Header Sinhala

ශ්‍රී ලංකා සංඥා බළකාය

ස්ථීර ක්ෂණික

14th March 2024 18:04:33 Hours

2 සංඥා බලසේනාවේ නව බලසේනාධිපති රාජකාරි භාරගනී

2 සංඥා බලසේනාවේ 2 වන බලසේනාධිපති ලෙස බ්‍රිගේඩියර් වයිඑස්පී සුමනසිංහ ආර්එස්පී ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන් 2024 මාර්තු 13 දින සිය ධුරයෙහි වැඩ භාර ගන්නා ලදී.

12 වන ශ්‍රීලංකා සංඥා බලකා ඒකකයෙහි අණදෙන නිලධාරී කර්නල් ඩබ්ආර්එම්ආර් වික්‍රමසිංහ යුඑස්පි සහ 2 වන සංඥා බලසේනාවේ ප්‍රමානි 1 (ක්‍රියා/සම්) ලෙස රාජකාරි කරනු ලබන ලුතිතන් කර්නල් එල්එන්පි ලියනගේ ජ්‍යෙෂ්ඨ නිලධාරින් නව බලසේනාධිපති උණුසුම් ලෙස පිළිගැනීමෙන් අනතුරුව, හමුදා සම්ප්‍රදායන්ට අනුකූලව රාජකාරි භාරගැනීම සනිටුහන් කරන ලදි.

නව ධුරයෙහි වැඩ භාර ගැනිමට සමගාමිව 2 සංඥා බලසේනාවේ කාර්ය මණ්ඩලයේ නිලධාරීන් සහ සෙසු නිලයින් අමතා ඉදිරි වැඩකටයුතු සඳහා තම දැක්ම ඉදිරිපත් කළේය. මේ සඳහා 12 වන ශ්‍රීලංසංබ (සයිබර් ආරක්ෂණ) ඒකකයේ අණදෙන නිලධාරී ඇතුළුව 2 වන සංඥා බලසේනාව, 9 ශ්‍රීලංසංබ (ඉලෙක්ට්‍රෝනික යුද්ධ) සහ 12 ශ්‍රීලංසංබ (සයිබර් ආරක්ෂාව) ඒකකයේ නිලධාරීන් සහ සෙසුනිලයින් මෙම අවස්ථාවට සහභාගී වූහ.