Header Sinhala

ආරක්ෂක සේනා (මධ්‍යම)

21st March 2023 09:00:00 Hours

ආරක්‍ෂක සේනා (මධ්‍යම) නව ආඥාපති තුමන් සිය බලප්‍රදේශයේ නිරික්‍ෂණ සංචාරයක නිරත වන ලදී

ආරක්‍ෂක සේනා (මධ්‍යම) ආඥාපති මේජර් ජෙනරාල් ඩබ්ලිව්ආර්එම්එම් රත්නායක ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පී එන්ඩීයූ යන ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන් 2023.03.21 දින 112 වන පාබල බලසේනා මුලස්ථානයේ හා 2 ශ්‍රිලංකා රයිෆල් බලකාය වෙත නිරික්‍ෂණ සංචාරයක නිරත වන ලදි.

112 වන පාබල බලසේනා මුලස්ථානය වෙත පැමිණි ආඥාපති තුමන් බලසේනාධිපති තුමන් විසින් උණුසුම් අයුරින් පිළිගන්නා ලද අතර ආඥාපති තුමන් විසින් කඳවුරු භුමියේ නා පැලයක් රෝපණය කර සමූහ ඡායාරූපයකට පෙනී සිට කඳවුර සංචාරය කරන ලදි පසුව ආඥාපති තුමන් විසින් 2 ශ්‍රිලංකා රයිෆල් බලකාය වෙත සංචාරය කල ආඥාපති තුමන් අණදෙන නිලධාරී විසින් පිළිගන්නා ලද අතර එහිදී කඳවුරු භුමියේ අඹ පැලයක් රෝපණය කර කඳවුර සංචාරය කරන ලදි.

මෙම අවස්ථාව සඳහා 112 වන පාබල බලසේනා මුලස්ථානයේ බලසේනාධිපති මෙන්ම, ඒකක අණදෙන නිලධාරීන් හා අනෙකුත් නිලධාරීන් පිරිසක්ද සහභාගිවන ලදි.

ඒ අනුව එම අවස්ථාවන්හිදී ලබා ගන්නා ලද ඡායාරූප යුද්ධ හමුදා වෙබ් අඩවියේ, මුහුණු පොතේ සහ රණවිරුවා සඟරාවේ පලකර දීමට අවැසි ඉදිරි කටයුතු සිදු කර ‍දෙන මෙන් කාරුණිකව ඉල්ලා සිටිනු ලැබේ.