Header Sinhala

ශ්‍රී ලංකා සංඥා බළකාය

ස්ථීර ක්ෂණික

26th October 2023 00:00:00 Hours

රෙජිමේන්තු මධ්‍යස්ථානයේදී පැවති ශ්‍රී ලංකා සංඥා බලකා 80 වන සංවත්සරය සහ විශ්ව ළමා දිනයට සමගාමීව සංඥා බලකා සේවාවනිතා ශාඛාව මගින් පාසල් ළමුන් සඳහා පොත් බෙදා දීමේ වැඩසටහන සහ තක්සලාව වෙබ් සහ ජංගම යෙදුම නිල වශයෙන් එළිදැක්වීම

ලෝක ළමා දිනයට සහ සංඥා බලකා 80 වැනි සංවත්සරයට සමගාමීව ශ්‍රී ලංකා සංඥා බලකායේ සියලුම නිලයන් ආවරණය වන පරිදි පාසල් සිසුන් 2,700 කට ආසන්න සංඛ්‍යාවක් සහ සංඥා බලකාය සමඟ සේවය කරන සිවිල් සේවක මහත්ම මහත්මීන්ගේ දූදරුවන් සඳහා පොත් බෙදා දීමේ වැඩසටහනක් 2023 ඔක්තෝබර් 26 දින සංඥා රෙජිමේන්තු ශ්‍රවණාගාරයේදී පැවැත්විණි. මෙම උත්සවයේ අරමුණ වූයේ පාසල් අධ්‍යාපන අවශ්‍යතා සඳහා උපකාර කිරීම සහ ලිපි ද්‍රව්‍ය /පාසල් උපකරණ සිසුන් අතර බෙදා දිමයි.ඒ අනුව දු දරුවන් 112 දෙනෙකු සඳහා පොත්පත් සහ අවශ්‍ය පාසල් උපකරණ බෙදා දීමට කටයුතු කරන ලදී. එහිදී 1 ශ්‍රේණියේ සිට 12 ශ්‍රේණිය දක්වා ඉගෙනුම ලබන දරුවන්ගේ නිශ්චිත අවශ්‍යතා හඳුනා ගැනීමෙන් අනතුරුව පොත් පත් සහ පාසල් උපකරණ ලබා දීමට කටයුතු කරනු ලැබු අතර, සංඥා බලකායේ බලකාධිපති සහ සංඥා සේවා වනිතා ශාඛාවේ සභාපති නාලනී රත්නායක මහත්මියගේ ආරාධනයෙන් යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ ගරු සභාපතිනී ජානකී ලියනගේ මහත්මිය ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මෙම අවස්ථාවට සහභාගී විය. මෙහිදී සංඥා බළකායේ සියලු ඒකක ආවරණය වන පරිදි ඒකක නියෝජිතයින්ගේ පාසල් දරුවන් සඳහා පොත්පත් බෙදාදීම සංකේතාත්මකව සලකුණු කරමින් සහතිකපත් ප්‍රධානය කෙරිණි. එපමණක් නොව, 3 ශ්‍රිලංසංබ ඒකකයට අයත් 1999 වර්ෂයේදී මන්නාරම ප්‍රදේශයේ ක්‍රියාන්වි රාජකාරියේ යෙදී සිටියදී ඝාතනයට ලක් වූ සෙ/275142 සැරයන් කුමාරසිංහ එච්ඩිඑස් යන ජ්‍යෙකොනොනිගේ ආදරණීය දියණිය හට විශ්ව විද්‍යාල අධ්‍යාපන කටයුතු සිදුකිරීම සදහා රුපියල් 10,000/= ක ශිෂ්‍යත්වයක් ප්‍රදානය කරන ලද අතර, ඇය පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ තුන්වන වසරේ ඉගෙනුම ලබන වෛද්‍ය ශිෂ්‍යාවකි. ඊට අමතරව 5 වසර ශිෂ්‍යත්ව විභාගය සමත් පාසල් සිසුන් තිදෙනෙක් සඳහා ද අධ්‍යාපන කටයුතු සාර්ථක කරගැනීම සදහා ලිපි ද්‍රව්‍ය සහ පාසල් උපකරණ ලබා දීමට කටයුතු කරන ලදී. මෙම සමස්ත ව්‍යාපෘතිය සඳහා දළ වශයෙන් රුපියල් මිලියන 9 ක පමණ මුදලක් මූල්‍යමය වශයෙන් ඇස්තමේන්තු කර ඇති අතර PrintXcel (Pvt) Ltd, Atlas Axillia Co. (Pvt) Ltd යන ආයතන සංඥා බලකාය වෙත සුභ පැතුම් එක්කරමින් ඔවුන්ගේ නොමසුරු සහයෝගය ලබා දෙන ලදී. ඊට අමතරව තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂක මණ්ඩලය විසින් නිර්මාණය කරන ලද දේශීය මෘදුකාංගයක් වන ‘තක්සලාව’ අධ්‍යාපනික වෙබ් සහ ජංගම යෙදුම නිල වශයෙන් එළිදැක්වීම සිදුකරන ලද අතර, එමගින් සියලුම ශ්‍රේණි ආවරණය වන පරිදි ඉංග්‍රිසි භාෂාව පිළිබද විද්‍යුත් මාදිලියේ ඉගෙනුම් සහ අධ්‍යාපන මූලාශ්‍රවල සියලුම මට්ටම් වෙත පහසු ප්‍රවේශයක් ලබා දීම සිදුකරයි. යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ ගරු සභාපතිනි ජානකී ලියනගේ මහත්මිය විසින් සංකේතාත්මක අත්සන් කිරීමත් සමඟ වෙබ් අයදුම්පත ග්‍රාහකයින් වෙත ලබා දෙන ලදී. ශ්‍රී ලංකා යුද හමුදාවේ ප්‍රධාන සංඥා නිලධාරි සහ ශ්‍රී ලංකා සංඥා බලකායේ බලකාධීපති, මේජර් ජෙනරාල් කේඑස් රත්නායක එන්ඩියු, දිලූපා පීරිස් මහත්මිය ව්‍යාපෘති සම්බන්ධීකරන යුද්ධ හමුදා සේවා වනිතා ඒකකය, ෂම්මි ජයවර්ධන මහත්මිය - ශ්‍රී ලංකා ඉන්ජිනේරු සේවාවනිතා ශඛා සභාපතිනිය, සමංකා ප්‍රනාන්දු මහත්මිය - සභාපති ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බලකා සේවා වනිතා සභාපතිනි සහ ශ්‍රී ලංකා සංඥා බලකා සේවා වනිතා සාමාජික සාමාජිකාවන් මෙම අවස්ථාව සදහා සහභාගී වු අතර, printxcel (pvt) ltd ආයතනයෙහි ප්‍රධාන විධායක නිලධාරී ශනිල් සෙනරත් මහතා ද අනුග්‍රාහකයන් වශයෙන් මෙම අවස්ථාවට සහභාගී විය.