Header Sinhala

ආරක්ෂක සේනා (මධ්‍යම)

17th November 2022 09:00:00 Hours

ආරක්‍ෂක සේනා මුලස්ථාන (මධ්‍යම) නව ආඥාපති තුමන් තනතුරෙහි වැඩ භාර ගැනීම

ආරක්‍ෂක සේනා මුලස්ථානය (මධ්‍යම) නව ආඥාපති ලෙස මේජර් ජෙනරාල් ඩබ්ලිව් ආර් එම් එම් රත්නායක ආර්ඩබ්ලිව්පි ආර්එස්පි යුඑස්පී එන්ඩියු යන ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන් 2022.11.17 වන දින ආගමික වතාවත් වලට මුල්තැන දෙමින් පෙ:ව 0910 යෙදුනු සුභ මොහොතින් ආඥාපති තනතුරෙහි වැඩභාර ගන්නා ලදි.

මෙම ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන් ක්‍රියාන්විත ප්‍රදේශ ඇතුළු දිවයිනේ විවිධ ස්ථානයන් හි රාජකාරි සිදු කර දැනුම් සම්භාරයකින් හෙබි ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු වේ. ආඥාපති තුමන් හට‍ ගජබා රෙජිමේන්තු මධ්‍යස්ථානයේ භටපිරිස් සහභාගීත්ව‍යෙන් සම්මාන පෙළපාලියක් සහ කඳවුරු සම්මාන මුරයක් පිරිනැමීමෙන් අනතුරුව නව ආඥාපති තුමන් කඳවුර වෙත උණුසුම් අයුරින් පිලිගන්නා ලදි.

පසුව ආඥාපති තුමන් කඳවුරු භුමියේ නා පැලයක් රෝපණය කර සියළු නිලයන්ගේ සහභාගිත්වයෙන් සමූහ ඡායාරූපයකට පෙනි සිට ආඥාපති තුමන් විසින් භඨපිරිස් ඇමතිමක් සිදුකර සියළු නිල තේ පැන් සංග්‍රහයකට සහභාගි වන ලදි.

මෙම අවස්ථාව සඳහා 11 පාබල සේනාංකයේ සේනාංකාධිපති, 12 පාබල සේනාංකයේ සේනාංකාධිපති, ආරක්‍ෂක සේනා මූලස්ථානය මධ්‍යම බ්‍රිගේඩියර් ප්‍රධාන මාණ්ඩලික ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන්, ආරක්‍ෂක සේනා මූලස්ථානය මධ්‍යම බ්‍රිගේඩියර් පාලන භකාස ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන්, රාජකාරියේ නියුතු ජ්‍යෙෂ්ඨ නිලධාරින්,ඒකක අණදෙන නිලධාරී වරුන් හා නිලධාරින්, නිලධාරීනියන්, පාබල බසේමු/ඒකකයන්හි රාජකාරි කරනු ලබන ජ්‍යෙෂ්ඨ නිලධාරින් සහ සෙසු නිලයින් සහභාගි වන ලදී.