Header Sinhala

ශ්‍රී ලංකා සංඥා බළකාය

ස්ථීර ක්ෂණික

මුල් පුවත

  • සංඥා බලකා සේවා වනිතා ශාඛාව විසින් අභාවප්‍රාප්ත සැරයන් බණ්ඩාරාගේ පවුල සඳහා නවතමයෙන් ඉදිකරන ලද නිවස පරිත්‍යාග කරයි

    26th November 2019 11:36:09 Hours

    හදිසි අනතුරක් හේතුවෙන් 2018 දෙසැම්බර් 23 වන දින අභාවප්‍රාප්ත වූ සැරයන් බණ්ඩාර සඳහා 2 වන රෙජිමේන්තුව ශ්‍රී ලංකා සංඥා බලකායේ භට පිරිස් විසින් නිවසක් ඉදිකර ඇති අතර මෙම ව්‍යාපෘතියට අනුග්‍රහය දැක්වූයේ ශ්‍රී ලංකා සංඥා බලකායේ සේවා වනිතා ශාඛාව විසිනි. මෙම අවස්ථාවට යුද හමුදා සේවා වනිතා ඒකකයේ සභාපති සුජීවා නෙල්සන් මැත්ණිය ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගී වූයේ සංඥා බලකා සේවා වනිතා ශාඛාවේ සභාපති කේෂිනි හෙට්ටියාරච්චි මැතිණියගේ ආරාධනයෙනි. තවද, මෙම නිවස 2019 නොවැම්බර් මස 1 වන දින ප්‍රධාන ආරාධිත අමුත්තා විසින් චාරිත්‍රානුකූලව අභාවප්‍රාප්ත සැරයන් බණ්ඩාරාගේ බිරිඳ වන එස්.ආර්.එන්. දිල්රුක්ෂි දිසානායක මහත්මියට චාරිත්‍රානුකූලව භාර දෙන ලදී.