Header Sinhala

ආරක්ෂක සේනා (මධ්‍යම)

මුල් පුවත

  • ආරක්ෂසක සේනා මුලස්ථාන‍ මධ්‍යම 9 වන සංවත්සරය අති උත්කර්ෂවත් අයුරින් සමරයි

    16th March 2022 17:16:58 Hours

    ආරක්ෂක සේනා මුලස්ථාන‍ මධ්‍යම ආඥාපති මේජර් ජෙනරාල් එම් කේ එස් සිල්වා ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ නිලධාරි තුමන්ගේ උපදෙස් හා මගපෙන්විම මත 9 වන සංවත්සරයට සමගාමිව සියළුම නිළයින්ගේ සහභාගිත්වයෙන් වැඩසටහන් මාලාවක් සිදු කරන ලදි.

  • ආරක්‍ෂක සේනා මූලස්ථානය මධ්‍යම නව ගොඩනැගිල්ලක ප්‍රථිස්ථානගත කිරිම

    04th March 2022 14:27:56 Hours

    අරක්‍ෂක සේනා මුලස්ථානය මධ්‍යම 2013.03.13 වන දින යුද්ධ හමුදා ස්වෙච්ජා පුහුණු පාසල තුල නවතමයෙන් ස්ථාන ගත කරන ලදි. මහනුවර මාතලේ නුවරඑළිය බදුල්ල මොණරාගල හම්බන්තොට යන දිස්ත්‍රික්ක මෙම ආරක්‍ෂක සේනා බලප්‍රදේශයට ඇතුලත් වන බැවින් වඩාත් මධ්‍යස්ථ ස්ථානය වශයෙන් දියතලාව ප්‍රදේශය ස්ථානගතවීම සඳහා තෝරා ගන්නා ලදි

  • ඇස් කණ්නාඩි බෙදාදීමේ වැඩසටහනක් පැවැත්වීම

    10th February 2022 14:35:10 Hours

    ආරක්‍ෂක සේනා මූලස්ථානය(මධ්‍යම) ආඥාපති තුමාගේ සම්බන්ධීකරණයෙන් හා මඟ පෙන්වීම මත ඇමරිකාවේ පදිංචි සුදත් ජයසේන මහතාගේ අනුග්‍රාහකත්වයෙන් මෙම මූලස්ථාන කඳවුර අවට ජීවත් වන අඩු ආදායම් ලාභී පවුල් හී ඇස් පෙනීම දුර්වල වැඩිහිටි දෙමාපියන් 175 දෙනෙකු වෙත සහ ආසේමු යටතේ රාජකාරි නියුතු සිවිල් සේවක මහත්ම/මහත්මීන් 25 දෙනෙකු වෙත ඇස් කන්ණාඩි 200 ක් බෙදාදීමේ වැඩසටහනක් 2022.02.07 වන දියතලාව යුධ හමුදා “මුතු කුමරු” ක්‍රීඩාංගනයේදී ආරක්‍ෂක සේනා (මධ්‍යම) ආඥාපති මේජර් ජෙනරාල් එම් කේ එස් සිල්වා ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයු ජ්‍යෙෂ්ඨ නිලධාරී තුමාගේ ප්‍රධානත්වයෙන් පවත්වන ල

  • බෝසත් දරු පරපුරක් අරමුණු කර “පුත්ථා වත්ථු මනුස්සානං” යන තේමාව යටතේ ධර්ම දේශණාවක් පැවැත්වීම

    09th February 2022 21:18:22 Hours

    බෝසත් දරු පරපුරක් අරමුණු කර “පුත්ථා වත්ථු මනුස්සානං” යන තේමාව යටතේ ධර්ම දේශණාවක් සහ ධර්ම සාකච්ඡාවක් මෙම මූලස්ථාන කඳවුර තුල රාජකාරි කරනු ලබන රණවිරු/වීරවරියන් උදෙසා පැවැත්වීමට කටයුතු සූදානම් කර දෙන මෙන් ආරක්‍ෂක සේනා මධ්‍යම ආඥාපති තුමා වෙතින් මෙහි පැමිණ සිටින කෞමදී අමරදිවාකර මහත්මිය විසින් සිදුකරන ලද ඉල්ලීමකට අනුව ආරක්‍ෂක සේනා මධ්‍යම ආඥාපති මේජර් ජෙනරාල් එම් කේ එස් සිල්වා ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩියූ ජ්‍යෙෂ්ඨ යන ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන් විසින් ඒ සඳහා රණවිරුවන්/වීරවරියන් සහභාගි කරවා යහපත් සමාජයක් ගොඩනැංවීම මෙන්ම යහපත් පුරුෂයන් සමාජගත කිරීමේ උදාරතර මහගු පුන්‍ය කර්මයට සම්බන්ධ වන ලදී

  • දිස්ත්‍රික් රෝහල හපුතලේ යුද්ධ හමුදාව එක්ව ශ්‍රමදාන වැඩසටහනක් පැවැත්වීම

    05th February 2022 08:50:25 Hours

    ආරක්‍ෂක සේනා මූලස්ථාන මධ්‍යම කඳවුර ස්ථාපිත ප්‍රදේශයේ පිහිටි හපුතලේ දිස්ත්‍රික් රෝහලේ ප්‍රධාන වෛද්‍ය තුමාගේ ඉල්ලීමකට අනුව 74 වන ජාතික නිදහස් උත්සවයට සමගාමීව සිදුකරන සාමාජ සත්කාරයක් වශයෙන් එම රෝහල තුලින් පහසුකම් ලබාගන්නා රෝගීන්ගේ “සුව මණස” වෙනුවෙන්

  • ආසේමු මධ්‍යම ආඥාපතිතුමන්ගේ බොරලන්ද ප්‍රදේශයේ හරිත කෘෂිකර්මාන්ත ගොවිපල නිරීක්ෂණ සංචාරය

    04th February 2022 16:09:49 Hours

    ආරක්ෂක සේනා මධ්‍යම ආඥාපති මේජර් ජෙනරාල් එම් කේ එස් සිල්වා ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ යන ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමාන්‍ හරිත කෘෂිකර්මාන්තය සම්බන්ධ අනෙකුත් නිලධාරීන් විසින් එළමල්අරාව, පිටපොල, බොරලන්ද ‘කඳකර’ ගැමුණු ගොවි සමිතියට අයත් 2022 යල කන්නයේ වගා කරනු ලබන ගොවි මහතුන්ගේ ගැටළු සොයා බැලීම සඳහා 2022.02.02 දින නිරීක්ෂන චාරිකාවක නිරතවන ලදී.

  • ආරක්‍ෂක සේනා මුලස්ථානය මධ්‍යම වෙතින් ප්‍රජාසත්කාර වැඩසටහනක් ආරම්භ කරන ලදී

    30th January 2022 10:14:19 Hours

    යුද්ධ හමුදාපති තුමන්ගේ සංකල්පයකට අනුව යුද්ධ හමුදා කඳවුරු ස්ථාපිත ප්‍රදේශ අවට පදිංචි ආහාර අවශ්‍යතා ඇති ජනතාව සඳහා “කුසට අහරක් - රණවිරු මෙහෙවරක් ” යන තේමාව යටතේ පිසූ ආහාර පාර්සල් සෑම දිනකම නොමිලේ ලබාදීම සඳහා ආහාර ඇසුරුම් කුටියක් 2022.01.28 වන දින ආරක්‍ෂක සේනා මධ්‍යම ආඥාපති මේජර් ජෙනරාල් එම් කේ එස් සිල්වා ආර්ඩබ්ලිව්පී ආර්එස්පි එන්ඩියූ ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ ප්‍රධානවත්වයෙන් ආරම්භ කරන ලදි

  • 7 වන ශ්‍රිලංකා පොලිස් හේවා බළකා ඒකකය වෙතින් බොලිබෝල් තරඟාවලියක් පවත්වයි

    28th January 2022 15:46:25 Hours

    ආරක්‍ෂක සේනා මධ්‍යම ආඥාපති මේජර් ජෙනරාල් එම් කේ එස් සිල්වා ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයු ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන්ගේ සංකල්පයකට අනුව ආරක්‍ෂක සේනා මූලස්ථානය මධ්‍යම යටතේ පාලනය වන ඒකකයන් නියෝජනය කරමින් වොලිබෝල් තරඟාවලියක් 2021.12.08 වන දින ආසේමු මධ්‍යම මුතුකුමරු ක්‍රිඩාංගනයේදී පවත්වන ලදී.

  • ස්වේච්ඡා පුහුණු පාසල දියතලාව වෙතින් හෙළ ගොවි දනත් වෙනුවෙන් නිෂ්පාදනය කළ කාබනික පොහොර ලංකා ලක්පොහොර සමාගම වෙත භාරදෙන ලදී.

    19th January 2022 15:53:01 Hours

    අතිගරු ජනාදිපති තුමන්ගේ සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්තිය යාථාර්තයක් බවට පත්කරමින් ශ්‍රිලංකා යුද්ධ හමුදාධි පති තුමගන්ගේ නායකත්වයෙන් පුරා මාස හයක පමණ කාලයක් ආරක්‍ෂක සේනා මධ්‍යම ආඥාපති මේජර් ජෙනරල් එම් කේ එස් සිල්වා ආර්ඩබ්ලිව්පි ආර්එස්පි එන්ඩියු යන ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන්ගේ සම්බන්ධිකරණයෙන් ශ්‍රිලංකා යුද්ධ හමුදා ‍ස්වේච්ඡා බළසේනා පුහුණු පසලේ සේනාවිධායක කර්නල් එච් ඒ කීර්තිනාථ ආර්එස්පි කේඑස්පි පිඑස්සි නිලධාරි තුමන්ගේ මග පෙන්වීම යටතේ ඉතා ඉහල ප්‍රමිතියකින් යුතුව දැයට බත සපයන හෙළ ගොවි දනත් වෙනුවෙන් නිෂ්පාදනය කළ කාබනික පොහොර පළමු අධියරෙහි පළමු තොගය ලංකා පොහොර සාමාගම ලක් පොහොර ආයතනය වෙත 2022.01.18 වන දින ආඥාපති තුමන්ගේ සුරැතින් භාරදෙන ලදි.

  • 2022 නව වසර උදාව - ආරක්‍ෂක සේනා මුලස්ථානය මධ්‍යම

    06th January 2022 17:49:54 Hours

    ආරක්‍ෂක සේනා මුලස්ථානය මධ්‍යම උදා වු 2022 නව වසර සදහා වැඩ ආරම්භ කිරිමේ පෙරට්ටුව මෙම මුල ආඥාපති මේජර් ජෙනරාල් එම් කේ එස් ද සිල්වා අර්ඩබ්ලිව්පි ආර්එස්පි එන්ඩියු යන ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන්ගේ ප්‍රධානත්වයෙන් 2022.01.03 වන දින 0900 පැයට පවත්වන ලදි. රාජකාරි නියුතු නියුතු සියළු ජ්‍යෙෂ්ඨ නිලධාරින් / නිලධාරින් හා සෙසුනිලයින්ගේ සහභාගීත්වයෙන් ප්‍රථමයෙන් ජාතික ධජය හා ආරක්‍ෂක සේනා මුලස්ථාන මධ්‍යම ධජය ඔසවා ජාතික ගීය හා යුද්ධ හමුදා ගීතය ගයනා කරන ලදි