Header Sinhala

ශ්‍රී ලංකා සංඥා බළකාය

ස්ථීර ක්ෂණික

12th February 2025 08:00:00 Hours

ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ ප්‍රධාන සංඥා නිලධාරී සහ ශ්‍රී ලංකා සංඥා බළකායේ බළකාධිපති තුමන් 2 සංඥා බළසේනාව වෙත සිය පළමු නිල සංචාරය සිදුකරයි

ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ ප්‍රධාන සංඥා නිලධාරී සහ ශ්‍රී ලංකා සංඥා බළකායේ බළකාධිපති මේජර් ජෙනරාල් සජිත් ලියනගේ යූඑස්පී එන්පීඑස් පීඑස්සී ජ්‍යෙෂ්ඨ නිලධාරී තුමන් විසින් නව ධූරයට පත්වීමෙන් පසු 2025 පෙබරවාරි මස 11 දින 2 සංඥා බළසේනාව (බල ප්‍රවර්ධන හා ප්‍රක්‍ෂෙපන නියාමන) වෙත සිය පළමු නිල සංචාරය සිදුකරනු ලැබීය.

එදින 2 සංඥා බළසේනාවේ බළසේනාධිපති බ්‍රිගේඩියර් ඒකේඩී අධිකාරී යූඑස්පී එන්ඩීසී ජ්‍යෙෂ්ඨ නිලධාරී තුමන් විසින් ප්‍රධාන සංඥා නිලධාරී තුමන්ව කඳවුරු පිවිසුමේදී උණුසුම් ලෙස පිළිගැනීමෙන් පසුව කඳවුරු සම්මාන මුරයක් පිළිගන්වන ලද අතර, ඉන් පසු එම අවස්ථාව සනිටුහන් කිරීම සඳහා බළසේනාවේ සියළු නිලයින් සමග සමූහ ඡායාරූපයකටද පෙනී සිටින ලදී.

ඉන් අනතුරුව, 2 සංඥා බළසේනාධිපති තුමන් විසින් 2 සංඥා බළසේනාවෙහි භූමිකාව, කාර්යභාරය හා එහි මෙහෙයුම් සංකල්ප පිළිබඳව සවිස්තරාත්මක පැහැදිලි කිරීමක් සිදුකරන ලද අතර, ප්‍රධාන සංඥා නිලධාරී තුමන් විසින් බල ප්‍රවර්ධන හා ප්‍රක්‍ෂෙපන නියාමන කරුණු පිළිබඳ සිය අදහස්, අත්දැකීම් ඉදිරිපත්කර සිටින ලදී.

ඉන් පසුව මේජර් ජෙනරාල් සජිත් ලියනගේ යූඑස්පී එන්පීඑස් පීඑස්සී ජ්‍යෙෂ්ඨ නිලධාරී තුමන් විසින් සියළු නිලයින් අමතමින් 2 සංඥා බළසේනාවේ අනාගත අභිවෘධිය පිළිබඳ සිය දැක්ම හා "සෙබළාට හිතකර, සෙබළා කේන්ද්‍ර කරගත්" ප්‍රවේශයක් පිළිබඳ යුද්ධ හමුදාධිපති තුමන්ගේ දර්ශනය පිළිබඳව පැහැදිලි කරමින් භඨ පිරිස් ඇමතීම සිදු කල අතර, එම කරුණු අනුව කටයුතු සිදුකිරීම මගින් අඛණ්ඩව, විශිෂ්ඨත්වයකින් යුතුව පැහැදිලි මාර්ගයක් ඔස්සේ ගමන් කර, බළසේනාව තම සොල්දාදුවන්ගේ යහපැවැත්ම සහ සංවර්ධනයට ප්‍රමුඛත්වය දෙමින් මෙහෙයුම් සූදානම පවත්වා ගැනීම සහතික කිරීමේ හැකියාව පිළිබඳව පෙන්වා දෙන ලදී. ඉන් අනතුරුව උත්සවය දිවා භෝජන සංග්‍රහයකින් අවසන් විය.