Header Sinhala

ආරක්ෂක සේනා (මධ්‍යම)

11th August 2023 08:30:00 Hours

ශ්‍රී දළඳා මාළිගාවේ වාර් ෂික ඇසළ මහා පෙරහැරට සමගාමිව සිදු කරණු ලබන කොප්පරා පුජාව

ඓතිහාසික මහනුවර ශ්‍රී දළදා මාළිගාවේ වාර් ෂික ඇසළ පෙරහැරට සමගාමීව සිදු කරනු ලබන කොප්පරා පූජාව මෙවරත් යුද්ධ හමුදාධිපති තුමන්ගේ සහභාගිත්වයෙන් 2023.08.11 වන දින පවත්වන ලදි.

ඇසළ මහා පෙරහැර සදහා අවශ්‍ය සියලු කොප්පරා යුද්ධ හමුදාව විසින් පුජා කරන අතර උදෑසන ආගමික වතාවත් සිදුකර සංකේතාත්මක ව හමුදාධිපතිතුමන් විසින් ශ්‍රී දළදා මාලිගාවේ දියවඩන නිලමේ තුමන් වෙත කොප්පරා පූජාව සිදුකරන ලදි.

අනතුරුව යුද්ධ හමුදාධිපති තුමන් විසින් පල්ලෙකැලේ යුද්ධ හමුදා මූලික රෝහල වෙත නිරීක්ෂණ සංචාරයක් සිදු කරන ලදී. එහි දී යුද්ධ හමුදාධිපති තුමන් විසින් පල්ලෙකැලේ යුද්ධ හමුදා මූලික රෝහලේ වත්මන් තත්වය නිරීක්ෂණය කරන ලදී.

මෙම අවස්ථාව සඳහා ආරක්‍ෂක සේනා මධ්‍යම ආඥාපති තුමන් ඇතුළු ජේෂ්ඨ නිලධාරින්, නිලධාරීන් පිරිසක් සහභාගි වන ලදි.