02nd June 2025 08:00:00 Hours
1 සංඥා බළසේනා මූලස්ථානයේ 37 වන සංවත්සර දිනය 2025.06.01 වන දින සංඥා බළසේනාධිපති බ්‍රිගේඩියර් වයිඑස්පි සුමනසිංහ ආර්එස්පි ජ්‍යෙෂ්ඨ නිළධාරිගේ සහභාගීත්වයෙන් පවත්වන ලදි.
සංවත්සර සැමරුම් උත්සවය හමුදා සම්ප්‍රධානකූලව අභිමානවත් අයුරින් පවත්වන ලද අතර, ඒ අනුව සංඥා බළසේනාධිපති හට කදවුරු සම්මාන මුරයක් පිරිනමන ලදි.
එදින 0830 පැයේ සිට සියළු නිල සමුහ ඡායාරූපයක් ලබා ගැනීම, භඨ පිරිස් ඇමතීම සහ සංඥා බළසේනාවේ රාජකාරි නියුතු සියළුම නිළධාරින්/සෙසුනිළයින්ගේ සුහද හමුවක් එදින 5 ශ්‍රීලංසංබ ම’කරි සමාජ ශාලාව හා නිවාඩු නිතේතනයේදි පැවැතිවිණි. තවද, සංවත්සරයට සමගාමීව 2025.05.29 සහ 30 දෙදින කොස්ගම රෝහල අවට සහ කොස්ගම සර්වෝදය ළමා නිවාසයේ පිරිසිදු කටයුතු සිදු කිරිම වෙනුවෙන් ශ්‍රමදානයක් පැවැත්වු අතර 2025.05.31 දින කොස්ගම සර්වෝදය ළමා නිවාසයේ දූ දරුවන් සඳහා කෙටි ආහාර වේලක් බළසේනාධිපති ඇතුලු සියළු නිළධාරින්/සෙසුනිළයින්ගේ සහභාගීත්වයෙන් පරිත්‍යාග කරන ලදී.