Header Sinhala

ආරක්ෂක සේනා (මධ්‍යම)

11th February 2023 09:00:00 Hours

පාකිස්ථානයේ ඒකාබද්ධ මාණ්ඩලික ප්‍රධානීන්ගේ කමිටුවේ සභාපති ජෙනරල් සාහිර් ෂම්ෂාඩ් මිර් සා එච්අයි (එම්) නිලධාරී තුමන් ‍ඓතිහාසික මහනුවර ශ්‍රි දළදා මාළිගාව හා නුවරඑළිය ප්‍රදේශයේ නිල සංචාරයක

දින පහක නිල සංචාරයක් සඳහා මෙරටට පැමිණ සිටින පාකිස්ථානයේ ඒකාබද්ධ මාණ්ඩලික ප්‍රධානීන්ගේ කමිටුවේ සභාපති ජෙනරල් සාහිර් ෂම්ෂාඩ් මිර් සා එච්අයි (එම්) (General Sahir Shamshad Mirza, HI (M)) ආරක්‍ෂක සේනා මූලස්ථානය (මධ්‍යම) බල ප්‍රදේශයට අයත් ‍ඓතිහාසික මහනුවර ශ්‍රි දළදා මාළිගාව හා නුවරඑළිය ප්‍රදේශයේ 2023.02.11 දින නිල සංචාරයක නිරත වන ලදි.

මහනුවර ශ්‍රි දළදා මාළිගාව වෙත ගොස් ආශිර් වාද ලබා ගනිමින් නුවරඑළියට පැමිණි එතුමන් ඇතුළු පිරිස ආරක්‍ෂක සේනා මූලස්ථානය (මධ්‍යම) ආඥාපති මේජර් ජෙනරල් ඩබ්ලිව් ආර් එම් එම් රත්නායක RWP RSP USP ndu යන ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන් උණුසුම් අයුරින් පිළිගන්නා ලද අතර, ඒකාබද්ධ මාණ්ඩලික ප්‍රධානීන්ගේ කමිටුවේ සභාපති ජෙනරල් තුමන් පිදුරුතලාගල සම්ප්‍රේශණ මධ්‍යස්ථානය නිරීක්‍ෂණ කර නුවරඑළිය ග්‍රෑන්ඩි හොටෙල් Grand Hotel හී දිවා බෝජන සංග්‍රහයකට එක්වන ලදි.

පාකිස්ථානයේ ඒකාබද්ධ මාණ්ඩලික ප්‍රධානීන්ගේ කමිටුවේ සභාපති ජෙනරල් තුමන් ඇතුළු පිරිස හා ආරක්‍ෂක සේනා මූලස්ථානය (මධ්‍යම) ආඥාපති තුමන් ඇතුළු නිලධාරීන් අතර සමරු තිළිණ හුවමාරුවක් සිදුකරීමෙන් අනතුරුව සමූහ ඡායාරූපයකට පෙනී සිට නුවරඑළිය සංචාරය නිමා කරන ලදි.

මෙම අවස්ථාව සදහා 112 පාබල බලසේනා මූලස්ථානයේ බලසේනාධිපති තුමන්, ජ්‍යෙෂ්ඨ නිලධාරී වරුන් මෙන්ම නිලධාරින් පිරිසක් සහභාගි වන ලදි.