Header Sinhala

ශ්‍රී ලංකා සංඥා බළකාය

ස්ථීර ක්ෂණික

05th January 2024 13:36:56 Hours

ශ්‍රී ලංකා සංඥා බලකායේ 17 වන බලකාධීපති වැඩ භාරගනී

ශ්‍රී ලංකා සංඥා බලකායේ 17 වන බලකාධීපති ලෙස මේජර් ජෙනරාල් අයිඑච්එම්ආර්කේ හේරත් යුඑස්පි එන්ඩීසී පිඑස්සී ජ්‍යෙෂ්ඨ නිලධාරි 2024 ජනවාරි 04 වන දින සංඥා රෙජිමේන්තු මධ්‍යස්ථානයේදී වැඩ භාර ගන්නා ලදී. තත් ජ්‍යෙෂ්ඨ නිලධාරී වැඩ භාර ගැනීම වෙනුවෙන් සංවිධානය කරන ලද වැඩසටහනට අනුව කඳවුර වෙත පිවිසීමෙන් අනතුරුව මධ්‍යස්ථාන සේනාවිධායක බ්‍රිගේඩියර් එස්ජේකේඩී ජයවර්ධන යුඑස්පී ජ්‍යෙෂ්ඨ නිලධාරි විසින් ළිගැනීමෙන් පසු කඳවුරු මුරය පවත්වා වැඩසටහන ආරම්භ කරන ලදී. පසුව රෙජිමේන්තු රණවිරු ස්මාරකය අභියසදී මියගිය රණවිරුවන්ට පුෂ්පෝපහාර දැක්වූ අතර, ඉන් අනතුරුව යුධ හමුදා සාම්ප්‍රදායන්ට අනුකූලව මෙම ජ්‍යෙෂ්ඨ නිලධාරී වෙනුවෙන් අලංකාරවත් සම්මාන පෙළපාලියක් පිරිනමන ලදී. සම්මාන පෙළපාලිය නිමාවෙන් පසු සමූහ ඡායාරූපයක් සඳහා පෙනී සිටීමෙන් අනතුරුව තත් ජ්‍යෙෂ්ඨ නිලධාරි රෙජිමේන්තු මධ්‍යස්ථාන බලකාධිපති කාර්යාලයේ දි අගමික වතාවත් සිදු කිරිමෙන් පසු අගමික වතාවත් මධ්‍යයේ සිය ධුරයේ වැඩ ආරම්භ කරන ලදී. පසුව, රෙජිමේන්තු මධ්‍යස්ථාන ශ්‍රවණාගාරයෙහි දි සියළු නිලධාරි/සෙසුනිලයින් අමතමින් තම තනතුරේ රාජකාරි ස්වභාවය සඳහන් කරමින්, කැපවීමෙන් සහ උසස් විනයකින් යුතුව නිසි කාලසීමාවන් තුල තම රාජකාරීන් ඉටු කිරීමට සියළු දෙනා කටයුතු කරන ලෙස අවධාරණය කරන ලදි. ඉන් පසුව, බලකාධිපති තනතුර භාරගැනිම සනිටුහන් කරමින් පැළයක් ද රෝපණය කරන ලදී. පැල රෝපණයෙන් පසු රෙජිමේන්තු මධ්‍යස්ථාන කොනොනි සාමජ ශාලාවේදි පවත්වන ලද තේ පැන් සංග්‍රහය සඳහා සහභාගිවී රැස්ව සිටි පිරිස සමග සුහද කථාබහක නිරත විය. එදින තත් විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ නිලධාරී වෙනුවෙන් රෙජිමේන්තු මධ්‍යස්ථාන නිලධාරී නිවස්නයේදී සියලුම ජ්‍යෙෂ්ඨ නිලධාරි සහ නිලධාරීන් විසින් පවත්වනු ලැබූ සාම්ප්‍රදායක දීවා භෝජනය සඳහා සහභාගිවන ලදි. වැඩසටහනේ සමාප්තිය සනිටුහන් කරමින් ඒකක අණදෙන නිලධාරින් සමඟ ඒකක වල ක්‍රියා පිළිවෙත පිළිබඳ කරුණු විමසමින් සකාච්ඡාව පැවැත්විය. තවද, තත් ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ උපන්දිනය ද එදිනට යෙදී තිබිම මගින් එදින සුවිශේෂි දිනයක් බවට පත්විය.