03rd January 2024 20:18:15 Hours
සිව්වන පකිස්ථානු ශ්‍රිලංකා සන්නද්ධ හමුදා ආරක්‍ෂක සම්මන්ත්‍රණය සඳහා දින පහක නිල සංචාරයක් සඳහා මෙරටට පැමිණ සිටින පාකිස්ථානයේ ආරක්‍ෂක ලේකම් (විශ්‍රාමික) ලුතිනත් ජෙනරාල් හමූඩ් උස් සමාන් කාන් (Lieutenant General (RTD) Hamood Uz Zaman Khan) ආරක්‍ෂක සේනා මූලස්ථානය (මධ්‍යම) බල ප්‍රදේශයට අයත් ඓතිහාසික මහනුවර ප්‍රදේශයේ 2024.01.02 දින නිල සංචාරයක නිරත වන ලදි.
21st November 2023 08:29:13 Hours
වාර්ෂික අන්තර් රෙජිමේන්තු සංග්‍රාමික වෙඩිතැබීමේ තරඟාවලිය 2023.11.06 සිට 16 දින දක්වා පවත්වන ලද අතර, එහි ත්‍යාග,සහතිකපත් හා කුසලාන ප්‍රධානය කිරීමේ ප්‍රථම අධීයර ආරක්‍ෂක සේනා (මධ්‍යම) ආඥාපති, ශ්‍රිලංකා යුද්ධ හමුදා පොදු සේවා බලකා සේනාවිධායක මේජර් ජෙනරාල් ඩබ්ලිව් ඩබ්ලිව් එච් ආර් ආර් වී එම් එන් ඩි කේ බී නියංගොඩ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී විඑස්වී යුඑස්පී එන්ඩියු පිඑස්සි යන ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන්ගේ සහභාගිත්වයෙන් 2023.11.20 දින ප්‍රගුණ සැඟවුණු වෙඩික්කරු පුහුණු පාසලේදී පවත්වන ලදි.
08th November 2023 10:30:18 Hours
ආරක්‍ෂක සේනා මුලස්ථානය (මධ්‍යම) ආඥාපති තුමන්ගේ පූර්ණ මග පෙන්විම හා සම්බන්ධිකරණයෙන්, මේ දින වල පවතින දැඩි වරිෂාව තත්වය හේතුවෙන් විවිධ අපදාවන්ට ලක්ව විපතට පත් ආරක්‍ෂක සේනා මුලස්ථානය (මධ්‍යම) යටතේ රාජකාරි නිරත සිවිල් සේවක මහතුන් දස දෙනෙකු සඳහා රු.6000.00 ක වටිනාකමකින් යුත් අත්‍යාවශ්‍ය වියලි සලාක ද්‍රව්‍යන්ගෙන් සමන්විත සලාක මළු 10 ක් ආරක්‍ෂක සේනා මුලස්ථානය (මධ්‍යම) මැදිහත්විම මගින් ලබාදෙන ලදි.
08th November 2023 10:00:18 Hours
ආරක්‍ෂක සේනා මුලස්ථානය (මධ්‍යම) ආඥාපති තුමන්ගේ පූර්න මග පෙන්විම හා සම්බන්ධිකරණයෙන් දියතලාව ප්‍රදේශයේ දුෂ්කර පාසලක් වන කදුරුගමුව මිහිදු විද්‍යාලයේ අධ්‍යාපනය හදාරනු ලබන සියලු දරුවන්ගේ ප්‍රයෝජනය සඳහා ඇති පරිඝණක යන්ත්‍රය හා ඡායාරූප යන්ත්‍රය අළුත්වැඩියා කිරිම සඳහා රු.40000.00 ක මුල්‍යමය වටිනාකමකින් යුත් ප්‍රේෂණපතක් ඇන්කර් ෆෝන්ටේරා පුද්ගලික සමාගමේ පූර්ණ අනුග්‍රාහකත්වයෙන් එම විද්‍යාලයේ විදුහල්පති තුමිය වෙත 2023.11.08 වන දින ආරක්‍ෂක සේනා මුලස්ථානය (මධ්‍යම) ආඥාපති තුමන් විසින් ප්‍රධානය කරන ලදි.
21st October 2023 10:30:11 Hours
උසස් තත්වයේ භඨ කාර්ය සම්පාදන ක්‍රියාවලියක් සිදු කිරීම සඳහා ඒ හා සම්බන්ධ භකාස විෂය සබැඳිව රාජකාරි සිදු කරනු ලබන නිලධාරීන් හට දැනුමක් ලබා දීම අරමුණූ කර ගනිමින් වැඩමුළුවක් ආරක්‍ෂක සේනා (මධ්‍යම) ආඥාපති මේජර් ජෙනරාල් ඩබ්ලිව් ඩබ්ලිව් එච් ආර් ආර් වී එම් එන් ඩී කේ බී නියංගොඩ ආර්ඩබ්ලිව්පී ආර්එස්පි යුඑස්පී වීඑස්වී එන්ඩියු පීඑස්සී යන ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන්ගේ ප්‍රධානත්වයෙන් 2023.10.16 දින ආරම්භ කල අතර පාඨමාලාව අවසානයේ සහතික පත්‍ර ප්‍රධානෝත්සවය 2023.10.21 වන දින ඉදිරි නඩත්තු පෙදෙස (මධ්‍යම) ආඥාපති මේජර් ජෙනරාල් ඩී ඒම් පී පී දසනායක යන ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන්ගේ ප්‍රධානත්වයෙන් සිදුකරන ලදි.
20th October 2023 20:00:57 Hours
ආරක්‍ෂක සේනා (මධ්‍යම) ආඥාපති මේජර් ජෙනරාල් ඩබ්ලිව් ඩබ්ලිව් එච් ආර් ආර් වී එම් එන් ඩි කේ බී නියංගොඩ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී විඑස්වී යුඑස්පී එන්ඩියු පිඑස්සි ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන්ගේ සංකල්පයකට අනුව මෙම මූලයේ හා මෙම මූලය යටතේ පාලනය වන පාබල සේමු, පාබල බසේමු රෙජිමේන්තු සැරයන් මේජර්වරැන් ජ්‍යෙකොනොනින්ගේ නායකත්ව හැකියාව වර්ධනය කිරිමේ අරමුණින් ජ්‍යෙකොනොනි නායකත්ව වැඩමුළුවක් 2023.10.16 දින සිට 2023.10.20 දින දක්වා මෙම ආරක්‍ෂක සේනා මුලස්ථානයේ නේවාසිකව සිදුකරන ලද අතර පාඨමාලාව අවසානයේ සහතික පත්‍ර ප්‍රධානය කිරීමේ උත්සවය 2023.10.20 දින ආරක්‍ෂක සේනා (මධ්‍යම) ආඥාපති තුමන්ගේ ප්‍රධානත්වයෙන් සිදු කරන ලදි.
03rd October 2023 09:30:00 Hours
ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් ඩබ්ලිව්ඩබ්ලිව්එච්ආර්ආර්වීඑම්එන්ඩිකේබී නියංගොඩ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී විඑස්වී යුඑස්පී එන්ඩියු පිඑස්සි ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන්ගේ පූර්ණ මග පෙන්වීම හා සම්බන්ධීකරණයෙන් ලෝක ළමා දිනය නිමිතිකොට 2023.10.03 දියතලාව කදුරුගමුව මිහිදු විද්‍යාලයේ දරුවන් හා ආචාර්ය මණ්ඩලය වෙනුවෙන් සත්කාරමය වැඩසටහන් ත්‍රිත්වයක් බණ්ඩාරවෙල සිංහ සමාජයේ පූර්ණ අනුග්‍රාහයෙන් එම විද්‍යාල පරිශ්‍රයේදී හා දියතලාව යුධ හමුදා ගොල්ෆ් සමාජ ශාලාවේදී පවත්වන ලදී.
03rd October 2023 08:30:00 Hours
ආරක්‍ෂක සේනා (මධ්‍යම) ආඥාපති මේජර් ජෙනරාල් ඩබ්ලිව් ඩබ්ලිව් එච් ආර් ආර් වී එම් එන් ඩි කේ බී නියංගොඩ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී විඑස්වී යුඑස්පී එන්ඩියු පිඑස්සි යන ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන්ගේ සංකල්පයකට අනුව මෙම මූලයේ හා මෙම මූලය යටතේ පාලනය වන පාබල සේමු, පාබල බසේමු හී තිස් පස් දෙනෙකුගෙන් යුත් ක්‍ෂණික ක්‍රියාන්විත යතුරුපැදි කණ්ඩයක් සඳහා දින 14 ක පුහුණූ පාඨමාලාවක් 2023.09.18 දින ආරම්භ කල අතර පාඨමාලාව අවසානයේ සහතික පත්‍ර ප්‍රධානෝත්සවය ආරක්‍ෂක සේනා (මධ්‍යම) ආඥාපති තුමන්ගේ ප්‍රධානත්වයෙන් 2023.10.03 වන දින සිදුකරන ලදි.
28th September 2023 09:00:00 Hours
ඔක්තෝබර් මස 10 දිනට යෙදී ඇති ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ 74 වන සංවත්සරයට සමගාමීව පැවැත්වූ ආගමික සැමරුම් මාලාවේ දෙවැන්න මහනුවර ශ්‍රී දළදා මාලිගාවේදී යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් එච් එල් වී එම් විකුම් ලියනගේ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ යන ජ්‍යෙෂ්ඨ නිලධාරී තුමන්ගේ ප්‍රධානත්වයෙන් 2023.09.28 වන දින පවත්වන ලදි.
22nd September 2023 20:30:54 Hours
ආරක්‍ෂක සේනා (මධ්‍යම) ආඥාපති සහ යුද්ධ හමුදා පොදුසේවා බලකායේ කර්නල් සේනාවිධායක මේජර් ජෙනරාල් ඩබ්ලිව් ඩබ්ලිව් එච් ආර් ආර් වී එම් එන් ඩී කේ බී නියංගොඩ ආර්ඩබ්ලිව්පී ආර්එස්පි යුඑස්පී වීඑස්වී එන්ඩියු පීඑස්සී යන ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන් 2023.09.20 වන දින කළු අඹතැන්න ශ්‍රිලංකා යුද්ධ හමුදා සේවා බලකා වගාබිමේ නිරීක්‍ෂණ සංචාරයක නිරත වන ලදී.