Header Sinhala

ශ්‍රී ලංකා සංඥා බළකාය

ස්ථීර ක්ෂණික

26th November 2019 11:36:09 Hours

සංඥා බලකා සේවා වනිතා ශාඛාව විසින් අභාවප්‍රාප්ත සැරයන් බණ්ඩාරාගේ පවුල සඳහා නවතමයෙන් ඉදිකරන ලද නිවස පරිත්‍යාග කරයි

හදිසි අනතුරක් හේතුවෙන් 2018 දෙසැම්බර් 23 වන දින අභාවප්‍රාප්ත වූ සැරයන් බණ්ඩාර සඳහා 2 වන රෙජිමේන්තුව ශ්‍රී ලංකා සංඥා බලකායේ භට පිරිස් විසින් නිවසක් ඉදිකර ඇති අතර මෙම ව්‍යාපෘතියට අනුග්‍රහය දැක්වූයේ ශ්‍රී ලංකා සංඥා බලකායේ සේවා වනිතා ශාඛාව විසිනි. මෙම අවස්ථාවට යුද හමුදා සේවා වනිතා ඒකකයේ සභාපති සුජීවා නෙල්සන් මැත්ණිය ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගී වූයේ සංඥා බලකා සේවා වනිතා ශාඛාවේ සභාපති කේෂිනි හෙට්ටියාරච්චි මැතිණියගේ ආරාධනයෙනි. තවද, මෙම නිවස 2019 නොවැම්බර් මස 1 වන දින ප්‍රධාන ආරාධිත අමුත්තා විසින් චාරිත්‍රානුකූලව අභාවප්‍රාප්ත සැරයන් බණ්ඩාරාගේ බිරිඳ වන එස්.ආර්.එන්. දිල්රුක්ෂි දිසානායක මහත්මියට චාරිත්‍රානුකූලව භාර දෙන ලදී.

2 වන රෙජිමේන්තුව ශ්‍රී ලංකා සංඥා බලකායේ අණදෙන නිලධාරී ලුතිනන් කර්නල් තිස්ස සෝමරත්න ජ්‍යෙෂ්ඨ නිළධාරීතුමන්ගේ අධීක්ෂණය යටතේ ශ්‍රී ලංකා සංඥා බලකායේ ප්‍රධාන සංඥා නිලධාරී සහ සංඥා බලකාධිපති මේජර් ජෙනරාල් නිලන්ත හෙට්ටියාරච්චි ජ්‍යෙෂ්ඨ නිළධාරීතුමන්ගේ උපදෙස් පරිදි මෙම ව්‍යාපෘතිය සංවිධානය කරන ලදී.

ප්‍රධාන සංඥා නිලධාරී සහ සංඥා බලකාධිපති මේජර් ජෙනරාල් නිලන්ත හෙට්ටියාරච්චි, සංඥා බලකා සේවා වනිතා ශාඛාවේ සභාපති කේෂිනි හෙට්ටියාරච්චි, සේවා වනිතා ශාඛාවේ සාමාජිකයින්, බ්‍රිගේඩියර් පාලිත පෙරේරා - ශ්‍රී ලංකා සංඥා බලකා රෙජිමේන්තු මධ්‍යස්ථාන සේනා විධායක, කර්නල් ඉමල් අස්සලආරච්චි - සේනා විධායක සංඥා පුහුණු පාසල, 2 වන රෙජිමේන්තුව ශ්‍රී ලංකා සංඥා බලකායේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් සහ භට පිරිස් මෙම අවස්ථාවට සහභාගී විය.