13th October 2021 21:00:32 Hours
ආරක්ෂක සේනා මුලස්ථානය (මධ්‍යම) නව ආඥාපති ලෙස මේජර් ජෙනරාල් එම් කේ එස් සිල්වා ආර්ඩබ්ලිව්පි ආර්එස්පි එන්ඩියු යන ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන් ඉකුත් 04 වන දින ආගමික වතාවත් වලට මුල්තැන දෙමින් සුභ මොහොතින් ආඥාපති තනතුරෙහි වැඩභාර ගැනීමෙන් අනතුරුව 2021.10.13 වන දින භඨ පිරිස් අමතන ලදි.
04th October 2021 17:02:58 Hours
ආරක්ෂක සේනා මුලස්ථානය (මධ්‍යම) නව ආඥාපති ලෙස මේජර් ජෙනරාල් එම් කේ එස් සිල්වා ආර්ඩබ්ලිව්පි ආර්එස්පි එන්ඩියු යන ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන් 2021.10.04 වන දින ආගමික වතාවත් වලට මුල්තැන දෙමින් සුභ මොහොතින් ආඥාපති තනතුරෙහි වැඩභාර ගන්නා ලදි.
04th October 2021 10:33:38 Hours
ආරක්ෂක සේනා මුලස්ථානය (මධ්‍යම) ආඥාපති ලෙස රාජකාරි කරනු ලැබු මේජර් ජෙනරල් එච් එල් වී එම් ලියනගේ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ යන ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන් 2021.10.04 වන දින ආඥාපති තනතුරෙන් නික්ම යන ලදි.
02nd October 2021 11:14:37 Hours
ආරක්ෂක සේනා මුලස්ථාන (මධ්‍යම) ආඥාපති, ශ්‍රි ලංකා ජාතික ආරක්ෂක බළමුළුවේ රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරාල් විකුම් ලියනගේ යන ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන්ගේ සංකල්පයකට අනුව 2021.10.01 දිනට යෙදී ඇති ලෝක ළමා දිනය වෙනුවෙන් බණ්ඩාරවෙල අඹේගොඩ “සිරි සඟබෝ ළමා නිවාසයේ” දරුවන් සඳහා ආරක්ෂක සේනා මූලස්ථාන ප්‍රධාන සිවිල් සම්බන්ධීකරන කාර්යාලයේ සම්බන්ධීකරණයෙන්, බණ්ඩාරවෙල pizza Hut ආයතනයේ අනුග්‍රාහකත්වයෙන් pizza ආහාර සහ මෙම මුල සිවිල් සම්බන්ධීකරණ කාර්යාලයේ සම්බන්ධීකරණයෙන් එළවළු, විශබීජහරණ ද්‍රව්‍ය හා මුඛ ආවරණ බෙදාදීමේ වැඩසටහනක් ආඥාපති ආසේමු (මධ්‍යම) ප්‍රධානත්වයෙන්,ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ගේ සහ සෙසුනිලයින්ගේ සහභාගීත්වයෙන් එම ළමා නිවාසයේදී සිදුකරන ලදී.
02nd September 2021 14:18:47 Hours
ආරක්ෂක සේනා (මධ්‍යම) බලප්‍රදේශය තුල ප්‍රතිස්ථාපනය කරන ලද 3 වන ශ්‍රිලංකා යුද්ධ හමුදා කාන්තා බලකායේ නිලධාරිණියන් සහ සෙසු නිලයන් හට ආරක්ෂක සේනා මධ්‍යම ආඥාපති මේජර් ජෙනරාල් එච් එල් වී එම් ලියනගේ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයු යන ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන් නිරෝධායන නීති වලට අනුව 2021.08.31 වන දින භඨපිරිස් අමතන ලදී.
12th August 2021 17:58:50 Hours
12th August 2021 17:24:35 Hours
31st July 2021 21:25:57 Hours
23rd July 2021 16:25:16 Hours
ආරක්ෂක සේනා මුලස්ථානය (මධ්‍යම) නව ආඥාපති ලෙස අභිනවයෙන් රාජකාරි කටයුතු ආරම්භ කල මේජර් ජෙනරාල් එච් එල් වී එම් ලියනගේ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයු යන ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන් 2021.07.22 වන දින සිය බලප්‍රදේශයේ පිහිටි ලක්ෂපාන 19 ශ්‍රීලංකා ජාතික ආරක්ෂක බලමුළුව යන ඒකකය, ඉහල කොත්මලේ ජල විදුලි බලාගාරය, කොටගල තෙල් සංස්ථාව, 581 පාබල බලසේනා මූලස්ථානය කොටගල, විමලසුරේන්ද්‍ර ජල විදුලි බලාගාරය හා ලක්ෂපාන ජල විදුලි බලාගාරය යන ස්ථානයන් වෙත නිරික්ෂණ සංචාරයක නිරත විය.
23rd July 2021 09:52:10 Hours
ආරක්ෂක සේනා මධ්‍යම ආඥාපති මේජර් ජෙනරල් එච් එල් වී එම් ලියනගේ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයු යන ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන් 2021.07.21 දින තුල 7 වන ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකාය හා 8 වන ශ්‍රී ලංකා සේවා බලකාය යන ඒකකයන්හි නිරීක්ෂණ සංචාරයක නිරත වන ලදී.