Header Sinhala

ශ්‍රී ලංකා සංඥා බළකාය

ස්ථීර ක්ෂණික

10th May 2025 08:00:00 Hours

අන්තර් රෙජිමේන්තු කායවර්ධන තරගාවලිය 2025 ශුරතාවය දෙවනවරටත් වරටත් සංඥා බළකායට

2025 යුද්ධ හමුදා අන්තර් රෙජිමේන්තු කායවර්ධන තරගාවලිය 2025/05/07,08 සහ 09 යන දිනයන්හි ශ්‍රී ලංකා යුද්ධ හමුදා කායවර්ධන මධ්‍යස්ථානය පනාගොඩහිදි සාර්ථකව පැවැත් විය. එම තරඟාවලිය සදහා කායවර්ධන කාණ්ඩායම් 10 ක් සහභාගි වු අතර සමස්ථ තරගාවලියේ රන් පදක්කම් 2 සහ රීදි පදක්කම් 4 ක් ලබා ගෙන ශ්‍රී ලංකා සංඥා බලකා කායවර්ධන කාණ්ඩායම අඛණ්ඩව දෙවන වරටත් ශුරතාවය දිනාගන්නා ලදි. මේ අවස්ථාව සදහා ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් යුද්ධ හමුදා කායවර්ධන, බරඉසිලිම් හා සවිඑසවිමේ කමිටු සභාපති මේජර් ජෙනරාල් ඩබ්බිජේකේ විමලරත්න ආර්ඩබ්පි ආර්ඒස්පි ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන් සහභාගි විය.