Header Sinhala

ආරක්ෂක සේනා (මධ්‍යම)

මුල් පුවත

  • ආරක්‍ෂක සේනා මූලස්ථානය (මධ්‍යම) හි ආඥාපති තුමන් 7 වන ශ්‍රී ලංකා සංඥා බලකාය වෙත නිරීක්‍ෂණ සංචාරයක නිරත වන ලදී

    06th September 2022 09:00:40 Hours

    ආරක්‍ෂක සේනා මූලස්ථානය (මධ්‍යම) ආඥාපති මේජර් ජෙනරාල් එම් කේ එස් සිල්වා ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ යන ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන් 2022.09.06 දින 7 වන ශ්‍රී ලංකා සංඥා බලකා කඳවුර සංචාරයක නිරත වන ලදී.

  • ආරක්‍ෂක සේනා (මධ්‍යම) කඳවුරේ නවතමයෙන් ඉදිකරනු ලබන බුද්ධ මන්දිරය සඳහා මුල්ගල තැබීම

    05th September 2022 10:23:40 Hours

    ආරක්‍ෂක සේනා මූලස්ථානය (මධ්‍යම) ආඥාපති මේජර් ජෙනරාල් එම් කේ එස් සිල්වා ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ යන ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන්ගේ මඟපෙන්වීම යටතේ මෙම ආසේමු කඳවුරේ බුද්ධ මන්දිරයක් ඉදිකිරීමට ක‍ටයුතු සැලසුම් කරන ලදි. ඒ අනුව 2022.09.05 දින 1023 පැයට යෙදුනු සුභ මොහොතින් බුද්ධ මන්දිරයේ මුල්ගල තැබීමේ උත්සවය පවත්වන ලදි.

  • ආරක්‍ෂක සේනා මධ්‍යම ආඥාපති සිය බලප්‍රදේශයේ සංචාරයක

    01st August 2022 09:49:25 Hours

    ආරක්‍ෂක සේනා මූලස්ථානය (මධ්‍යම) ආඥාපති මේජර් ජෙනරාල් එම් කේ එස් සිල්වා ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ යන ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන් 2022.07.01 සහ 02 දෙදින තුල 122 පාබල බලසේනා මූලස්ථානය සහ ඒ යටතේ ඇති 23 වන ගජබා රේජිමේන්තුව, 20 ශ්‍රි ලංකා සිංහ රෙජිමේන්තුව, 18 ගැමුණු හේවා රෙජිමේන්තුව යන ස්ථානයන්හී නිරීක්‍ෂණ සංචාරයේ නිරත වන ලදි.

  • ආරක්‍ෂක සේනා මුලස්ථානය (මධ්‍යම) වෙතින් කිරිපිටි පැකට් බෙදාදීමේ වැඩසටහනක් සිදු කරන ලදී

    28th June 2022 09:00:40 Hours

    ආරක්‍ෂක සේනා මුලස්ථානය (මධ්‍යම) ආඥාපති මේජර් ජෙනරාල් එම් කේ එස් සිල්වා ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ යන ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන්ගේ සම්බන්ධිකරණයෙන් හා මගපෙන්වීම මත ඇන්කර් ෆොන්ටේරා සමාඟමේ කළමණාකාර අධ්‍යක්‍ෂක නිමල් ගමගේ මහතාගේ අනුග්‍රාහකත්වය මත ආරක්‍ෂක සේනා මූලස්ථානය (මධ්‍යම)

  • ආරක්‍ෂක සේනා මුලස්ථානය (මධ්‍යම) කඳවුරු භුමියෙහි බෝංචි වගා බිමේ අස්වනු නෙලීම

    27th June 2022 08:49:25 Hours

    රටෙහි පවතින ආහාර අර්බුදය අවම කිරීමේ අරමුණින් යුද්ධ හමුදාව විසින් ආරම්භකර ඇති වගා සංග්‍රාම වැඩපිළිවෙලට සමඟාමීව ආරක්‍ෂක සේනා මුලස්ථානය (මධ්‍යම) භට පිරිස් විසින් සකස් කරන ලද වගා භූමියේ බෝංචි වගා කරන ලද කොටසේ අස්වනු නෙලීමේ කටයුතු 2022.06.27 වන දින ආරම්භ කරන ලදි.

  • ආරක්‍ෂක සේනා මුලස්ථානය මධ්‍යම වෙතින් අත්‍යවශ්‍ය භාණ්ඩයන්ගෙන් සමන්විත වියලි සලාක මළු 200 ක ප්‍රමාණයක් බෙදාදෙන ලදී

    12th June 2022 09:00:40 Hours

    ආරක්‍ෂක සේනා (මධ්‍යම) ආඥාපති මේජර් ජෙනරාල් එම් කේ එස් සිල්වා ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ යන ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන්ගේ සම්බන්ධිකරණයෙන් හා මගපෙන්වීම මත ඇමරිකා එක්සත් ජනපදයේ පදිංචි කොළඹ රාජකීය විද්‍යාලයේ ආදි ශිෂ්‍යයකු වන අනුක් මහතාගේ පූර්ණ අනුග්‍රාහකත්වය මත ආරක්‍ෂක සේනා මූලස්ථානය (මධ්‍යම) බලප්‍රදේශය තුල ජීවත්වන සියලු ජාතීන් නියෝජනය වන පරිදි ආර්ථික අපහසුතාවලින් යුත් අඩු ආදයම්ලාභී දිළිඳු පවුල් හී ජන ජීවිතයට කිසියම් අස්වැසිල්ලක් සැලසීම වෙනුවෙන් අත්‍යවශ්‍ය භාණ්ඩ සමන්විත වියලි සලාක මළු 200ක් ලබාදීමේ වැඩසටහනක් 2022.06.12 වන දින බඩල්කුඹුර සංස්කෘතික මධ්‍යස්ථානයේදී පවත්වන ලදී.

  • යුද්ධ හමුදා මූලික රෝහල දියතලාව හදිසි ප්‍රථිකාර ඒකකය වෙත විශේෂිත ඇඳන් පරිත්‍යාග කරයි

    10th June 2022 09:00:40 Hours

    ආරක්‍ෂක සේනා මූලස්ථානය (මධ්‍යම) බලප්‍රදේශයේ පිහිටි දියතලාව යුද්ධ හමුදා මූලික රෝහලේ හදිසි ප්‍රථිකාර ඒකකය වෙත විශේෂිත ඇඳන් පරිත්‍යාග කිරීමේ වැඩසටහනක් 2022.06.10 වන දින පවත්වන ලදි.

  • ආරක්‍ෂක සේනා මුලස්ථානය මධ්‍යම වෙතින් අත්‍යවශය භාණ්ඩයන්ගෙන් සමන්විත වියලි සලාක මළු 100 ක ප්‍රමාණයක් බෙදාදීමේ වැඩසටහන

    26th May 2022 10:15:59 Hours

    ආරක්‍ෂක සේනා මූලස්ථානය (මධ්‍යම) බලප්‍රදේශය තුල ජීවත්වන සියලු ජාතීන් නියෝජනය වන පරිදි ආර්ථික අපහසුතාවලින් යුත් අඩු ආදයම්ලාභී පවුල් හී ජන ජීවිතයට කිසියම් අස්වැසිල්ලක් සැලසීම වෙනුවෙන් ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් එම්කේඑස් සිල්වා ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩියු ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමාගේ මඟපෙන්වීම සහ සම්බන්ධීකරණයෙන් බණ්ඩාරවෙල ප්‍රදේශයට ආසන්න පූනාගල ක්‍රේග් වත්ත ගම්මානයේ වෙසෙන සියළු ජාතීන් නියෝජන වන ආර්ථික වශයෙන් අපහසුතා ඇති අසරන පවුල් 100 ක් වෙත

  • අඩු ආදායම්ලාභි පවුල් සදහා නිවාස ඉදිකරදිම

    24th May 2022 10:15:59 Hours

    ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි හා යුද්ධ හමුදාධිපති ජෙනරාල් එල්එච්එස්සී සිල්වා ඩබ්ලිව්ඩබ්ලිව්වි ආර්ඩබ්ලිව්පි ආර්එස්පි විඑස්වි යුඑස්පි එන්ඩිසි පිඑස්සි එම්ෆිල් ජ්‍යෙෂ්ඨ නිලධාරී තුමාගේ සම්බන්ධීකරණයෙන් හා ආරක්‍ෂක සේනා (මධ්‍යම) ආඥාපති මේජර් ජෙනරාල් එම් කේ ඒස් සිල්වා ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන්ගේ ඝෘජු අධීක්‍ෂණය යටතේ ආරක්‍ෂක සේනා මූලස්ථානය (මධ්‍යම) යටතේ පාලනය වන

  • ආරක්‍ෂක සේනා මුලස්ථානය මධ්‍යම වෙතින් අත්‍යවශ්‍ය භාණ්ඩයන්ගෙන් සමන්විත වියලි සලාක මළු 1400 ක ප්‍රමාණයක් බෙදාදීමේ වැඩසටහන

    20th May 2022 10:15:59 Hours

    ආරක්‍ෂක සේනා මූලස්ථානය (මධ්‍යම) ආඥාපති මේජර් ජෙනරාල් එම් කේ එස් සිල්වා ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ යන ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන්ගේ සම්බන්ධිකරණයෙන් හා මගපෙන්වීම මත 2022 වර්ෂයේ වෙසක් මංගල්‍ය වෙනුවෙන් අඩු ආදායම්ලාභී අසරණ ජනයාගේ ජීවිකාවට සහන සැලසීමේ පරමාර්ථයෙන් ඌව පළාතේ බදුල්ල දිස්ත්‍රික්කයේ පවුල් 1400 කට රුපියල් මිලියන 2.25 ක වටිනාකමකින් යුත් අත්‍යවශ්‍ය භාණ්ඩ වන (සහල්,පරිප්පු,පොල්,ලුණු,සෝයා මීට්) වියලි සලාක මළු 1400 ක ප්‍රමාණයක් පවුල් 1400 ක සංඛ්‍යාවකට ශ්‍රී ලංකාවේ තලගල ශ්‍රී සිද්ධාර්ථ පදනමේ සහ Tan Ngak Bauy & Kee Meng lang Foundation Limited (Singapore) පූර්ණ අනුග්‍රාහකත්වයෙන් 2022.05.20 වන දින බණ්ඩාරවෙල කහත්තේවෙල ශ්‍රී සුබෝධාරාමයේදී ආරක්‍ෂක මූලස්ථානය (මධ්‍යම) ආඥාපති මේජර් ජෙනරාල් එම්කේ සිල්වා ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩියු ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන්ගේ ප්‍රධානත්වයෙන් පවත්වන ලදී.