Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය
(නැගෙනහිර)

24th January 2025 15:22:13 Hours

8 ශ්‍රීලංජාආබමු භටපිරිස් විසින් කොළඹ - මඩකලපුව ප්‍රධාන මාර්ගයේ තම්බැට්ට ප්‍රදේශයේ කඩා වැටුණු ගසක් කපා ඉවත් කරයි.

8 වන බලඇණිය ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බළමුළුව විසින් තිරුක්කෝවිල් ප්‍රාදේශීය ලේකම් තුමාගේ ඉල්ලීමක් මත අධික වර්ෂාව හේතුවෙන් කොළඹ - මඩකලපුව ප්‍රධාන මාර්ගයේ තම්බැට්ට ප්‍රදේශයේ කඩා වැටුනු විශාලකාය ගසක්එම ස්ථානයෙන් 8 වන බලඇණිය ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බළමුළුවේ 01X10 භඨ පිරිසකගේ ශ්‍රම දායකත්වයෙන් හා අක්කරේපත්තු ටෙලිකොම් ආයතනයේ සාමාජිකයින්ගේ සහ ප්‍රදේශවාසීන්ගේද සහයෝගයෙන් 2025/01/19 දින කපා ඉවත් කරන ලදි.

මෙම ක්‍රියාන්විතය 24 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් එච්සිඑල් ගලප්පත්ති ආර්එස්පී යූඑස්පී, 242 පාබල බලසේනාවේ වැ:බ බලසේනාධිපති කර්නල් ටිකේඩි ධර්මසේන ආර්ඩබ්ලිව්පි ආර්එස්පි ජ්‍යෙෂ්ඨ නිලධාරින්ගේ මගපෙන්විම යටතේසහ 8 වන බළඇණිය ශ්‍රීලංකා ජාතික ආරක‍්ෂක බළමුළුවේ අණදෙන නිලධාරි මේජර් ඊඩීඑස්කේ දෙනියාය යන නිලධාරිගේ පූර්.ණඅධීක්ෂණය යටතේ සිදු කරන ලදී.