29th January 2025 16:02:43 Hours
යුද්ධහමුදාපතිතුමන්ගේ සංකල්පයකට අනුව සිවිල් සමාජය හා ශ්‍රිලංකා යුද්ධ හමුදාව අතර, සංහිදියාව වර්ධනය කිරිම සදහා මහඔය ප්‍රාදේශිය ලේඛම් කොට්ඨාශයේ අරන්තලාව ග්‍රාම නිළධාරි වසමේ පදිංචිව සිටින ඩබ් ඒ මාලනී මංගලිකා යන මහත්මිය හට නව නිවසක් ඉදිකර දීම සඳහා ආඥාපති ආරක්ෂක සේනා (නැගෙනහිර) උපදෙස් පරිදි සහ 24 පාබල සේනාවේ සේනාංකාධිපති මේජර් ජෙනරල් එච් සී එල් ගලප්පත්ති ආර්එස්පී යුඑස්පී ගේ අධීක්ෂණය මත 16 ශ්‍රීලංජාආබමු ඒකක භඨපිරිස්ගේ සහභාගිත්වයෙන් 2025 01 24 වන දින ආරම්භ කරන ලදී.
මෙම නිවස ඉදිකිරීමේ කටයුතු ආරම්භ කරමින් 2025 01 24 වන දින සුභ මොහොතින් මුල් ගල තැබීම 243 පාබල බසේමු බළසේනාධිපති කර්නල් කේ එම් යූ පි කලුපහන යූඑස්පි පිඑස්සි යන ජ්‍යෙෂ්ඨ නිලධාරි සහ 16 ශ්‍රිලංජාආබමු ඒකක අණදෙන නිලධාරි මේජර් ආර්පි ද සොයිසා යන ජ්‍යෙෂ්ඨ නිලධාරි ඇතුලු නිලධාරි/සෙසු නිලයින්ගේ සහභාගිත්වයෙන් යුතුව සිදුකරන ලදි.