27th June 2025 16:00:00 Hours
ශ්‍රී ලංකා සංඥා බලකායේ රෙජිමේන්තු මධ්‍යස්ථානය විසින් ජුනි මාසයේ උපන්දින යෙදි තිබු සාමාජිකයන්හට විශේෂ උපන්දින සැමරුමක් පවත්වන ලදී. මෙය ප්‍රධාන සංඥා නිලධාරි සහ සංඥා බළකාධිපති මේජර් ජෙනරාල් සජිත් ලියනගේ යුඑස්පි එන්පිඑස් පිඑස්සි ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන්ගේ සංකල්පයක් මත සෑම මසකම පැවැත්වීමට කටයුතු කරනු ලබන අතර ජුනි මාසය සදහා උපන්දින යෙදි තිබු සෙසු නිලයින් 10 දෙනෙකුගේ සහ එක් සිවිල් සේවක මහතෙකුගේ උපන්දින සැමරිම 2025 ජුනි මස 27 වන දින සිදුවිය. බලකාය තුල ඇති ශක්තිමත් මිත්‍රත්වය සහ ගෞරවය පිලිබිඹු කරමින් මෙම අවස්ථාව සදහා සංඥා බලකාධිපතිතුමන්, අනෙකුත් ජ්‍යෙෂ්ඨ නිලධාරින්, රෙජිමේන්තු සැරයන් මේජර් ඇතුලු සෙසුනිලයින් හා සිවිල් සේවක මහතුන් සහභාගි විය. සංඥා බලකාධිපතිතුමන් සහ ජ්‍යෙෂ්ඨ නිලධාරින් විසින් උපන්දින යෙදි තිබු අයවළුන් හට උණුසුම් සුභ පැතුම් එක් කරන ලදි. මෙම අවස්ථාවේදි සංඥා බලකායේ සාර්ථකත්වයට සාමාජිකයන්ගේ දායකත්වය සහ කැපවිම ඉස්මතු කරමින් සංඥා බලකාධිපතිතුමන් විසින් එම අවස්ථාවට සහභාගි වු ජ්‍යෙෂ්ඨ නිලධාරින් හා සෙසු නිලයින් ආමන්ත්‍රණය කරමින් තම ස්තූතිය පුද කරන ලදී.