27th June 2025 16:00:00 Hours
ශ්‍රී ලංකා සංඥා බලකායේ රෙජිමේන්තු මධ්‍යස්ථානය විසින් ජුනි මාසයේ උපන්දින යෙදි තිබු සාමාජිකයන්හට විශේෂ උපන්දින සැමරුමක් පවත්වන ලදී. මෙය ප්‍රධාන සංඥා නිලධාරි සහ සංඥා බළකාධිපති මේජර් ජෙනරාල් සජිත් ලියනගේ යුඑස්පි එන්පිඑස් පිඑස්සි ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන්ගේ සංකල්පයක් මත සෑම මසකම පැවැත්වීමට කටයුතු කරනු ලබන අතර ජුනි මාසය සදහා උපන්දින යෙදි තිබු සෙසු නිලයින් 10 දෙනෙකුගේ සහ එක් සිවිල් සේවක මහතෙකුගේ උපන්දින සැමරිම 2025 ජුනි මස 27 වන දින සිදුවිය. බලකාය තුල ඇති ශක්තිමත් මිත්‍රත්වය සහ ගෞරවය පිලිබිඹු කරමින් මෙම අවස්ථාව සදහා සංඥා බලකාධිපතිතුමන්, අනෙකුත් ජ්‍යෙෂ්ඨ නිලධාරින්, රෙජිමේන්තු සැරයන් මේජර් ඇතුලු සෙසුනිලයින් හා සිවිල් සේවක මහතුන් සහභාගි විය. සංඥා බලකාධිපතිතුමන් සහ ජ්‍යෙෂ්ඨ නිලධාරින් විසින් උපන්දින යෙදි තිබු අයවළුන් හට උණුසුම් සුභ පැතුම් එක් කරන ලදි. මෙම අවස්ථාවේදි සංඥා බලකායේ සාර්ථකත්වයට සාමාජිකයන්ගේ දායකත්වය සහ කැපවිම ඉස්මතු කරමින් සංඥා බලකාධිපතිතුමන් විසින් එම අවස්ථාවට සහභාගි වු ජ්‍යෙෂ්ඨ නිලධාරින් හා සෙසු නිලයින් ආමන්ත්‍රණය කරමින් තම ස්තූතිය පුද කරන ලදී.
17th June 2025 08:00:00 Hours
සංඥා බලකාධිපති මේජර් ජෙනරාල් ජිඑල්එස්ඩබ්ලිව් ලියනගේ යුඑස්පි එන්පිඑස් පිඑස්සි ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමගේ උපදෙස් පරිදි සංඥ රෙජිමේන්තු රගර් සංචිත කාණ්ඩායමේ ක්‍රිඩකයන් 35 දෙනෙකු සහ පුහුණුකරුවන් සදහා රගර් ජර්සී බෙදාදිමේ වැඩසටහනක් 2025/06/16 දින මෙම රෙජිමෙන්තු සකච්ඡා ශාලවේදි පැවැත්විය. මෙහිදි එම අවස්ථාව සදහා සංඥා බලකාධිපති මේජර් ජෙනරාල් ජිඑල්එස්ඩබ්ලිව් ලියනගේ යුඑස්පි එන්පිඑස් පිඑස්සි ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමා ඇතුළු රෙම ශ්‍රිලංසංබ ජ්‍යෙෂ්ඨ නිලධාරින්‚ සංචිත භාර සියළුම ජ්‍යෙෂ්ඨ නිලධාරින්‚ රගර් කමිටු සමාජිකයින්‚ පුහුණු කරුවන් සහ පුහුණු උපදේශක වරුන් සහභාගි විය. සංඥා බලකධිපති තුමන් විසින් රගර් ජර්සී බෙදා දිමෙන් අනතුරුව පැවති සමුහ ඡායා රූපය සහ තේපැන් සංග්‍රහය සඳහා පැමිණ සිටි සියළු දෙනා සහභාගිවිය.
13th June 2025 08:00:00 Hours
බලලත් නිලධාරි 1 ඩබ්ඒආර් මධූසංක යුඑස්පි (සෙ/279658) බලලත් නිලධාරි තුමන් ශ්‍රීලංකා සංඥා බලකායේ 25 වන රෙජිමේන්තු සැරයන් මේජර් වශයෙන් 2025/06/12 දින සංඥා රෙජිමේන්තු මධ්‍යස්ථානය, පනාගොඩ හිදි සංඥා බලකාධීපති මේජර් ජෙනරාල් ජිඑල්එස්ඩබ්ලිව් ලියනගේ යුඑස්පි එන්පිඑස් පිඑස්සි ජ්‍යෙෂ්ඨ නිලධාරි ඉදිරියේ දි නිල වශයෙන් සිය රාජකාරින් භාරගන්නා ලදී. පසුව එදින රෙජිමේන්තු මධ්‍යස්ථාන සාකච්ඡා ශාලාවේදී සංඥා රෙජිමෙන්තු මධ්‍යස්ථානය තුල සිටින සියළුම සෙසු නිලයින් ඇමතීම සිදු කරන ලදී.
02nd June 2025 08:00:00 Hours
1 සංඥා බළසේනා මූලස්ථානයේ 37 වන සංවත්සර දිනය 2025.06.01 වන දින සංඥා බළසේනාධිපති බ්‍රිගේඩියර් වයිඑස්පි සුමනසිංහ ආර්එස්පි ජ්‍යෙෂ්ඨ නිළධාරිගේ සහභාගීත්වයෙන් පවත්වන ලදි.
10th May 2025 08:00:00 Hours
2025 යුද්ධ හමුදා අන්තර් රෙජිමේන්තු කායවර්ධන තරගාවලිය 2025/05/07,08 සහ 09 යන දිනයන්හි ශ්‍රී ලංකා යුද්ධ හමුදා කායවර්ධන මධ්‍යස්ථානය පනාගොඩහිදි සාර්ථකව පැවැත් විය. එම තරඟාවලිය සදහා කායවර්ධන කාණ්ඩායම් 10 ක් සහභාගි වු අතර සමස්ථ තරගාවලියේ රන් පදක්කම් 2 සහ රීදි පදක්කම් 4 ක් ලබා ගෙන ශ්‍රී ලංකා සංඥා බලකා කායවර්ධන කාණ්ඩායම අඛණ්ඩව දෙවන වරටත් ශුරතාවය දිනාගන්නා ලදි. මේ අවස්ථාව සදහා ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් යුද්ධ හමුදා කායවර්ධන, බරඉසිලිම් හා සවිඑසවිමේ කමිටු සභාපති මේජර් ජෙනරාල් ඩබ්බිජේකේ විමලරත්න ආර්ඩබ්පි ආර්ඒස්පි ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන් සහභාගි විය.
26th April 2025 10:40:33 Hours
2025.අප්‍රේල් මස 24 වන දිනට මෙම ඒකකයේ අභිමානවත් 10 වන සංවත්සරය යෙදී තිබුණ අතර මෙවරද ඉතා උසස් අන්දමින් ආගමික වතාවක් වලට මුල් තැන දෙමින් සංවත්සර සැමරුම සිහිකරනු ලැබීය.
05th December 2024 08:05:00 Hours
2 සංඥා බලසේනා මුලස්ථානයේ 4 වන බලසේනාධිපති වශයෙන් බ්‍රිගේඩියර් ඒ කේ ඩි අධිකාරි යුඑස්පි එන්ඩිසී ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන් 2024 දෙසැම්බර් මස 04 වන දින පාදුක්ක, මෙනේරිගම, 2 සංඥා බලසේනා මූලස්ථානයේදී වැඩ භාර ගන්නා ලදී.
14th March 2024 18:04:33 Hours
2 සංඥා බලසේනාවේ 2 වන බලසේනාධිපති ලෙස බ්‍රිගේඩියර් වයිඑස්පී සුමනසිංහ ආර්එස්පී ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන් 2024 මාර්තු 13 දින සිය ධුරයෙහි වැඩ භාර ගන්නා ලදී. 12 වන ශ්‍රීලංකා සංඥා බලකා ඒකකයෙහි අණදෙන නිලධාරී කර්නල් ඩබ්ආර්එම්ආර් වික්‍රමසිංහ යුඑස්පි.....
05th January 2024 13:36:56 Hours
ශ්‍රී ලංකා සංඥා බලකායේ 17 වන බලකාධීපති ලෙස මේජර් ජෙනරාල් අයිඑච්එම්ආර්කේ හේරත් යුඑස්පි එන්ඩීසී පිඑස්සී ජ්‍යෙෂ්ඨ නිලධාරි 2024 ජනවාරි 04 වන දින සංඥා රෙජිමේන්තු මධ්‍යස්ථානයේදී වැඩ භාර ගන්නා ලදී. තත් ජ්‍යෙෂ්ඨ නිලධාරී වැඩ භාර ගැනීම වෙනුවෙන්....
01st January 2024 13:42:37 Hours
ශ්‍රී ලංකා යුද්ධ හමුදා ප්‍රධාන සංඥා නිලධාරී සහ සංඥා බලකාධිපති වශයෙන් රාජකාරී කරන ලද මේජර් ජෙනරාල් කේ. ඒ. ඩබ්ලිව්. එස් රත්නායක එන්ඩීයූ ජ්‍යෙෂ්ඨ නිලධාරීතුමන් වසර 35 කට වැඩි කීර්තිමත් සේවාවක් ඉටුකිරීමෙන් අනතුරුව....