Header Sinhala

ශ්‍රී ලංකා සංඥා බළකාය

ස්ථීර ක්ෂණික

11th November 2023 08:00:00 Hours

බොහෝ අවශ්‍යතා සහිත ජ්‍යෙෂ්ඨ කොමිෂන් නොලත් නිලධාරියෙකුට නව බලාපොරොත්තුවක් සමග නිවාස පරිත්‍යාගයක්

යුද්ධ හමුදාධිපතිතුමාගේ සංකල්පයක් මත ක්‍රියාත්මක නිවාස ඉදිකිරීමේ ව්‍යාපෘතිය 8 වන අදියර යටතේ ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ ප්‍රධාන සංඥා නිලධාරි සහ ශ්‍රී ලංකා සංඥා බලකාධිපති තුමාගේ උපදෙස් පරිදි සියළු සංඥා ඒකක මූල්‍යමය දායකත්වය යටතේ 1 වන සංඥා බලකා භඨපිරිස් හි ශ්‍රම දායකත්වය ඇතිව එහි අණදෙන නිලධාරීගේ අධීක්ෂණය යටතේ ඉදිකරන ලද මෙම නව නිවස 2023 නොවැම්බර් මස 10 දින (සිකුරාදා) තත් ජ්‍යෙෂ්ඨ කොමිෂන් නොලත් නිලධාරි වෙත භාරදීමට කටයුතු කර ඇති අතර, මේ සඳහා රුපියල් මිලියන 1.5 ක වියදමක් දරා ඇත. ඒ අනුව, යුද්ධ හමුදාවෙන් රුපියල් 1,200,000.00 ක් සහ සියලු සංඥා ඒකක වෙතින් රුපියල් 300,000.00 ක මූල්‍යමය පරිත්‍යාග සහිතව ඉදිකිරීම් කටයුතු අවසන් කර ඇත.

මහා සංඝරත්නයේ ආශිර්වාද මධ්‍යයේ, පොල්තෙල් පහන දැල්වීම සහ කිරි ඉතිරීම වැනි සම්ප්‍රදායික චාරිත්‍ර වාරිත්‍රවලට මුල්තැන දෙමින් උත්සවයේ කටයුතු ආරම්භ කල අතර, මෙම අවස්ථාවේදී ප්‍රධාන ආරාධිතයා ලෙස ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ ප්‍රධාන සංඥා නිලධාරී සහ සංඥා බලකාධිපති මේජර් ජෙනරාල් කේ. ඒ. ඩබ්ලිව්. එස් රත්නායක එන්ඩීයූ ජ්‍යෙෂ්ඨ නිලධාරී සහභාගී වූ අතර, ඔහු විසින් නිවසේ යතුර සංකේතාත්මකව මාණ්ඩලික සැරයන් කෝනාර කේ එම් එස් සී සහ ඔහුගේ පවුලේ අය වෙත භාරදෙන ලදී.

මෙම අවස්ථාව සඳහා රෙජිමේන්තු මධ්‍යස්ථාන සේනාවිධායක බ්‍රිගේඩියර් ඒ. කේ. ඩී. අධිකාරි යූඑස්පී, ප්‍රධාන සංඥා නිලධාරි කාර්යාලයේ (බ්‍රිගේඩියර් සම්බන්ධීකරණ) ලෙස කටයුතු කරනු ලබන බ්‍රිගේඩියර් එස්. ජේ. කේ. ඩී. ජයවර්ධන යූඑස්පී පීඑස්සී, සංඥා පුහුණු පාසලෙහි සේනාවිධායක කර්නල් එම්. ඒ. කේ ජයවර්ධන පීඑස්සී, 1 වන ශ්‍රී ලංකා සංඥා බලකායෙහි අණදෙන නිලධාරී මේජර් ජී. ටී. කේ ද සිල්වා ආර්එස්පී යූඑස්පී එල්එස්සී, ජ්‍යෙෂ්ඨ නිලධාරී ඇතුළු නිලධාරීන් පිරිසක් සහ 1 වන ශ්‍රී ලංකා සංඥා බලකායේ රෙජිමේන්තු සැරයන් මේජර් සහ සෙසුනිලයින් රැසක්ද සහභාගී විය.