Header Sinhala

ශ්‍රී ලංකා සංඥා බළකාය

ස්ථීර ක්ෂණික

26th April 2025 10:40:33 Hours

10 වන රෙජිමේන්තුව ශ්‍රීලංකා සංඥා බලකාය 10 වන සංවත්සරය සමරයි

2025 අප්‍රේල් මස 24 වන දිනට මෙම ඒකකයේ අභිමානවත් 10 වන සංවත්සරය යෙදී තිබුණ අතර මෙවරද ඉතා උසස් අන්දමින් ආගමික වතාවක් වලට මුල් තැන දෙමින් සංවත්සර සැමරුම සිහිකරනු ලැබීය.

එම වැඩසටහන් මාලාවට අනුව :

1. 2025.04.21 දින මීගොඩ සංහිද ළමා නිවාසයේ ළමුන් සදහා දිවා ආහාරය ලබාදීම හා රෙජිමේන්තු මධ්‍යස්ථාන විහාර භුමියේ බෝ සමිදුන් අසලදී ඒකකයේ මියගිය, ආබාධිත තත්වයට පත්වු රණවිරුවන්ට සහ රාජකාරියේ නියුතු සියලුම නිලධාරී/සෙසුනිලයන් හට සෙත්පතා බෝධි පුජා පිංකමක් පවත්වන ලදී.

2. 2025.04.23 දින ඒකක අණදෙන නිලධාරී මේජර් ඒජීඑන්එස් වීරසේන පීඑස්සී ජ්‍යෙෂ්ඨ නිලධාරීතුමන් වෙත සම්මාන මුරයක් හා ආචාර පෙළපාලියක් පිරිනැමීමත් එදින දහවල් සියලු නිල භෝජන සංග්‍රහයක් පවත්වන ලදී.

3. 2025.04.25 වන දින ඒකකයේ බලඝණයන් වෙතින් කණ්ඩායම් 4ක් සහභාගී වී ක්‍රිකට් තරගාවලියක් රෙජිමේන්තු මධ්‍යස්ථාන ක්‍රීඩා පිටියේදී පැවැත්වු අතර සවස ඉතා සාර්ථක අයුරින් සියලු නිළ සුහද හමුවක්ද 5 ශ්‍රීලංසංබ නිවාඩු නිකේතනයේදී පවත්වන ලදී.

4. 2025.04.30 වන දින බනි/සැරයන් නිවස්න සාදයක්ද 5 ශ්‍රීලංසංබ නිවාඩු නිකේතනයේදී පවත්වන ලදී.

ආදී වශයෙන් විශේෂාංග රැසක් සංවත්සර වැඩසටහන් කටයුතු අතර එකතුව තිබුණ අතර එය මහත් උත්කර්ශවත් ලෙස මෙම ඒකකය වෙතින් සමරන ලදී.