Header Sinhala

ශ්‍රී ලංකා සංඥා බළකාය

ස්ථීර ක්ෂණික

05th December 2024 08:05:00 Hours

2 සංඥා බළසේනාවේ නව බළසේනාධිපති රාජකාරි භාරගනී

2 සංඥා බලසේනා මුලස්ථානයේ 4 වන බලසේනාධිපති වශයෙන් බ්‍රි‍ගේඩියර් ඒ කේ ඩි අධිකාරි යුඑස්පි එන්ඩිසී ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන් 2024 දෙසැම්බර් මස 04 වන දින පාදුක්ක, මෙනේරිගම, 2 සංඥා බලසේනා මූලස්ථානයේදී වැඩ භාර ගන්නා ලදී.

12 වන ශ්‍රී ලංකා සංඥා බලකා ඒකකයෙහි අණදෙන නිලධාරී කර්නල් ඩබ්ආර්එම්ආර් වික්‍රමසිංහ ජ්‍යෙෂ්ඨ නිලධාරින් නව බලසේනාධිපති උණුසුම් ලෙස පිළිගැනීමෙන් අනතුරුව, හමුදා සම්ප්‍රදායන්ට අනුකූලව රාජකාරි භාරගැනීම සනිටුහන් කරන ලදි.

නව ධුරයෙහි වැඩ භාර ගැනිමට සමගාමිව 2 සංඥා බලසේනාවේ කාර්ය මණ්ඩලයේ නිලධාරීන් සහ සෙසුනිලයින් අමතා ඉදිරි වැඩකටයුතු සඳහා තම දැක්ම ඉදිරිපත් කළේය. මේ සඳහා 2 සංඥා බලසේනාවේ සියලු නිලධාරි ඇතුලු සෙසුනිලයින්, 12 ශ්‍රීලංසංබ (සයිබර් ආරක්ෂාව) සහ 9 ශ්‍රීලංසංබ (විද්‍යුත් සංග්‍රාමික) ඒකකයන්හි අණදෙන නිලධාරී ඇතුලු සෙසුනිලයින් සහභාගි වු අතර, එදින මෙම අවස්ථාව සඳහා සහභාගිවීමට නොහැකි වු එම ඒකකවල නිලධාරින්/සෙසුනිලයින් මාර්ගගත ක්‍රමය ඔස්සේ මෙම අවස්ථාවට සම්බන්ධ විය.