Header Sinhala

ශ්‍රී ලංකා සංඥා බළකාය

ස්ථීර ක්ෂණික

26th November 2023 08:00:00 Hours

ශ්‍රී ලංකා සංඥා බලකාය විශ්‍රාමික නිලධාරීන් සහ අනෙකුත් නිලයන් අතුරින් එක් පවුලක් සඳහා සත්කාරකත්වය සපයයි.

ශ්‍රී ලංකා සංඥා බලකාය විසින් විශ්‍රාමික නිලධාරීන්, සෙසුනිලයින් සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින් සඳහා සුහද හමුවක් 2023 නොවැම්බර් 25 වන දින පනාගොඩ රෙජිමේන්තු මධ්‍යස්ථාන පරිශ්‍රයේදී සංවිධානය කරන ලදී. ශ්‍රී ලංකා යුධ හමුදාවේ ප්‍රධාන සංඥා නිලධාරි සහ සංඥා බලකාධිපති මේජර් ජෙනරාල් කේ. ඒ. ඩබ්ලිව්. එස් රත්නායක එන්ඩීයූ ජ්‍යෙෂ්ඨ නිලධාරීගේ සංකල්පයක් මත මෙම සුහද හමුව සිදුවිය.

සංඥා සංගමයේ සභාපති සහ විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ නිලධාරින්,නිලධාරින් සහ සෙසු නිලයන් මෙන්ම ඔවුන්ගේ ආදරණීය පවුල්වල සාමාජිකයන් ඇතුළු 238 දෙනෙක් මෙම අවස්ථාව සඳහා සහභාගිවිය. මෙහිදී සංඥා බලකා සරඹ ඛණ්ඩය සහ සංඥා බලකා තූර්‍ය වාදක කණ්ඩායමේ සංදර්ශණයකින් වර්ණවත් කල අතර, එම සුවිශේෂී අවස්ථාවන් සමඟ වැඩසටහන් මාලාව දිගහැරෙන්නට විය. සංඥා බලකායේ නව වර්ධනයන් පිළිබඳ දැනුවත් කිරීමේ වීඩියෝ පටයක් ඔවුන් හමුවේ ප්‍රදර්ශණය කිරීමෙන් පසුව, පේදුරුතුඩුවේ සිට දෙවුන්දර තුඩුව දක්වා පා ගමනින් ගමන් කරමින් සෙරන්ඩිප් ලෝක වාර්තාවක් තැබූ 3 වන සංඥා බලකායට අයත් බලලත් නිලධාරි II කීර්තිරත්න කේ අයි එස් හට ඔහුගේ මෙම විශිෂ්ට දක්ෂතාවය අගයමින් සංඥා සංගමය විසින් රුපියල් 100,000.00 ක ත්‍යාග මුදලක් පිරිනමන ලදී. පසුව, පැමිණි සිට අයවළුන් හට ලුතිනන් කර්නල් ඩී වී බ්‍රෝහියර් අභිප්‍රේරණ මධ්‍යස්ථානය නැරඹීම අවස්ථාව ලබාදුන් අතර, එහිදී ඔවුන් නැවුම් අත්දැකීමක් අත්විඳින ලදී. අනතුරුව විනෝදාස්වාදය සඳහා ක්‍රීඩා පිටියේ විනෝද ක්‍රීඩාවලට සම්බන්ධ වීමට අවස්ථාව උදාවිය. අවසාන වශයෙන්, සංඥා බලකා 'වේව්ස්' අධිරිද්ම සංගීත කණ්ඩායම විසින් ඉදිරිපත් කරන ලද සිත් ඇදගන්නාසුළු සංගීත ප්‍රසංගය සමඟ එක්වෙමින් රසාස්වාදය ලබාගත් පසු සංඥා රෙජිමේන්තු මධ්‍යස්ථාන ශ්‍රවණාගාරයේ සූදානම් කර තිබූ දිවා ආහාරයෙන් පසු වැඩසටහන අවසන් විය. මෙම අවස්ථාව සඳහා ශ්‍රී ලංකා සංඥා බලකායේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් සහ සෙසුනිලයින් ද සහභාගී වූහ.