05th January 2024 13:36:56 Hours
ශ්‍රී ලංකා සංඥා බලකායේ 17 වන බලකාධීපති ලෙස මේජර් ජෙනරාල් අයිඑච්එම්ආර්කේ හේරත් යුඑස්පි එන්ඩීසී පිඑස්සී ජ්‍යෙෂ්ඨ නිලධාරි 2024 ජනවාරි 04 වන දින සංඥා රෙජිමේන්තු මධ්‍යස්ථානයේදී වැඩ භාර ගන්නා ලදී. තත් ජ්‍යෙෂ්ඨ නිලධාරී වැඩ භාර ගැනීම වෙනුවෙන්....
01st January 2024 13:42:37 Hours
ශ්‍රී ලංකා යුද්ධ හමුදා ප්‍රධාන සංඥා නිලධාරී සහ සංඥා බලකාධිපති වශයෙන් රාජකාරී කරන ලද මේජර් ජෙනරාල් කේ. ඒ. ඩබ්ලිව්. එස් රත්නායක එන්ඩීයූ ජ්‍යෙෂ්ඨ නිලධාරීතුමන් වසර 35 කට වැඩි කීර්තිමත් සේවාවක් ඉටුකිරීමෙන් අනතුරුව....
26th November 2023 08:00:00 Hours
ශ්‍රී ලංකා සංඥා බලකාය විසින් විශ්‍රාමික නිලධාරීන්, සෙසුනිලයින් සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින් සඳහා සුහද හමුවක් 2023 නොවැම්බර් 25 වන දින පනාගොඩ රෙජිමේන්තු මධ්‍යස්ථාන පරිශ්‍රයේදී සංවිධානය කරන ලදී. ශ්‍රී ලංකා යුධ හමුදාවේ ප්‍රධාන සංඥා නිලධාරි සහ සංඥා බලකාධිපති මේජර් ජෙනරාල් කේ. ඒ. ඩබ්ලිව්. එස් රත්නායක එන්ඩීයූ ජ්‍යෙෂ්ඨ නිලධාරීගේ සංකල්පයක් මත මෙම සුහද හමුව සිදුවිය.
11th November 2023 08:00:00 Hours
යුද්ධ හමුදාධිපතිතුමාගේ සංකල්පයක් මත ක්‍රියාත්මක නිවාස ඉදිකිරීමේ ව්‍යාපෘතිය 8 වන අදියර යටතේ ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ ප්‍රධාන සංඥා නිලධාරි සහ ශ්‍රී ලංකා සංඥා බලකාධිපති තුමාගේ උපදෙස් පරිදි සියළු සංඥා ඒකක මූල්‍යමය දායකත්වය යටතේ 1 වන සංඥා බලකා භඨපිරිස් හි ශ්‍රම දායකත්වය ඇතිව එහි අණදෙන නිලධාරීගේ අධීක්ෂණය යටතේ ඉදිකරන ලද මෙම නව නිවස 2023 නොවැම්බර් මස 10 දින (සිකුරාදා) තත් ජ්‍යෙෂ්ඨ කොමිෂන් නොලත් නිලධාරි වෙත භාරදීමට කටයුතු කර ඇති අතර, මේ සඳහා රුපියල් මිලියන 1.5 ක වියදමක් දරා ඇත. ඒ අනුව, යුද්ධ හමුදාවෙන් රුපියල් 1,200,000.00 ක් සහ සියලු සංඥා ඒකක වෙතින් රුපියල් 300,000.00 ක මූල්‍යමය පරිත්‍යාග සහිතව ඉදිකිරීම් කටයුතු අවසන් කර ඇත.
26th October 2023 00:00:00 Hours
ලෝක ළමා දිනයට සහ සංඥා බලකා 80 වැනි සංවත්සරයට සමගාමීව ශ්‍රී ලංකා සංඥා බලකායේ සියලුම නිලයන් ආවරණය වන පරිදි පාසල් සිසුන් 2,700 කට ආසන්න සංඛ්‍යාවක් සහ සංඥා බලකාය සමඟ සේවය කරන සිවිල් සේවක මහත්ම මහත්මීන්ගේ දූදරුවන් සඳහා පොත් බෙදා දීමේ වැඩසටහනක් 2023 ඔක්තෝබර් 26 දින සංඥා රෙජිමේන්තු ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.
16th October 2023 08:00:00 Hours
ඉතා අත්‍යවශ්‍ය අවශ්‍යතාවයක්ව පැවති විශ්‍රාමික සංඥා සංගමයේ නව කාර්යාලය 2023 ඔක්තෝම්බර් මස 15 දින පනාගොඩ රෙජිමේන්තු මධ්‍යස්ථාන පරිශ්‍රයේ දී සංඥා බලකායේ ජ්‍යෙෂ්ඨතම විශ්‍රාමික සංඥා නිලධාරි වන බ්‍රිගේඩියර් එෆ් සී ජේ ද සිල්වා (විශ්‍රාමික) යූඑස්පී ජ්‍යෙෂ්ඨ නිලධාරි විසින් විවෘත කරන ලදී.
21st April 2023 00:00:00 Hours
2023 අළුත් අවුරුදු උත්සවය සංඥා බළකායේ නිලධාරීන් සහ සෙසු නිලයින්ගේ සහභාගීත්වයෙන් 2023 අප්‍රේල් මස 21 වැනි සිකුරාදා දින පනාගොඩ සංඥා රෙජිමේන්තු මධ්‍යස්ථාන ක්‍රීඩා පිටියේදී පවත්වන ලදී. මෙම උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ ප්‍රධාන සංඥා නිලධාරි සහ සංඥා බලකායේ බලකාධිපති මේජර් ජෙනරාල් K A W S රත්නායක ndu ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන් සහභාගී වන ලදී. ප්‍රධාන ආරාධිත අමුත්තා විසින් සම්ප්රධානූකූලව පොල්තෙල් පහන දල්වා ජාතික ගීය සහ සංඥා ගීතය වාදනය කිරීමෙන් අනතුරුව උත්සවයේ ආරම්භය සනිටුහන් කෙරිණි. සංඥා බලකා සේවා වනිතා ශාඛාවේ ගරු සභාපතිණී නාලිනී රත්නායක මහත්මියගේ සහ සංඥා බලකා නිලධාරීන් සහ සෙසුනිලයින්ගේ පවුල්වල සාමාජිකයින් රැසකගේ සහභාගීත්වයෙන් මෙම අවස්ථාව වඩාත් විචිත්‍රවත් විය.
04th March 2023 00:00:00 Hours
මේජර් ජෙනරාල් කේඒඩබිඑස් රත්නායක එන්ඩීයූ ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන් ශ්‍රී ලංකා සංඥා බලකායේ 16 වන බලකාධිපති වශයෙන් 2023.03.04 දින සංඥා රෙජිමේන්තු මධ්‍යස්ථානය, පනාගොඩ හිදි සිය තනතුරෙහි වැඩ භාරගන්නා ලදී.
02nd March 2023 00:00:00 Hours
ශ්‍රීලංකා සංඥා බලකායේ 15 වන බලකාධිපති ලෙස රාජකාරි ඉටුකල මේජර් ජෙනරාල් එච්එම්එල්ඩී හේරත් ආර්එස්පී වීඑස්වී යූඑස්පී පීඑස්සී ජ්‍යෙෂ්ඨ නිලධාරි වසර 35 ක ආදර්ශමත් සේවා කාලයකින් පසුව 2023.03.02 දින යුද්ධ හමුදා සේවයෙන් විශ්‍රාම යන ලදී.
28th January 2023 00:00:00 Hours
සංඥා බලකා ඒකකයන්හි එකම ස්වේච්ඡා සංඥා රෙජිමේන්තුව වන දෙවන (ස්වේච්ඡ) රෙජිමේන්තුව ශ්‍රීලංකා සංඥා බලකාය වෙත සංඥා නිලධාරි සහ බලකාධිපති වශයෙන් රාජකාරි කරනු ලබන මේජර් ජෙනරාල් එච්එම්එල්ඩි හේරත් විඑස්වි ආර්එස්පි යුඑස්පි පිඑස්සි ජ්‍යේෂඨ නිලධාරි තුමන් 2023 ජනවාරි මස 28 වන දින සංචාරය සිදුකරන ලද අතර මෙය එතුමන් ප්‍රධාන සංඥා නිලධාරි සහ සංඥා බලකාධිපති වශයෙන් රාජකාරි භාරගැනීමෙන් පසු පැමිණි පළමු සංචාරය විය.