24th August 2022 15:24:27 Hours
ඉදිරි නඩත්තු පෙදෙස (නැගෙනහිර) මූලස්ථානය විසින් 3 ශ්‍රී ලංකා යුධ හමුදා යුධෝපකරණ බළකාය, මින්නේරිය හි පිහිටි ආරක්ෂක සේනා මූලස්ථානය (නැගෙනහිර) යටතේ සේනාංක, බලසේනා, පුහුණු පාසල් සහ බළඇණිවල සේවය කරන නිළධාරීන්ගේ දැනුම වැඩිදියුණු කිරීම සඳහා නැවුම් පාඨමාලා ආරම්භ කරන ලදී.
04th August 2022 10:10:28 Hours
24 වන පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් එස් බි අමුණුගම ආර්ඩබ්පි ආර්එස්පි එන්ඩියු ජ්‍යෙෂ්ඨ නිළධාරිගේ උපදෙස් පරිදි 242 පාබල බලසේනාවේ සහ 23 වන ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ භඨ පිරිස් විසින් 2022 රුහුණු කතරගම ඇසල පෙරහැර උත්සවයට සමගාමිව පා ගමනින් පැමිණෙන දමිල බැතිමතුන් සදහා අරුගම්බේ බේවිස්ටා හෝටලයේ හිමිකරු වන ගැමුණු පෙරේරා මහතාගේ අනුග්‍රාහකත්වයෙන් ..
04th August 2022 09:47:15 Hours
24 වන පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් එස් බි අමුණුගම ආර්ඩබ්පි ආර්එස්පි එන්ඩියු ජ්‍යෙෂ්ඨ නිළධාරිගේ උපදෙස් පරිදි 242 පාබල බලසේනාවේ සහ 23 වන ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ භඨ පිරිස් විසින් 2022 රුහුණු කතරගම ඇසල පෙරහැර උත්සවයට සමගාමිව පා ගමනින් පැමිණෙන දමිල බැතිමතුන් සදහා 2022 ජූලි 25 වන දින ඔකඳ දේවාල පරිශ්‍රයේදී රාත්‍රී ආහාරය සහ අතුරු පස වශයෙන් අයිස්ක්‍රීම් ද ලබා දුන් අතර මේ සදහා අනුග්‍රාහකත්වය පිළියන්ද ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙකු වන කමල් හරිස්චන්ද්‍ර මහතා විසින් ලබා දෙන ලදි.
22nd July 2022 14:31:31 Hours
241 වන පාබල බළසේනාවේ බළසේනාධිපති බ්‍රිගේඩියර් ඒ එම් සී අබේකෝන් ආර්ඩබ්පී ආර්එස්පී යූඑස්පී ජ්‍යෙෂ්ඨ තුමාගේ උපදෙස් පරිදි ඇසල පොහොයට සමගාමීව 241 වන පාබල බළසේනාවේ නිළධාරි සහ සෙසු නිලයින් විසින් සංවිධානය කරන ලද මඤ්ඤොක්කා දන්සල 241 වන පාබල බළසේනාවේ ජන අවන්හල ඉදිරිපිටදි 2022.07.13 වන දින උදෑසන 11.00 සිට දහවල් 01.30 දක්වා පවත්වන ලදි. මෙම දන්සල සඳහා ප්‍රදේශවාසීන් විශාල ප්‍රමාණයක් සහභාගි විය.
22nd July 2022 14:26:43 Hours
24 වන පාබල සේනාංකයේ සේනාංකාධිපති හා 241 වන පාබල බළසේනාවේ බළසේනාධිපති තුමන්ගේ මගපෙන්වීම මත, පණ්ඩිරිප්පු විෂන් ළමා නිවාසයේ ළමුන් සහ එහි සිටි ජනතාව වෙනුවෙන් ඇසළ පොහෝ දින ආහාර බෙදාදීමේ වැඩසටහනක් 18 වන විජයබාහු පාබල රෙජිමේන්තුවේ භඨපිරිස් විසින් සංවිධානය කරන ලදී.
22nd July 2022 14:21:15 Hours
231 වන පාබල බළසේනාවේ බළසේනාධිපති බ්‍රිගේඩියර් ඩබ්ලිව් එම් එන් කේ ඩී බණ්ඩාර ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පී පීඑස්සී ජ්‍යෙෂ්ඨ නිළධාරීගේ මඟපෙන්වීම මත 11 (සෙව්) ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ භඨපිරිස් විසින් රු 6000.00 ක වටිනාකමකින් යුත් වියලි සළාක මලු 116 ප්‍රමාණයක් 2022 ජූලි 15 වැනි දින මඩකලපුව දිස්ත්‍රික්කයේ සින්නවත්ත ප්‍රදේශයේ අඩු ආදායම්ලාභි පවුල් අතර බෙදා දෙන ලදී.
22nd July 2022 14:07:35 Hours
231 වන පාබල බළසේනාවේ බළසේනාධිපති බ්‍රිගේඩියර් ඩබ් එම් එන් කේ ඩි බංඩාර ආර්ඩබ්පි ආර්එස්පි යුඑස්පි එන්ඩියු ජ්‍යෙෂ්ඨ නිළධාරීගේ මඟපෙන්වීම මත, 4 වන ගැමුණු හේවා බළඇණිය සහ 11 (සෙව්) ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ භඨ පිරිස් විසින් රු. 5000.00 ක් බැගින් වු වටිනාකමකින් වියළි සළාක මලු 80 ක ප්‍රමාණයක් 2022 ජූලි 16 දින මඩකලපුව දිස්ත්‍රික්කයේ උන්නච්චි සහ කුරුක්කල්මඩම් හි දිළිඳු පවුල් අතර බෙදාදෙන ලදී.
17th May 2022 11:31:37 Hours
ශ්‍රී ලංකා කාලතුවක්කු රෙජිමේන්තුවේ කර්නල් එස් පී මලවරගේ ආර්එස්පි යුඑස්පි අයිජි යන ජ්‍යෙෂ්ඨ නිළධාරී තොප්පිගල 32 වන පාබල බළසේනාධිපති ලෙස 2022 මැයි මස11දින යෙදුණු සුභ මොහොතින් වැඩ භාර ගන්නා ලදී.
25th April 2022 16:09:43 Hours
දැනට ඕස්ට්‍රේලියාවේ පදිංචිව සිටින සුරංග ඒකනායක මහතා ඇතුළු ඔහුගේ හිතවතුන්ගෙන් ලැබුණු අනුග්‍රහය මත ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ සිද්ධපුර - ධර්මරාජ විද්‍යාලයේදී සිසුන් 137 දෙනෙකු සඳහා පොත් තොගයක් 2022 අප්‍රේල් මස 19 වන දින ප්රදානය කරන ලදී.
25th April 2022 16:05:07 Hours
23 පාබල සේනාංකයේ සේනාංකාධිපතිගේ මග පෙන්වීම මත 233 පාබල බළසේනාවේ භටපිරිස් විසින් කදිරවේලි විග්නේෂ්වරම් කනිෂ්ඨ විද්‍යාලය, පනිච්චන්කේනි තිරුමගල් විද්‍යාලය, කන්දලඩි අරුන්තති විද්‍යාලය, වම්මිරඩ්ඩවාන් විද්‍යාලය සහ වාකරෙයි මහා විද්‍යාලයන්හි 6 ශ්‍රේණියේ සිසුන් සඳහා පාසල් උපාංග බෙදාදීමේ වැඩසටහනක් සිදුකරන ලදී.