Header Sinhala

ආරක්ෂක සේනා (මධ්‍යම)

19th March 2023 09:30:00 Hours

හල්දුම්මුල්ල ශ්‍රී සුදර්ශනාරාමයේ පැවැත්වූ උත්සව මාලාව සදහා ආරක්‍ෂක සේනා මුලස්ථානය (මධ්‍යම) වෙතින් දායකත්වය ලබාදෙන ලදී

හල්දුම්මුල්ල ශ්‍රී සුදර්ශනාරාමයේ විහාරාධිකාරි කහගොල්ලේ ආනන්ද ස්වාමීන් වහන්සේගේ සංකල්පයකට අනුව අභිනවයෙන් ඉදිකරන ලද ධාතු මන්දිරය සම්බුද්ධ ශාසනයට පුජා කර වසරක් සපිරීම නිමිත්තේන් ඒයට සමගාමිව පිංකම් මාලාවක් ආරක්‍ෂක සේනා මූලස්ථානය (මධ්‍යම) සම්බන්ධි කරනයෙන් 2023.03.19 වන දින හල්දුම්මුල්ල ශ්‍රී සුදර්ශනාරාම විහාරස්ථානයේ දී සිදු කරන ලදි.

එහිදී පැවැත් වූ දර් ශණිය පෙරහැරක් මගින් පිත්තල පිළිම වහන්සේලා 50 ක්,ධාතු කරඩුව වැඩම කරවිමත් හා අටපිරිකර 72 ක් පුජා කිරිමේ කටයුතු ආරක්‍ෂක සේනා මූලස්ථානය (මධ්‍යම) ආඥාපති මේජර් ජෙනරාල් ඩබ්ලිව් ආර් එම් එම් රත්නායක ආර්ඩබ්ලිව්පි ආර්එස්පි යුඑස්පී එන්ඩියු යන ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන්ගේ ප්‍රධානත්වයෙන් සිදු කරන ලදි.

මෙම අවස්ථාව සඳහා සදහා ප්‍රධාන සිවිල් සම්බන්ධි කරණ ජ්‍යෙෂ්ඨ නිලධාරී ආරක්‍ෂක සේනා මූලස්ථානය (මධ්‍යම) බලලත් නිලධාරී ඇතුළු 60 දෙනෙකු සහාභාගි වු අතර,ඒහිදි යුද්ධ හමුදාවේ රජකාරියේ නියුතු සියළුම රණවිරුවන්ට මෙන්ම රටේ භෞමික අඛණ්ඩතාවය වෙනුවෙන් මියගිය හා රණක්ෂිතයට පත් සියළුම රණවිරුවන් වෙත සහ ඔවුන්ගේ පවුල්හී සියළුම සාමාජිකයන් වෙත ආශිර්වාද පුජාවක් ඒම විහාරස්ථාන විහාරාධිකාරී හිමිපාණන් විසින් සිදුකරන ලදී.

ඒ අනුව එම අවස්ථාවන්හිදී ලබා ගන්නා ලද ඡායාරූප යුද්ධ හමුදා වෙබ් අඩවියේ, මුහුණු පොතේ සහ රණවිරුවා සඟරාවේ පලකර දීමට අවැසි ඉදිරි කටයුතු සිදු කර ‍දෙන මෙන් කාරුණිකව ඉල්ලා සිටිනු ලැබේ.