29th January 2025 15:55:01 Hours
5 වන (සෙව්) රෙජිමේන්තුව කාලතුවක්කු හමුදාවේ 45 වන සංවත්සරය 2025.01.22 වන දින සීනිපුර - කන්තලේ කදවුරු පරිශ්‍රයේදි උත්කර්ෂවත් අන්දමින් පවත්වන ලදි. එහිදි අණදෙන නිලධාරි වෙත කදවුරු සම්මාන මුරයක් ලබාදි ප්‍රධාන දොරටුව අබියසදි උණූසුම් ලෙස පිලිගනු ලැබු අතර, සංවත්සර දිනය සනිටුහන් කිරිම සදහා පැලයක් රෝපණය කිරිමෙන් පසු බලලත් නිලධාරි සහ සැරයන් නිවස්නයේ නව ගොඩනැගිල්ලක් සදහා සුභ මොහොතින් මුල් ගල තැබිමේ අවස්ථාවක් ද, අණදෙන නිලධාරි විසින් භඨපිරිස් ඇමතීමක් සහ සියලු නිලයන් සදහා දිවා භෝජන සංග්‍රහයක් මගින් මෙම සුවිශේෂි දිනය තවදුරටත් විචිත්‍රවත් විය.
එම සන්දිස්ථානය සැමරිම සදහා ගණ දෙවි පුජාවක්, සෙත් පිරිත් සජ්ජායනාවක් ඇතුලු වැඩසටහන් මාලාවක් පවත්වන ලදි. තවද රෙජිමේන්තුවේ 45 වන සංවත්සර ගමන සනිටුහන් කරමින් එහි අභිමානය මූර්තිමත් කරන සියලු නිල දිවා භෝජන සංග්‍රහයක් සහ සෙසුනිල භෝජනාගාරය, කොනොනි සමාජ ශාලාවේ සහ බලලත් නිලධාරි සහ සැරයන් නිවස්නයේ ද සැමරුම් උත්සව පවත්වන ලදි.