ශ්‍රී ලංකා සංඥා බලකායේ සේවා වනිතා ශාඛාව විසින් සංවිධානය කරන ලද පොසොන් දින සව් දන්සල
ශ්‍රී ලංකා සංඥා බලකායේ සේවා වනිතා ශාඛාව විසින් සංවිධානය කරන ලද පොසොන් දින සව් දන්සල පොසොන් පුර පසළොස්වක පොහොය දිනය නිමිත්තෙන් පනාගොඩ යුද හමුදා බෝධිරාජාරාම විහාරස්ථාන පරිශ්‍රය අසල දන්සැලක් සංවිධානය කරන ලදී.
මෙම දන්සැල 2022 ජුනි 14 වන දින ශ්‍රී ලංකා සංඥා බලකායේ ප්‍රධාන සංඥා නිලධාරි සහ සේනාවිධායක මේජර් ජෙනරාල් එච්එම්එල්ඩී හේරත් ආර්එස්පී යූඑස්පී පීඑස්සී, ශ්‍රී ලංකා සංඥා බලකායේ සේවා වනිතා ශාඛාවේ නව සභාපතිනි ශෂිකා හේරත් මහත්මිය සහ අනෙකුත් ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ගේ සහභාගීත්වයෙන් පැවැත්විණි..