Header Sinhala

ආරක්ෂක සේනා (මධ්‍යම)

14th March 2023 09:00:57 Hours

ආරක්‍ෂක සේනා මූලස්ථානය (මධ්‍යම) 10 වන සංවත්සරය උත්සව මාලාවක් පවත්වමින් අභිමානවත් ලෙස සමරන ලදි

ආරක්‍ෂක සේනා මූලස්ථානය(මධ්‍යම) ස්ථාපිත කර වසර 10 ක් සපිරීම නිමිත්තෙන් 2023.03.14 දිනට යෙදී ඇති සංවත්සරයට සමඟාමීව ආරක්‍ෂක සේනා මූලස්ථානය (මධ්‍යම) ආඥාපති මේජර් ජෙනරාල් WRMM රත්නායක RWP RSP USP ndu ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ පූර් ණ මඟපෙන්වීම මත උත්සව මාලාවක් පවත්වමින් සංවත්සරය සමරන ලදි.

ඒ අනුව 2023.03.03 දින බණ්ඩාරවෙල අඹේගොඩ සිරිසඟබෝ ළමා නිවාසයේ සිටින දරුවන් උදෙසා දිවා ආහාරය ලබාදීමේ වැඩසටහනක් ආරක්‍ෂක සේනා මූලස්ථානයේ ප්‍රධාන සිවිල් සම්බන්ධීකරණ ජ්‍යෙෂ්ඨ නිලධාරි හා උපකරණ පාලක නිලධාරි ඇතුළු සෙසු නිලයින්ගේ සහභාගීත්වයෙන් එම ළමා නිවාසයේදී පවත්වන ලදී. තවද, 2023.03.10 වන දින ආයුර්වේද පළාත් මහ රෝහල දියතාලාව රෝහල් අධ්‍යක්‍ෂිකා වෛද්‍ය තුෂාරි වන්නිආරචීචි මැතිතුමිය ගේ ඉල්ලිමකට අනුව ආයුර්වේද රෝහල් පරිශ්‍රය සූද්ධ පවිත්‍ර කිරිමේ ශ්‍රමදාන වැඩසටහනක් ආරක්‍ෂක සේනා මූලස්ථානයේ ප්‍රධාන සිවිල් සම්බන්ධීකරණ නිලධාරි හා සිවිල් සම්බන්ධීකරණ නිලධාරි ඇතුළු සෙසුනිලයින්ගේ 50 ක සහභාගීත්වයෙන් පවත්වන ලදී.

23 වන ශ්‍රිලංකා ගජබා රෙජිමේන්තු ඒකකයේ භටපිරිස් සහභාගිත්වයෙන් 2023.03.14 සංවත්සර දිනයේදි කඳවුරු සම්මාන මුරයක් සහ සම්මාන පෙළ පාළියක් ආඥාපති තුමන් හට පිරිනමන ලදි. අනතුරුව ආඥාපති තුමන් විසින් භඨපිරිස් ඇමතිමක් සිදුකර සියළු නිල සුහඳ හමුව සඳහා සහභාගි වන ලදී.