Header Sinhala

ශ්‍රී ලංකා සංඥා බළකාය

ස්ථීර ක්ෂණික

මුල් පුවත

  • යුද්ධ හමුදා සේවා වනිතා ඒකකය හා සංඥා බලකා සේවා වනිතා ශාඛාව එක්ව අභාවප්‍රාප්ත මාණ්ඩලික සැරයන් දේශප්‍රියගේ බිරිද හා දරුවන් සදහා නවතමයෙන් නිවසක් ඉදිකර පරිත්‍යාග කිරීම

    06th June 2022 17:13:31 Hours

    ශ්‍රී ලංකා යුද්ද හමුදා සේවා වනිතා ඒකකය යටතේ රාජකාරි සිදුකරමින් සිටියදි හදිසි හෘදයාබාදයක් හේතුවෙන් 2021 ජුනි මස 06 වන දින දිවියෙන් සමුගත් පළමු වන ශ්‍රී ලංකා සංඥා බලකායට අයත් සෙ/‍279704 මාණ්ඩලික සැරයන් දේශප්‍රිය ආර්පිඑස්කේ ජ්‍යෙෂ්ඨ කොමිෂන් නොලත් නිලධාරි වෙනුවෙන් ඔහුගේ බිරිද හා දරුවන් වෙත ශ්‍රී ලංකා යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ ශ්‍රී ලංකා සංඥා බලකා සේවා වනිතා ශාඛාවේ පුර්ණ අනුග්‍රහය මත ඉදිකරන ලද නව නිවස ආර්පිඑස්කේ ජ්‍යේෂඨ කොමිෂන් නොලත් නිලධාරියාගේ බිරිද සහ දරුවන් දෙදෙනා හට චිරාගත සම්ප්‍රදායානුකුලව භාරදීම ප්‍රධාන ආරධිතයා වශයෙන් සපැමිණි සජීවනි පීරිස් මැතිණිය විසින් සිදුකරන ලදි.

  • ප්‍රධාන සංඥා නිලධාරි සහ සංඥා බලකාධිපතිතුමාගේ 9 ශ්‍රීලංසංබ අවසන් ඒකක සංචාරය

    05th June 2022 11:47:40 Hours

    නුදුරේදි විශ්‍රාම යාමට නියමිත ප්‍රධාන සංඥා නිලධාරි සහ සංඥා බලකාධිපති මේජර් ජෙනරාල් පීඒජේ පීරිස් එන්ඩියු යන ජ්‍යෙෂ්ඨ නිලධාරි විසින් 2022 මැයි 29 වන දින කිලිනොච්චියේ පිහිටි 9 වන රෙජිමේන්තුව ශ්‍රී ලංකා සංඥා බලකායේ අවසන් සංචාරය සිදුකරන ලදි.

  • නික්මයන ප්‍රධාන සංඥා නිලධාරි සහ සංඥා බළකාධිපති තුමන් 6 වන රෙජිමේන්තු ශ්‍රී ලංකා සංඥා බලකාය (තොතා) වෙත ඔහුගේ අවසන් සංචාරය සිදු කිරීම

    28th May 2022 15:04:35 Hours

    නුදුරේදී යුද්ධ හමුදාවෙන් විශ්‍රාම ලබා යාමට නියමිත ප්‍රධාන සංඥා නිලධාරි / සංඥා බළකාධිපති මේජර් ජෙනරාල් පීඒජේ පීරිස් එන්ඩියු ජ්‍යෙෂ්ඨ නිළධාරි තුමන්ගේ අවසන් නිළ සංචාරය 2022.05.28 දින 6 වන රෙජිමේන්තුව ශ්‍රී ලංකා සංඥා බළකාය - යාපනය වෙත සිදුකරන ලදී. ඒකක අණදෙන නිළධාරි තුමන් වන ලුතිනන් කර්නල් ඩබ්පීඩීඑන් අබේරත්න විසින් එතුමන් මහත් හරසරින් යුතුව පිළිගැනීමෙන් අනතුරුව මෙම ජ්‍යෙෂ්ඨ නිළධාරි තුමන් හට ඒකකය වෙතින් අලංකාරවත් සම්මාන මුරයක් පිරිනමන ලදි. එතුමන්‍ විසින් සංචාරය සනිටුහන් කිරීම සදහා කදවුරු භූමියේ පැලයක් රෝපණය කළ තත් ජ්‍යෙෂ්ඨ නිළධාරි ඉන් අනතුරුව ඒකකයේ භඨ පිරිස් ඇමතීමක්ද සිදුකරන ලදි. භඨ පිරිස් ඇමතීමෙන් අනතුරුව එතුමන් විසින් ඉටුකල අනගිභවනීය සේවය අගයනු වස් අණදෙන නිළධාරි තුමන් විසින් එතුමන් හට සමරු තිළිණයක් ප්‍රධානය කිරීමට කටයුතු කලෙමි. පසුව එතුමන් හා ඒකකයේ නිලධාරී/සෙසුනිලයින් එක්ව සුහද පිළිසදරක යෙදෙමින් තේ පැන් සංග්‍රහයක් භුක්ති විදින ලදී.

  • ත්‍රිවිධ හමුදා මාන්ඩලික ප්‍රධානී හා යුද්ධ හමුදාධිපති තුමන් විසින් ශ්‍රී ලංකා සංඥා බලකා නිළධාරී නිවස්නයෙහි නව “CYLLENI CAVE” ගොඩනැගිල්ල විවෘත කිරීම

    27th May 2022 20:44:36 Hours

    ශ්‍රී ලංකා සංඥා බලකා රෙජිමේන්තු මධ්‍යස්ථානයේ අභිනවයෙන් ඉදිකරනු ලැබූ මහල් දෙකකින් සමන්විත ‘Cyllene Cave’ නිලධාරි නිවස්නය මැයි 26 වන දින පස්වරුවේ ශ්‍රී ලංකා සංඥා බලකායේ නිලධාරින්ගේ පරිහරනය සඳහා විවෘතකර භාරදෙනු ලැබීය. මෙම උත්සවය සඳහා ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා සහභාගී විය.

  • අන්තර් රෙජිමේන්තු කැරම් තරගාවලිය - 2022

    29th March 2022 16:36:14 Hours

    2022 අන්තර් රෙජිමේන්තු කැරම් තරගාවලිය මාර්තු 21,22,23 සහ 24 යන දිනයන්හී රෙම ශ්‍රීලංසංබ ප්‍රධාන දේශණ ශාලවෙහි පැවැත්වූ අතර ත්‍යාග ප්‍රදාන උත්සවය මාර්තු 25 දින පනාගොඩ පිහිටි යුද්ධ හමුදා ගෘහස්ථ ක්‍රීඩාගාරයෙහි උත්කර්ශවත් අන්දමින් පවත්වන ලදි. මෙහිදි එම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස යුද්ධ හමුදා ප්‍රධාන සංඥා නිලධාරි, සංඥා බළකාධිපති මෙන්ම යුද්ධ හමුදා කැරම් කමිටු සභාපති මේජර් ජෙනරල් පීඒජේ පීරිස් එන්ඩීයූ ජ්‍යෙෂ්ඨ නිලධාරී තුමා සහභාගි විය.

  • මර්කරි විසිතුරු මල් පැල වෙළද සැල විවෘත කිරීම

    12th March 2022 21:18:09 Hours

    සංඥා බලකාය යටතේ රාජකාරි කර මියගිය/ආබාධිත තත්වයට පත් රණවිරුවන්ගේ සහ දැනට සේවයේ නියුතු නිලධාරි/සෙසුනිලයින්ගේ සුභසාධන කටයුතු සිදුකිරීම සදහා අවැසි මුදල් උපයාගැනීම වෙනුවෙන් සංඥා බලකා සේවා වනිතා ශාඛාව මගින් අසේමු (බටහිර) හබරකඩ පිවිසුම් දොරටුව ආසන්නයේ ස්ථාපිත කරන ලද “මර්කරි විසිතුරු මල් පැල වෙළද සැල” 2022.03.12 දින සංඥා බලකා සේවා වනිතා ශාඛාවේ ගරු සභාපතිනිය සජීවනි පීරිස් මැතිණියගේ ප්‍රධානත්වයෙන් සහ අනෙකුත් ජ්‍යෙෂ්ඨ නිලධාරි සහ සංඥා බලකාධිපති මේජර් ජෙනරාල් පිඒජේ පීරිස් එන්ඩියු ජ්‍යෙෂ්ඨ නිලධාරිද සහභාගි වන ලදි.

  • අලුතින් ඉදිකරන ලද නිවසක් සංඥා සෙබලෙකු වෙත පරිත්‍යාග කිරීම

    10th March 2022 19:44:31 Hours

    ශ්‍රී ලංකා සංඥා බලකායේ බලකාධිපති සහ ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ ප්‍රධාන සංඥා නිලධාරි සහ සේවා වනිතා ශාඛාවේ සභාපතිනිය සජීවනී පීරිස් මැතිණියගේ උපදෙස් හා මගපෙන්වීම මත, 4 වන රෙජිමේන්තු ශ්‍රී ලංකා සංඥා බලකායේ හිටපු අණදෙන නිළධාරී වන ලුතිනන් කර්නල් එම්ඒඩීඑස් මුතුගල යුඑස්පි සහ වත්මන් අණදෙන නිලධාරි මේජර් ආර්ඩීආර්එම් ප්‍රනාන්දු ආර්එස්පි යුඑස්පි පිඑස්සි යන ජ්‍යෙෂ්ඨ නිලධාරින් විසින් අනුරාධපුර දිස්ත්‍රීක්කයේ නොචිචියාගම පදිංචි සංඥා බලකායට අයත් සෙ/283373 ලා/කෝ වීරසුරිය ජේඒඩබ්ලිව් යන කොනොනිගේ ජීවන තත්වය නංවාලීමේ අරමුණින් අලුතින් ඉදිකරන ලද නිවස 2022 මාර්තු 10 වැනි දින බෞද්ධ ආගමික වතාවත් සිදුකරමින් සුභ මොහොතින් පරිත්‍යාග කරන ලදී.

  • තොරතුරු සන්නිවේදන තාක්‍ෂණ ඩිප්ලෝමා පාඨමාලාවේ සමාරම්භක උත්සවය

    09th February 2022 14:07:25 Hours

    සංඥා පාසල මගින් දැනට පවත්වන පාඨමාලා විෂය මාලාව සමාලෝචනය කරමින් ‘ශ්‍රී ලංකා යුද්ධ හමුදා ඉදිරි උපාය මාර්ගික සැලැස්ම 2020 – 2025’ට අනුකුලව ජාතික වෘත්තිය පුහුණු සුදුසුතා පස්වන මට්ටමින් යුත් තොරතුරු සන්නිවේදන තාක්‍ෂණ ඩිප්ලෝමාවක් තෘතීයික හා වෘත්තිය අධ්‍යාපන කොමිෂන් සභාව සමග සහයෝගිතාවයෙන් හඳුන්වාදීම සිදුකරන ලදි. යුද්ධ හමුදා පුහුණු අණසක සහ යුද්ධ හමුදා පුහුණු අධ්‍යක්‍ෂක මණ්ඩලයේ පුර්ණ අනුමැතිය මත ආරම්භ කරන ලද ප්‍රථම තොරතුරු සන්නිවේදන තාක්‍ෂණ ඩිප්ලෝමා පාඨමාලාවේ සමාරම්භක උළෙල 2022 පෙබරවාරි මස 07 වන දින සංඥා පුහුණු පාසලේදී පවත්වන ලදි.

  • සංඥා බලකා සේවා වනිතා ශාඛාව විසින් අභාවප්‍රාප්ත සැරයන් බණ්ඩාරාගේ පවුල සඳහා නවතමයෙන් ඉදිකරන ලද නිවස පරිත්‍යාග කරයි

    26th November 2019 11:36:09 Hours

    හදිසි අනතුරක් හේතුවෙන් 2018 දෙසැම්බර් 23 වන දින අභාවප්‍රාප්ත වූ සැරයන් බණ්ඩාර සඳහා 2 වන රෙජිමේන්තුව ශ්‍රී ලංකා සංඥා බලකායේ භට පිරිස් විසින් නිවසක් ඉදිකර ඇති අතර මෙම ව්‍යාපෘතියට අනුග්‍රහය දැක්වූයේ ශ්‍රී ලංකා සංඥා බලකායේ සේවා වනිතා ශාඛාව විසිනි. මෙම අවස්ථාවට යුද හමුදා සේවා වනිතා ඒකකයේ සභාපති සුජීවා නෙල්සන් මැත්ණිය ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගී වූයේ සංඥා බලකා සේවා වනිතා ශාඛාවේ සභාපති කේෂිනි හෙට්ටියාරච්චි මැතිණියගේ ආරාධනයෙනි. තවද, මෙම නිවස 2019 නොවැම්බර් මස 1 වන දින ප්‍රධාන ආරාධිත අමුත්තා විසින් චාරිත්‍රානුකූලව අභාවප්‍රාප්ත සැරයන් බණ්ඩාරාගේ බිරිඳ වන එස්.ආර්.එන්. දිල්රුක්ෂි දිසානායක මහත්මියට චාරිත්‍රානුකූලව භාර දෙන ලදී.