Header Sinhala

ශ්‍රී ලංකා සංඥා බළකාය

ස්ථීර ක්ෂණික

16th October 2023 08:00:00 Hours

විශ්‍රාමික සංඥා සංගමය සඳහා නව කාර්යාලයක්

ඉතා අත්‍යවශ්‍ය අවශ්‍යතාවයක්ව පැවති විශ්‍රාමික සංඥා සංගමයේ නව කාර්යාලය 2023 ඔක්තෝම්බර් මස 15 දින පනාගොඩ රෙජිමේන්තු මධ්‍යස්ථාන පරිශ්‍රයේ දී සංඥා බලකායේ ජ්‍යෙෂ්ඨතම විශ්‍රාමික සංඥා නිලධාරි වන බ්‍රිගේඩියර් එෆ් සී ජේ ද සිල්වා (විශ්‍රාමික) යූඑස්පී ජ්‍යෙෂ්ඨ නිලධාරි විසින් විවෘත කරන ලදී. ශ්‍රී ලංකා සංඥා බලකායේ 80 වන සංවත්සර උත්සවයට සමගාමීව මෙම විවෘත කිරීමේ උත්සවය පැවැත්විණු අතර, එම අවස්ථාව සඳහා ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ ප්‍රධාන සංඥා නිලධාරී සහ සංඥා බලකාධිපති මේජර් ජෙනරාල් කේ. ඒ. ඩබ්ලිව්. එස් රත්නායක එන්ඩීයූ සහ විශ්‍රාමික සංඥා සංගමයේ ගරු සභාපති මේජර් ජෙනරාල් කේ ආර් පී රොවෙල් (විශ්‍රාමික) ආර්ඩබ්ලිව්පී වීඑස්වී යූඑස්පී යූඑස්ඒසීජීඑස්සී ඇතුළු විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ නිලධාරීන්/නිලධාරීන් සහ සෙසුනිලයින් මෙම උත්සව අවස්ථාව සඳහා සහභාගී විය.