28th February 2025 08:00:00 Hours
ශ්‍රී ලංකා යුද්ධ හමුදා ප්‍රධාන සංඥා නිලධාරි හා සංඥා බලකාධිපති මේජර් ජෙනරාල් සජිත් ලියනගේ යුඑස්පී එන්පීඑස් පීඑස්සී ජ්‍යෙෂ්ඨ නිලධාරි 2025 පෙබරවාරි මස 27 වන දින ඒකක නිල සංචාරයක නිරත විය.
ඒකක අණදෙන නිලධාරී මේජර් ඒජීඑන්එස් වීරසේන පීඑස්සී ජ්‍යෙෂ්ධ නිලධාරි විසින් සංඥා බලකාධිපති ගෞරවයෙන් යුතුව පිලිගැනිමෙන් අනතුරුව නිල සංචාරය සනිටුහන් කරමින් ඒකකයේ රාජකාරි නිරත සියලු නිළධාරින් හා සෙසුනිළයින් සමුහ ජායාරූපයකටද පෙනී සිටින ලදී. ඉන් අනතුරුව අණදෙන නිලධාරි විසින් ඒකකයේ කටයුතු පිළිබද විධිමත් දැනුවත් කිරීමක් සිදුකරන ලදී. එය ප්‍රධාන සංඥා නිලධාරි හා සංඥා බලකාධිපති විසින් ප්‍රශන්සාත්මක ඇගයීමකට ලක්කරන ලද අතර, නවීන තාක්ෂණයට අනුකුලව ඒකකයේ රාජකාරි සිදුකල යුතු ආකාරය පිළිබදව දැනුවත් කරන ලදි.
අනතුරුව ප්‍රධාන සංඥා නිලධාරි හා සංඥා බලකාධිපති මේජර් ජෙනරාල් සජිත් ලියනගේ යුඑස්පී එන්පීඑස් පීඑස්සී ජ්‍යෙෂ්ඨ නිලධාරි විසින් ඒකකයේ සියලු නිලයන් ආමන්ත්‍රණය කල අතර, එහිදී තාක්ෂණයෙන් පිරිපුන් වෘත්තිය යුද්ධ හමුදාවක් යන සංකල්පයට අනුව 10 ශ්‍රීලංසංබ කාර්මික සෙනින්ගේ වෘත්තියභාවය ඉතා උසස් මට්ටමකට පත්කර ගැනීම සඳහා හරවත් දේශණයක් සිදුකරණ ලද අතර, අනතුරුව ඒකකයේ සියලු නිලයින් විසින් පිළියෙල කර තිබු තේ පැන් සංග්‍රහය සදහා සහභාගී විය.
ඉන් අනතුරුව මෙම සංචාරය නිමාව සිනිටුහන් කරමින් කදවුරු පරිශ්‍රයෙන් නික්ම යාමට ප්‍රථම ප්‍රධාන සංඥා නිලධාරී හා සංඥා බලකාධීපති තුමන් විසින් විශේෂ අමුත්තන් සදහා වු පොතේ සමරු සටහනක් ද තැබීය.