Header Sinhala

ශ්‍රී ලංකා සංඥා බළකාය

ස්ථීර ක්ෂණික

01st January 2024 13:42:37 Hours

ශ්‍රී ලංකා සංඥා බලකායේ ප්‍රධාන සංඥා නිලධාරි මේජර් ජෙනරාල් කේ. ඒ. ඩබ්ලිව්. එස් රත්නායක එන්ඩීයු ජ්‍යෙෂ්ඨ නිලධාරි හට හමුදා ආචාරය

ශ්‍රී ලංකා යුද්ධ හමුදා ප්‍රධාන සංඥා නිලධාරී සහ සංඥා බලකාධිපති වශයෙන් රාජකාරී කරන ලද මේජර් ජෙනරාල් කේ. ඒ. ඩබ්ලිව්. එස් රත්නායක එන්ඩීයූ ජ්‍යෙෂ්ඨ නිලධාරීතුමන් වසර 35 කට වැඩි කීර්තිමත් සේවාවක් ඉටුකිරීමෙන් අනතුරුව 2023 දෙසැම්බර් මස 31 වන ඉරිදා දින ශ්‍රීලංකා යුද්ධ හමුදා සේවයෙන් විශ්‍රාම ගන්නා ලදී. තත් ජ්‍යෙෂ්ඨ නිලධාරී විශ්‍රාම යාම වෙනුවෙන් සංවිධානය කරන ලද වැඩසටහනට අනුව යතුරු පැදි ආරක්‍ෂක මුර සමගින් කඳවුර වෙත පිවිසීමෙන් පසු මධ්‍යස්ථාන සේනාවිධායක විසින් පිළිගැනීමෙන් අනතුරුව කඳවුරු මුරය පවත්වා වැඩසටහන ආරම්භ කරන ලදී.පසුව රෙජිමේන්තු රණවිරු ස්මාරකය අභියසදී මියගිය රණවිරුවන්ට පුෂ්පෝපහාර දැක්වීමෙන් පසු යුධ හමුදා සාම්ප්‍රදායන්ට අනුකූලව මෙම ජ්‍යෙෂ්ඨ නිලධාරී වෙනුවෙන් අලංකාරවත් සම්මාන පෙළපාලියක් පිරිනමන ලදී. සම්මාන පෙළපාලිය නිමාවෙන් පසු සමූහ ඡායාරූපයක් සඳහා පෙනී සිටීමෙන් අනතුරුව රෙජිමේන්තු මධ්‍යස්ථාන බනි සැරයන් නිවස්නයේදි පවත්වන ලද තේ පැන් සංග්‍රහය සඳහා සහභාගිවී රැස්ව සිටි පිරිස සමග සුහද කථාබහක නිරත විය. පසුව රෙජිමේන්තු මධ්‍යස්ථාන ශ්‍රවණාගාරයෙහිදි සියළු නිල දිවා භෝජන සංග්‍රහයට සහභාගී වු අතර, තත් ජ්‍යෙෂ්ඨ නිලධාරි රෙජිමේන්තු මධ්‍යස්ථාන කාර්යාලයේදී බලකාධිපති යෂ්ඨිය නව බලකාධිපති තුමන් වන මේජර් ජෙනරාල් අයිඑච්එම්ආර්කේ හේරත් යූඑස්පී එන්ඩීසී පීඑස්සී ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන් වෙත සංකේතාත්මකව භාර දී සමරු සටහනක් තැබීමට කටයුතු කලේය.පසුව තත් ජ්‍යෙෂ්ඨ නිලධාරී තුමන් බලකාධිපතිතුමන්ගේ කාර්යාලයේ සිට කඳවුරු පරිශ්‍රයෙන් නික්ම යාම සඳහා පිටත් වූ අතර, එහිදී සියළු නිලයින් විසින් විශ්‍රාම යනු ලබන මෙම ජ්‍යෙෂ්ඨ නිලධාරීතුමන් හට වීධි පෙල සාදා තම අවසන් ආචාරය පුද කිරීමෙන් පසුව රෙජිමේන්තු මධ්‍යස්ථාන පරිශ්‍රයෙන් නික්ම යන ලදී.අවසාන වශයෙන් එදින තත් විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ නිලධාරී වෙනුවෙන් රෙජිමේන්තු මධ්‍යස්ථාන නිලධාරී නිවස්නයේදී සියලුම ජ්‍යෙෂ්ඨ නිලධාරි සහ නිලධාරීන් විසින් පවත්වනු ලැබූ සාම්ප්‍රදායක රාත්‍රී භෝජන සංග්‍රහයෙන් පසු වැඩසටහනේ සමාප්තිය සිදුකරන ලදී.