Header Sinhala

ආරක්ෂක සේනා (මධ්‍යම)

30th September 2022 08:00:40 Hours

යුද්ධ හමුදාධිපතිතුමන් ආරක්‍ෂක සේනා මුලස්ථානය - මධ්‍යම නිරීක්‍ෂණ සංචාරයක නිරත වන ලදි

යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් එච් එල් වී එම් ලියනගේ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩියු යන ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන්ගේ විසින් 2022.09.30 වන දින ආරක්‍ෂක සේනා මුලස්ථානය - (මධ්‍යම) වෙත නිල සංචාරයක් සිදුකරන ලදී.

ආරක්‍ෂක සේනා මුලස්ථානය - මධ්‍යම වෙත පැමිණි යුද්ධ හමුදාධිපතිතුමන්, ආඥාපති මේජර් ජෙනරාල් එම් කේ එස් සිල්වා ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ යන ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන් විසින් උණුසුම් ලෙස පිළිගැනීමෙන් අනතුරුව ගජබා රෙජිමේන්තු භටපිරිස් විසින් හමුදා සම්ප්‍රදායානුකූල කඳවුරු ආරක්‍ෂක මුරයේ හා සම්මාන පෙලපාලියේ ගෞරවාචාරය එතුමන් වෙත පිරිනමන ලදී. යුද්ධ හමුදාධිපතිතුමන් කඳවුරු භූමිය තුල නා පැලක් රෝපණය කර සමූහ ඡායාරූපයකටද පෙනී සිටි අතර පසුව, ආරක්‍ෂක සේනා මුලස්ථානය - මධ්‍යම මූලස්ථානයේ සියළුම නිලයින් අමතනු ලැබීය. එහිදී යුද්ධ හමුදාවේ තම රාජකාරින් කැපවීමේන් යුතුව ඉටුකිරීමේ වැදගත්කම, තම වෘත්තීය දැනුම නිරන්තරයෙන් වැඩිදියුණු කිරීමේ අවශ්‍යතාවයද පෙන්වාදුන් අතර, වැඩි දුරටත් දැනට යුද්ධ හමුදාව විසින් ක්‍රියාත්මක කරන හරිත කෘෂිකාර්මික ව්‍යපෘතින් ඉදියට ගෙනයාම, වෘත්තීය දක්‍ෂතාවයන් වැඩිදියුණු කරගැනීම සහ යුද්ධ හමුදාවේ විනය පවත්වාගෙන යාම වැනි කරුණුද අවධාරණය කරන ලදී.

තවද, මෙම සංචාරය සනිටුහන් කරමින් සියළුම නිලයින් ඇමතීමෙන් අනතුරුව යුද්ධ හමුදාධිපතිතුමන් සහ ආරක්‍ෂක සේනා මුලස්ථානය - මධ්‍යම ආඥාපති තුමන් අතර සමරු තිළිණ හුවමාරුකල අතර තේ පැන් සංග්‍රහයකට සහභාගි වී සංචාරය සිහිපත් කරනු වස් විශේෂ අමුත්තන්ගේ පොතෙහි සටහන් තැබීමද සිදු කර සංචාරය නිමාවට පත් කරන ලදී.