22nd July 2022 21:14:23 Hours
යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ ගේ උපදෙස් මත ශ්‍රී ලංකා යුද්ධ හමුදා තොරතුරු තාක්ෂණ අධ්යක්ෂ මණ්ඩලය විසින් ශ්‍රී ලංකා රේගුවේ ඩිජිටල්කරණ ක්‍රියාවලිය තවදුරටත් පහසු කිරීම සඳහා පසුගිය බදාදා (20) දින නව මෘදුකාංගයක් නිර්මාණය කරනු ලැබීය.
16th July 2022 00:00:00 Hours
රජය විසින් දැනට ක්‍රියාත්මක කරනු ලබන ආහාර සුරක්ෂිතතා වැඩසටහන තවදුරටත් ඉදිරියට ගෙනයමින් ආඥාපති - ඉදිරි නඩත්තු පෙදෙස (නැගෙනහිර) මේජර් ජෙනරාල් සුදත් රත්නායක එන්ඩියු ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ උපදෙස් පරිදි 2 වන (ස්වේච්ඡා) රෙජිමේන්තුව ශ්‍රී ලංකා සංඥා බලකා භඨ පිරිස් විසින් 2 වන (ස්වේච්ඡා) රෙජිමේන්තුව ශ්‍රී ලංකා සංඥා බලකා කදවුරු පරිශ්‍රය තුල පසුගිය සෙනසුරාදා (6) දින දින දෙහි පැල වගාකිරිමේ වැඩසටහනක් ආරම්භ කරන ලදි.
30th June 2022 00:00:00 Hours
අන්තර් රෙඡිමේන්තු දැල්පන්දු තරගාවලිය 2022 ඡුනි මස 22 දින සිට 2022 ඡුනි මස 30 වන දින දක්වා තරග කණ්ඩායම් 7ක සහභාගිත්වයෙන් පනාගොඩ යුද්ධ හමුදා ගෘහස්ථ ක්‍රීඩාංගණයේ පැවැත්වින. එම තරගාවලියෙහි තුන්වන ස්ථානය ශ්‍රීලංකා සංඥා බලකායේ ක්‍රිඩිකාවන් විසින් දිනාගන්නා ලදි. මෙම තරගාවලිය අවසන් දිනය වන 2022.06.30 දින ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් විකුම් ලියනගේ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ ඡ්‍යෙෂ්ඨ නිලධාරී තුමන් සහභාගි වූ අතර, ප්‍රධාන සංඥා නිලධාරී සහ සංඥා බලකාධිපති මේඡර් ඡෙනරාල් ලලිත් හේරත් ආර්එස්පී යූඑස්පී පීඑස්සී ඡ්‍යෙෂ්ඨ නිලධාරී තුමන් සහ සංඥා සේවා වනිතා ශාඛාවේ ගරු සභාපති තුමියද එම උත්සවය සදහා සහභාගි විය.
28th June 2022 00:00:00 Hours
සංඥා රෙජිමේන්තු මධ්‍යස්ථාන සේනාවිධායක වශයෙන් කටයුතු කරනු ලබන බ්‍රිග්‍රේඩියර් ජිඑස් ෆොන්සේකා යූඑස්පි පීඑස්සි යන ජ්‍යෙෂ්ඨ නිලධාරි 2022.06.28 වන දින සිය පළමු ඒකක සංචාරය 7 වන රෙජිමේන්තුව ශ්‍රී ලංකා සංඥා බලකායේ සිදුකරන ලදී.
16th June 2022 15:30:42 Hours
6 වන රෙජිමේන්තුව ශ්‍රී ලංකා සංඥා බලකාය 2022 ජුනි 16 වන දින සිය 8 වන සංවත්සරය ඒකක මුලස්ථාන පරිශ්‍රයේදී අභිමානවත් ලෙස සමරන ලදී.
14th June 2022 14:54:23 Hours
61 වන ඡාතික අන්තර් රාඡ්‍යය ඡ්‍යෙෂ්ඨ මලල ක්‍රිඩා ශූරතාවලිය ඡුනි මස 10 සිට 14 වන දින දක්වා ඉන්දියාවේ චෙන්නාහි පිහිටි ඡවහල්ලාල් නේරු ක්රිඩාංගනයේදී පැවැත්විණි. එහිදී ඡාතික මලල ක්‍රිඩා සංචිත හා යුද්ධ හමුදා මලල ක්‍රිඩා සංචිතය නියෝඡනය කරමින් ශ්‍රී ලංකා සංඥා බලකායේ ලා/කෝප්රල් අමාශා ද සිල්වා සෙබලිය මීටර් 100 x 4 තරගයෙන් තප්පර 45.35 ක කාලයකින් තරගය නිමාකරමින් රිදී පදක්කමක් දිනා ගැනීමට සමත්විය.
14th June 2022 07:45:23 Hours
ශ්‍රී ලංකා සංඥා බලකායේ සේවා වනිතා ශාඛාව විසින් සංවිධානය කරන ලද පොසොන් දින සව් දන්සල පොසොන් පුර පසළොස්වක පොහොය දිනය නිමිත්තෙන් පනාගොඩ යුද හමුදා බෝධිරාජාරාම විහාරස්ථාන පරිශ්‍රය අසල දන්සැලක් සංවිධානය කරන ලදී.
12th June 2022 07:41:33 Hours
ශ්‍රී ලංකා සංඥා බලකායේ සේවා වනිතා ශාඛාවේ නව සභාපතිනි ශෂිකා හේරත් මහත්මිය 2022 ජූනි 12 වැනි දින රෙජිමේන්තු නිලධාරීන්ගේ නිවස්නයේදී ශ්‍රී ලංකා සංඥා බළකායේ පැවති චාම් උත්සවයකදී වැඩ භාර ගන්නා ලදී.
12th June 2022 07:37:09 Hours
ශ්‍රී ලංකා සංඥා බලකායේ සේවා වනිතා ශාඛාව විසින් 2022 ජූනි 12 වන දින නික්මයන සභාපතිනි සජීවනී පීරිස් මහත්මිය වෙත චාම් සමුගැනීමේ උත්සවයක් ශ්‍රී ලංකා සංඥා බලකායේ රෙජිමේන්තු නිලධාරීන්ගේ නිවස්නයේදී පැවැත්විණි.
11th June 2022 07:53:14 Hours
ශ්‍රී ලංකා ඡල ක්‍රීඩා සංගමය විසින් සංවිධානය කරන ලද “46th National Age Group Aquatic Championship (2022)” පිහිණුම් තරඟය 2022 ඡුනි මස 8,9,10 සහ 11 යන දිනයන්හි කොළඔ සුගතදාස පිහිණුම් තටාකයේ පවත්වන ලද අතර එම තරඟය සදහා යුද්ධ හමුදා කණ්ඩායම නියෝඡනය කරමින් ශ්‍රී ලංකා සංඥා බලකායේ එක් ක්‍රීඩකයෙකු සහ එක් ක්‍රීඩිකාවක් සහභාගි වෙමින් රන් පදක්කම් පහක් සහ රිදී පදක්කම් තුනක් දිනා ගැනීමට සමත්විය.