05th May 2023 19:30:00 Hours
වෙසක් පුර පසලොස්වක පොහොය දිනය නිමිත්තෙන් ආරක්ෂක සේනා මූලස්ථානය (මධ්‍යම) ආඥාපති තුමන්ගේ උදාරතර සංකල්පයකට අනුව නිලධාරින්ගේ හා සෙසු නිලයන්ගේ සහභාගිත්වයෙන් වෙසක් කලාපයක් පවත්වන ලදි.
වෙසක් පොහෝ දින උදෑසන සියළු නිලයින්ගේ සහභාගිත්වයෙන් බෝධි පුජා පිංකමක් පවත්වන ලද අතර සන්ධ්‍යා කාලයේදී ප්‍රදේශයේ බැතිමතුන්ගේ විඩාව දුරු කරලීම සදහා රෝටී දන්දසලක් සහ අසේමු (මධ්‍යම), ඉනපෙ (මධ්‍යම), යුහමුරෝ (දිය), 7 ශ්‍රිලංසංබ, 1 ගැහේබ, 7 ශ්රිලයුපොහේබ, 8 ශ්‍රිලයුසේබ හා 17 ඉසෙරෙ යන ඒකකයන් විසින් නිර්මාණය කරන ලද දර්ශනීය පහන් කූඩු ප්‍රදර්ශණය කරන ලදි.
මෙම කටයුත්ත සඳහා ආරක්ෂක සේනා මුලස්ථානය (මධ්‍යම) ආඥාපති මේජර් ජෙනරාල් ඩබ්ලිව් ආර් එම් එම් රත්නායක ආර්ඩබ්ලිව්පි ආර්එස්පි යුඑස්පී එන්ඩියු යන ජ්‍යෙෂ්ඨ නිලධාරී තුමන් ඇතුළුව ජ්‍යෙෂ්ඨ නිලධාරින්, ඒකක අණදෙන නිලධාරීන් සහ සෙසු නිලයින්ගේ සහභාගිත්වයෙන් මෙම උතුම් වු පුණ්‍යමය කටයුත්ත සාර්ථක ලෙස සිදු කරන ලද අතර ඒ සඳහා විශාල ප්‍රදේශවාසීන් පිරිසක් සහභාගිවන ලදි.