Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය
(නැගෙනහිර)

29th January 2025 13:42:04 Hours

ආරක්ෂක සේනා (නැගෙනහිර) වෙතින් වැලිකන්ද පෙර පාසල වෙත පාසල් උපකරණ.

ආඥාපති ආරක්ෂක සේනා මූලස්ථානය (නැගෙනහිර) මේජර් ජෙනරාල් පිආර් පතිරවිතාන යුඑස්ඒඩබිලිවිසි පිඑස්සි ජ්‍යෙෂ්ඨ නිලධාරිතුමන්ගේ සංකල්පයකට අනුව වැලිකන්ද පෙර පාසලෙහි ඉගෙනුම ලබන දු දරුවන් 60 දෙනෙකු සදහා පාසල් උපකරණ 2025 ජනවාරි මස 26 වන දින බෙදා දෙන ලදී.

මෙම වැඩසටහන සදහා ආරක්ෂක සේනා මූලස්ථානය (නැගෙනහිර) සිවිල් සම්බන්ධීකරණ නිලධාරී විසින් මෙහෙයවු අතර මේ සදහා මූල්‍ය හා අදාල උපකරණ පරිත්‍යාගය කලුබෝවිල රෝහලේ ළමාරෝග විශේෂඥ වෛද්‍ය රෝහිත අබේසිංහ මහතා විසින් සිදුකරණ ලදී.