැන් සංග්‍රහය සඳහා පැමිණ සිටි සියළු දෙනා සහභාගිවිය.