Header Sinhala

ශ්‍රී ලංකා සංඥා බළකාය

ස්ථීර ක්ෂණික

21st April 2023 00:00:00 Hours

සංඥා බලකාය අළුත් අවුරුදු උත්සවය සමරයි

2023 අළුත් අවුරුදු උත්සවය සංඥා බළකායේ නිලධාරීන් සහ සෙසු නිලයින්ගේ සහභාගීත්වයෙන් 2023 අප්‍රේල් මස 21 වැනි සිකුරාදා දින පනාගොඩ සංඥා රෙජිමේන්තු මධ්‍යස්ථාන ක්‍රීඩා පිටියේදී පවත්වන ලදී. මෙම උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ ප්‍රධාන සංඥා නිලධාරි සහ සංඥා බලකායේ බලකාධිපති මේජර් ජෙනරාල් K A W S රත්නායක ndu ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන් සහභාගී වන ලදී. ප්‍රධාන ආරාධිත අමුත්තා විසින් සම්ප්‍රධානූකූලව පොල්තෙල් පහන දල්වා ජාතික ගීය සහ සංඥා ගීතය වාදනය කිරීමෙන් අනතුරුව උත්සවයේ ආරම්භය සනිටුහන් කෙරිණි. සංඥා බලකා සේවා වනිතා ශාඛාවේ ගරු සභාපතිණී නාලිනී රත්නායක මහත්මියගේ සහ සංඥා බලකා නිලධාරීන් සහ සෙසුනිලයින්ගේ පවුල්වල සාමාජිකයින් රැසකගේ සහභාගීත්වයෙන් මෙම අවස්ථාව වඩාත් විචිත්‍රවත් විය.

සහභාගී වූ සියලුම දෙනාගේ හදවත් සහ මනස ආකර්ෂණය කරගත් ගම හරහා දිවීම, සැඟවුණු අමුත්තා සෙවීම, කොට්ටි පොර තරඟ, කඹ ඇදීමේ තරඟ, සංගීත පුටු තරඟ, සෙමින් ධාවන පැදි පැදීමේ තරඟය, විකට ඇඳුම් තරඟය, අවුරුදු කුමරා සහ කුමරිය තේරීම වැනි සාම්ප්‍රදායක ක්‍රීඩා සහ තරඟ රැසක් ඇතුලත් විය. එසේම, කුඩා ළමුන් වෙනුවෙන් බනිස් කෑම, අලියට ඇස තැබීම, බැලූන් පිපිරවීම වැනි තරඟ කිහිපයක්ද පැවැත්වු අතර, සහභාගි වූ සියලුම දරුවන් වෙනුවෙන් වටිනා ත්‍යාග ප්‍රධානය කිරීමට සංවිධායක කමිටුව විසින් කටයුතු කරන ලදී. තවද, සංඥා බලකායේ රාජකාරි නියුතු සිවිල් සේවක මහතුන් වෙනුවෙන්ද තරඟ පවත්වන ලද අතර, ඔවුන් හටද වටිනා ත්‍යාග ප්‍රධානය කරන ලදී.