25th January 2023 00:00:00 Hours
කර්නල් ඊඑන්පී ගුණවර්ධන යූඑස්පී ඡ්‍යෙෂ්ඨ නිළධාරී තුමා සංඥා බලකායෙහි නියෝජ්‍ය මධ්‍යස්ථාන සේනා විධායක වශයෙන් 2023.01.25 දින සංඥා රෙජිමේන්තු මධ්‍යස්ථානය පනාගොඩහිදී නව තනතුරෙහි වැඩ භාරගන්නා ලදි.
21st January 2023 18:33:34 Hours
ශ්‍රී ලංකා යුද හමුදාවේ තොරතුරු තාක්ෂණ අධ්යක්ෂ, බ්‍රිගේඩියර් ජී එල් එස් ඩබ්ලිව් ලියනගේ යූඑස්පී පීඑස්සී 2023 ජනවාරි 21 වන දින දියතලාව ප්‍රදේශයෙහි ස්ථාපිත 7 වන රෙජිමේන්තුව ශ්‍රී ලංකා සංඥා බලකායේ සංචාරයක නිරත විය.
19th January 2023 00:00:00 Hours
කර්නල් ඒකේඩී අධිකාරි යූඑස්පී ඡ්‍යෙෂ්ඨ නිළධාරී තුමා සංඥා බලකායෙහි 21 වන රෙජිමේන්තු මධ්‍යස්ථාන සේනා විධායක වශයෙන් 2023.01.19 දින සංඥා රෙජිමේන්තු මධ්‍යස්ථානය පනාගොඩහිදී නව තනතුරෙහි වැඩ භාරගන්නා ලදි.
17th January 2023 14:33:34 Hours
බ්‍රිගේඩියර් ජීඑස් ෆොන්සේකා යූඑස්පී පීඑස්සී ජ්‍යෙෂ්ඨ නිලධාරි ජාතික ශිෂ්‍යභට බලකායේ 14 වැනි අධ්‍යක්ෂකවරයා ලෙස 2023 ජනවාරි 12 වැනි දින සුබ මොහොතින් වැඩ භාර ගන්නා ලදී.
14th January 2023 14:33:34 Hours
2023 වසරේ ශ්‍රී ලංකා යුද්ධ හමුදා අන්තර් රෙජිමේන්තු කරාටේ ශූරතාවලිය 2023 ජනවාරි 10 සහ 13 යන දිනවල පනාගොඩ යුද්ධ හමුදා ශාරීරික අභ්‍යාස පුහුණු පාසලේදී සාර්ථකව පවත්වන ලදි. එම තරඟාවලිය සඳහා ශ්‍රී ලංකා සංඥා බලකාය නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 11 දෙනෙකු සහභාගී විය.
09th January 2023 13:20:45 Hours
චීන ප්‍රධානයක් ලෙස ලැබුණු නව VHF ආරක්ෂිත ගුවන්විදුලි යන්ත්‍ර ශ්‍රී ලංකා යුද හමුදාව වෙත භාරදෙන ලදී. එම නව ගුවන්විදුලි යන්ත්‍ර ක්‍රියාත්මක කිරීම, නඩත්තු කිරීම සහ අළුත්වැඩියා කිරීම සඳහා ගුවන් විදුලි කාර්මික ශිල්පීන් පුහුණු කිරීම අරමුණු කරගත් වැඩමුළුවක් හයිටෙරා සමාගමේ පුහුණු මණ්ඩලයක සහාය ඇතිව ජනවාරි 23 වැනි දින ආරම්භ කරන ලදී.
09th January 2023 13:10:45 Hours
2023 නව වසර ආරම්භයත් සමග සංඥා බලකාධිපතිතුමන්ගේ මඟපෙන්වීම යටතේ 2023 ජනවාරි 9 වන දින සංඥා රෙජිමේන්තු මධ්‍යස්ථානයේදී විද්‍යුත් සංග්‍රාමික පාඨමාලා අංක 3 ආරම්භ කරන ලදී. සෙබළුන් අතර විද්‍යුත් සංග්‍රාමය (EW) සම්බන්ධ න්‍යායාත්මක සහ ප්‍රායෝගික දැනුම වැඩි දියුණු කිරීම සඳහා විශේෂයෙන් නිර්මාණය කර ඇති මෙම පාඨමාලාව සඳහා සියලුම සංඥා ඒකක නියෝජනය කරමින් සෙසුනිලයින් සහභාගි වන ලදි.
08th January 2023 08:10:45 Hours
ශ්‍රී ලංකා සංඥා බලකායේ සේවා වනිතා ශාඛාව විසින් 2023 ජනවාරි 7 වන දින කැළණිය රජ මහා විහාරස්ථානයේ දී “බෝධි පූජා පිංකම” පවත්වන ලදී. නව වසර උදාව සඳහා ආශිර්වාද ලබා ගැනීමේ අරමුණින් සහ 2023 හා එළඹෙන උසස් පෙළ විභාගයට පෙනී සිටීමට නියමිත දරුවන් සඳහා ආශිර්වාද ලබාගැනීමේ අරමුණින් මෙම “බෝධි පූජා පිංකම” සංවිධානය කරන ලදී. මෙම ආගමික වතාවත් සදහා ශ්‍රී ලංකා යුද හමුදාවේ ප්‍රධාන සංඥා නිලධාරි සහ ශ්‍රී ලංකා සංඥා බලකායේ බලකාධිපති මේජර් ජෙනරාල් එච් එම් එල් ඩී හේරත් ආර්එස්පී යූඑස්පී පීඑස්සී සහ ශ්‍රී ලංකා සංඥා බලකා සේවා වනිතා ශාඛාවේ සභාපතිනී සෂිකා හේරත් මහත්මිය සහ සේවා වනිතා ශාඛාවේ සාමාජිකයින් මෙම අවස්ථාවට සහභාගී විය.
06th January 2023 09:56:07 Hours
තොරතුරු තාක්ෂණ අධ්යක්ෂ බ්‍රිගේඩියර් ජීඑල්එස්ඩබ්ලිව් ලියනගේ යූඑස්පී පීඑස්සී 3 වන රෙජිමේන්තු ශ්‍රී ලංකා සංඥා බලකාය යාපනයේ පලාලි යුධ හමුදා කඳවුරේ 2023 ජනවාරි 6 වන දින නිල වශයෙන් සංචාරයක නිරත විය. එහි අණදෙන නිලධාරි වන ලුතිනන් කර්නල් යු එල් සී ඩි පෙරේරා පීඑස්සී විසින් තොරතුරු තාක්ෂණ අධ්යක්ෂවරයාව උණුසුම් ලෙස පිළිගන්නා ලදී. පසුව, බ්‍රිගේඩියර් ජීඑල්එස්ඩබ්ලිව් ලියනගේ යූඑස්පී පීඑස්සී විසින් සිය දේශනය පවත්වමින් තොරතුරු තාක්ෂණයෙන් සංඥා සෙබළුන්ගේ අනාගත සංවර්ධනය පිළිබඳ දැක්මක් ඇතිව තම වෘත්තීය ජීවිතය තුළ ඉහළම විනය රැකගනිමින් වෘත්තීයභාවය රැකගැනීමට කටයුතු කරන ලෙස දැනුවත් කරන ලදි.
05th January 2023 00:00:00 Hours
ශ්‍රී ලංකා සංඥා බලකායේ රෙජිමේන්තු මධ්‍යස්ථාන සේනාවිධායක ලෙස රාජකාරි ඉටුකල බ්‍රිගේඩියර් ජීඑස් ෆොන්සේකා යූඑස්පී පීඑස්සී 2023 ජනවාරි 05 වන දින සිය තනතුරෙන් නික්ම යන ලදි.