12th December 2023 00:00:00 Hours
ශ්‍රී ලංකා යුද්ධ හමුදාවට මෙන්ම සංඥා බලකායට වසර 34 කට වැඩි කීර්තිමත් සේවාවක් ඉටුකල මේජර් ජෙනරාල් ඩී. එම්. පී. පී. දසනායක ජ්‍යෙෂ්ඨ නිලධාරී තුමන් 2023 දෙසැම්බර් මස 12 වන අඟහරුවාදා දින යුද්ධ හමුදා සේවයෙන් විශ්‍රාම ගන්නා ලදී.තත් ජ්‍යෙෂ්ඨ නිලධාරී විශ්‍රාම යාම වෙනුවෙන් සංවිධානය කරන ලද වැඩසටහනට අනුව යතුරු පැදි ආරක්ෂක මුර සමගින් කඳවුර වෙත පිවිසීමෙන් අනතුරුව මධ්‍යස්ථාන සේනාවිධායක විසින් පිළිගැනීමෙන් පසු කඳවුරු මුරය පවත්වා වැඩසටහන ආරම්භ කරන ලදී.
02nd December 2023 09:00:00 Hours
ශ්‍රී ලංකා සංඥා බලකායේ 22 වන මධ්‍යස්ථාන සේනාවිධායක ලෙස බ්‍රිගේඩියර් එස්. ජේ. කේ. ඩී. ජයවර්ධන යූඑස්පී පීඑස්සී ජ්‍යෙෂ්ඨ නිලධාරී 2023 දෙසැම්බර් 01 වන දින පනාගොඩ, සංඥා රෙජිමේන්තු මධ්‍යස්ථානයේදි සිය රාජකාරී භාරගන්නා ලදී.අභිනවයෙන් පත් වූ මධ්‍යස්ථාන සේනාවිධායක බ්‍රිගේඩියර් ජගත් ජයවර්ධන ජ්‍යෙෂ්ඨ නිලධාරී කඳවුරු පරිශ්‍රයට පැමිණීමෙන් පසු වැ:බ: නියෝජ්‍ය මධ්‍යස්ථාන සේනාවිධායක විසින් පිළිගන්නා ලදි.
02nd December 2023 08:00:00 Hours
සංඥා රෙජිමේන්තු මධ්‍යස්ථානයෙහි සේනාවිධායක වශයෙන් රාජකාරි කල බ්‍රිගේඩියර් ඒකේඩී අධිකාරි යුඒස්පී ජ්‍යෙෂ්ඨ නිලධාරි 2023 දෙසැම්බර් 01 වැනි සිකුරාදා දින තනතුරෙන් නික්ම යන ලදී.එදින රාජකාරී භාරදීම සඳහා රෙජිමේන්තු පරිශ්‍රයට පැමිණි තත් ජ්‍යෙෂ්ඨ නිලධාරි කඳවුරු මුරය පරීක්ෂා කිරීමෙන් අනතුරුව රණවිරු ස්මාරකය අභියසදී මියගිය රණවිරුවන් සිහිකරමින් උපහාර දැක්විය.
26th November 2023 08:00:00 Hours
ශ්‍රී ලංකා සංඥා බලකාය විසින් විශ්‍රාමික නිලධාරීන්, සෙසුනිලයින් සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින් සඳහා සුහද හමුවක් 2023 නොවැම්බර් 25 වන දින පනාගොඩ රෙජිමේන්තු මධ්‍යස්ථාන පරිශ්‍රයේදී සංවිධානය කරන ලදී. ශ්‍රී ලංකා යුධ හමුදාවේ ප්‍රධාන සංඥා නිලධාරි සහ සංඥා බලකාධිපති මේජර් ජෙනරාල් කේ. ඒ. ඩබ්ලිව්. එස් රත්නායක එන්ඩීයූ ජ්‍යෙෂ්ඨ නිලධාරීගේ සංකල්පයක් මත මෙම සුහද හමුව සිදුවිය.
19th November 2023 09:30:30 Hours
ශ්‍රී ලංකා යුද්ධ හමුදාවට මෙන්ම සංඥා බලකායට වසර 34 කට වැඩි කීර්තිමත් සේවාවක් ඉටුකල මේජර් ජෙනරාල් ආර් ඇල්විටිගල යූඑස්පී ජ්‍යෙෂ්ඨ නිලධාරීතුමන් 2023 නොවැම්බර් මස 18 වන සෙනසුරාදා දින යුද්ධ හමුදා සේවයෙන් විශ්‍රාම ගන්නා ලදී. තත් ජ්‍යෙෂ්ඨ නිලධාරී විශ්‍රාම යාම වෙනුවෙන් සංවිධානය කරන ලද වැඩසටහනට අනුව යතුරු පැදි ආරක්ෂක මුර සමගින් කඳවුර වෙත පිවිසීමෙන් අනතුරුව මධ්‍යස්ථාන සේනාවිධායක විසින් පිළිගැනීමෙන් පසු කඳවුරු මුරය පවත්වා වැඩසටහන ආරම්භ කරන ලදී.
11th November 2023 08:00:00 Hours
යුද්ධ හමුදාධිපතිතුමාගේ සංකල්පයක් මත ක්‍රියාත්මක නිවාස ඉදිකිරීමේ ව්‍යාපෘතිය 8 වන අදියර යටතේ ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ ප්‍රධාන සංඥා නිලධාරි සහ ශ්‍රී ලංකා සංඥා බලකාධිපති තුමාගේ උපදෙස් පරිදි සියළු සංඥා ඒකක මූල්‍යමය දායකත්වය යටතේ 1 වන සංඥා බලකා භඨපිරිස් හි ශ්‍රම දායකත්වය ඇතිව එහි අණදෙන නිලධාරීගේ අධීක්ෂණය යටතේ ඉදිකරන ලද මෙම නව නිවස 2023 නොවැම්බර් මස 10 දින (සිකුරාදා) තත් ජ්‍යෙෂ්ඨ කොමිෂන් නොලත් නිලධාරි වෙත භාරදීමට කටයුතු කර ඇති අතර, මේ සඳහා රුපියල් මිලියන 1.5 ක වියදමක් දරා ඇත. ඒ අනුව, යුද්ධ හමුදාවෙන් රුපියල් 1,200,000.00 ක් සහ සියලු සංඥා ඒකක වෙතින් රුපියල් 300,000.00 ක මූල්‍යමය පරිත්‍යාග සහිතව ඉදිකිරීම් කටයුතු අවසන් කර ඇත.
16th October 2023 08:00:00 Hours
ඉතා අත්‍යවශ්‍ය අවශ්‍යතාවයක්ව පැවති විශ්‍රාමික සංඥා සංගමයේ නව කාර්යාලය 2023 ඔක්තෝම්බර් මස 15 දින පනාගොඩ රෙජිමේන්තු මධ්‍යස්ථාන පරිශ්‍රයේ දී සංඥා බලකායේ ජ්‍යෙෂ්ඨතම විශ්‍රාමික සංඥා නිලධාරි වන බ්‍රිගේඩියර් එෆ් සී ජේ ද සිල්වා (විශ්‍රාමික) යූඑස්පී ජ්‍යෙෂ්ඨ නිලධාරි විසින් විවෘත කරන ලදී.
12th September 2023 06:00:00 Hours
2023 සැප්තැම්බර් මස 08 දින සිට 2023 සැප්තැම්බර් මස 10 දින දක්වා පනාගොඩ යුධ හමුදා ශාරීරික අභ්‍යාස පුහුණු පාසලේ පැවති යුධ හමුදා අන්තර් රෙජිමේන්තු හෑන්ඩ්බෝල් තරඟාවලියේදී සංඥා බලකාය නියෝජනය කරමින් තරඟ වැදුණු තරඟ කණ්ඩායම අනෙකුත් ප්‍රතිවාදී තරඟ කණ්ඩායම් සමඟ උරින් උර ගැටී ක්‍රීඩා කුසලතා කිහිපයක් ප්‍රදර්ශනය කරමින් තරඟාවලියේ දෙවන අනුශූරතාවය ශ්‍රී ලංකා සංඥා බලකාය වෙත අත්කර ගැනීමට සමත්විය.
25th May 2023 00:00:00 Hours
ශ්‍රී ලංකා සංඥා බලකායට අයත් බ්‍රිගේඩියර් ජීජීඒ ගුණසේකර යූඑස්පී ජ්‍යෙෂ්ඨ නිලධාරී වසර 33 කට වැඩි කාලයක් ශ්‍රී ලංකා යුධ හමුදාව වෙත කීර්තිමත් සේවාවක් කර 2023 මැයි 25 දින යුධ හමුදා සේවයෙන් විශ්‍රාම ගන්නා ලද අතර, විශ්‍රාම ගැනීම නිමිත්තෙන් යුධ හමුදා සම්ප්‍රදායන්ට අනුකූලව පනාගොඩ ශ්‍රී ලංකා සංඥා රෙජිමේන්තු මූලස්ථාන පරිශ්‍රයේදී වැඩසටහන් මාලාවක් පවත්වන ලදී.
04th April 2023 00:00:00 Hours
සංඥා බලසේනාධිපති කර්නල් එච්ඩීජේපී වීරතුංග සිය ධූරයට පත්වීමෙන් අනතුරුව අප්‍රේල් 04 වන දින සිට අප්‍රේල් 23 දක්වා 1 බළකාය, ආසේමු(යා), ආසේමු(ව), සහ ආසේමු(නැ) යටතේ ඇති සංඥා රෙජිමේන්තු වෙත සිය මංගල නිල සංචාරය සිදු කරන ලදී. ප්‍රථමයෙන් 2(සෙවි) ශ්‍රීලංසංබ වැලිකන්ද ප්‍රදේශයෙන් ආරම්භ වූ අතර පසුව 4 ශ්‍රීලංසංබ, 1 ශ්‍රිලංසංබ, 9 ශ්‍රීලංසංබ , 3 ශ්‍රීලංසංබ යාපනය දක්වා ගමන් කළේය.