17th December 2025 09:13:26 Hours
2025.11.26 වන දින ඇති වූ දිට්වා සුළි කුණාටුව හේතුවෙන් ආපදා තත්වයන් මත සහන සේවා කටයුතු, ආරක්ෂක සේනා (මධ්‍යම) ආඥාපති මේජර් ජෙනරාල් කේ ඒ ඩබ්ලිව් එන් එච් බණ්ඩාරනායක යුඑස්පී ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන්ගේ අණදීම මත ආරක්‍ෂක සේනා මූලස්ථානය (මධ්‍යම) යටතේ ස්ථාපිත පාසේමු, පාබසේමු සහ ඒකක වල සිටින සියළුම යුද්ධ හමුදා සාමාජිකයින් ඒ සදහා කඩිනමින් ක්‍රියාත්මක කරවන ලදි.
12th December 2025 08:26:56 Hours
ප්‍රගුණ හා සැගවුනු වෙඩිකක්කරු පුහුණු පාසලේ පැවති දිර්ඝ කාලින ස්නයිපර් පාඨමාලා අංක 23, සදහා දේශීය හා විදේශිය යුද්ධ හමුදා නිලධාරි හා සෙසුනිලයින් 41 දෙනෙකුගේ සහභාගිත්වයෙන් අරම්භ වු පාඨමාලාවේ සිසුන් 2025.12.10 වන දින විසිර යන ලදි. නිලධාරින් දස දෙනෙක් සහ සෙසුනිලයින් 31 දෙනෙකු සාර්ථකව පාඨමාලව නිම කරන ලදි. ඒ සදහා ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ආඥාපති ආසේමු(මධ්‍යම) මේජර් ජෙනරාල් කේ ඒ ඩබ්ලිව් එන් එච් බණ්ඩාරනායක යුඑස්පී සහභාගි වන ලද අතර, විශිෂ්ඨ කුසලතා දැක්වූ සිසුන් හට සහතිකපත් ප්‍රධානය කිරිම සහ ප්‍රගුණ වෙඩික්කරු ලාංඡනය එතුමන් විසින් පැලඳවීම සිදුකරන ලදි.
04th December 2025 10:12:26 Hours
පසුගිය දිනය පැවති අයහපත් කාලගුණික තත්වය හේතුවෙන් දැඩි බළපෑමක් එල්ලවී ඇති 11 වන පාබල සේනාංක බළ ප්‍රදේශයට අයත් මහනුවර, මාතලේ, නුවරඑළිය යන දිස්ත්‍රීක්ක වල ආපදාවට ලක්ව සිටින පුද්ගලයින් සහ ආපදාවන්ට ලක්වූ ස්ථාන නිරීක්ෂණය කිරිම සදහා ආරක්ෂක සේනා (මධ්‍යම) ආඥාපති මේජර් ජෙනරාල් කේඒඩබ්ලිව්එන්එච් බණ්ඩාරණායක යුඑස්පී ජ්‍යෙෂ්ඨ නිලධාරී තුමන් 2025.12.02 දින සිට 04 වන දින දක්වා තෙදින සංචාරයක නිරත වන ලදී.
04th December 2025 10:12:26 Hours
පසුගිය දිනය පැවති අයහපත් කාලගුණික තත්වය හේතුවෙන් දැඩි බළපෑමක් එල්ලවී ඇති 11 වන පාබල සේනාංක බළ ප්‍රදේශයට අයත් මහනුවර, මාතලේ, නුවරඑළිය යන දිස්ත්‍රීක්ක වල ආපදාවට ලක්ව සිටින පුද්ගලයින් සහ ආපදාවන්ට ලක්වූ ස්ථාන නිරීක්ෂණය කිරිම සදහා ආරක්ෂක සේනා (මධ්‍යම) ආඥාපති මේජර් ජෙනරාල් කේඒඩබ්ලිව්එන්එච් බණ්ඩාරණායක යුඑස්පී ජ්‍යෙෂ්ඨ නිලධාරී තුමන් 2025.12.02 දින සිට 04 වන දින දක්වා තෙදින සංචාරයක නිරත වන ලදී.
02nd November 2025 14:15:06 Hours
යුධ හමුදාපති ලුතිතන් ජෙනරාල් බි කේ ජි එම් එල් ජි රොද්‍රිගෝ ආර්එස්පි සිටිඑෆ් - එන්ඩියු පිඑස්සි අයිජි ජ්‍යෙෂ්ඨ නිලධාරි 2025 නොවැම්බර් 01 දින ආරක්‍ෂක සේනා මුලස්ථානය (මධ්‍යම) බළප්‍රදේශයේ නිලසංචාරයක නිරත විය.
29th October 2025 00:00:00 Hours
ආරක්ෂක සේනා (මධ්‍යම) ආඥාපති මේජර් ජෙනරාල් කේ ඒ ඩබ්ලිව් එන් එච් බණ්ඩාරනායක යුඑස්පී ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන්ගේ අධීක්ෂණය යටතේ 2025.10.29 වන දින “ස්ත්‍රි පුරුෂ සමාජභාවය පදනම් කරගත් අයවැය කරණය” යන මැයෙන් දේශණයක් යුද හමුදා විද්‍යපීඨයේ සිනෝ ලංකා නව ශ්‍රවනාගාරයේ දි පවත්වන ලදි.
13th September 2025 12:26:38 Hours
ආරක්ෂක සේනා (මධ්‍යම) ආඥාපති මේජර් ජෙනරාල් කේ ඒ ඩබ්ලිව් එන් එච් බණ්ඩාරනායක යුඑස්පි ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන්ගේ සහාභාගිත්වයෙන් ඇල්ල-වැල්ලවාය ප්‍රධාන මාර්ගයේ 2025.09.04 වන දින 24 වැනි කණුව ආසන්නයේදී, ප්‍රපාතයකට පෙරළී සිදුවු බස්රථ අනතුරින් මියගිය අය සහ තුවාල ලැබු පුද්ගලයින් එම ස්ථානයෙන් මුදවා ගැනිම සඳහා දායකවු යුද්ධ හමුදා නිලධාරින් හා සෙසුනිලයින් හට ඔවුන් කල සේවය ඇගයිමට ලක්කිරීමේ වැඩසටහනක් 2025.09.13 වන දින ආරක්‍ෂක සේනා (මධ්‍යම) දේශණ ශාලාවේදි සිදුකරන ලදී.
10th September 2025 22:06:32 Hours
ආරක්ෂක සේනා මුලස්ථානය (මධ්‍යම) කදවුරට ආසන්නව පිහිටා ඇති දියතලාව මුලික රෝහලේ නේවාසිකව හා භාහිරව වෛද්‍ය පහසුකම් ලබාගනු ලබන රෝගීන්ගේ ප්‍රයෝජනය සඳහා අත්‍යාවශ්‍ය වෛද්‍ය උපකරණ සහ අවශ්‍යතා පරිත්‍යාග කිරීමේ වැඩසටහනක් 2025.09.10 වන දින 1000 පැයට එම රෝහලේ ශ්‍රවණාගාර ගොඩනැගිල්ලේදි ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහනට සමගාමීව විජයබාහු පාබල රෙජිමේන්තු අධිපති මෙන්ම ආරක්‍ෂක සේනා (මධ්‍යම) ආඥාපති මේජර් ජෙනරාල් කේඒඩබ්ලිව්එන්එච් බණ්ඩාරනායක යුඑස්පී ජ්‍යෙෂ්ඨ නිලධාරී තුමාගේ හා විජයබාහු පාබල රෙජිමේන්තු සේවා වනිතා ශාඛාවේ ගරු සභාපති තුමියගේ ප්‍රධානත්වයෙන් සිදුකරන ලදි.
22nd August 2025 22:13:22 Hours
ආරක්ෂක සේනා (මධ්‍යම) ආඥාපති, තුමන්ගේ සංකල්පයකට අනුව ආරක්‍ෂක සේනා මූලස්ථානය (මධ්‍යම) කඳවුරු බල ප්‍රදේශයේ වැලිමඩ අධ්‍යාපන කොට්ඨාශයේ පිහිටි බ/ශ්‍රී මලියදේව මහ විද්‍යාලයේ ඉගෙනුම ලබන අඩු ආදායම්ලාභී දෙමාපියන්ගේ දරුවන්ගේ ඉදිරි අධ්‍යාපන කටයුතු සාර්ථක කර ගැනීම වෙනුවෙන් ප්‍රොටෙක්ටර් ක්ලෝතීන් මැනුෆැක්චර් පුද්:සමාගමේ පූර්ණ අනුග්‍රාහකත්වය මත 2025.08.22 වන දින සිසු දරුවන් 108 දෙනෙකු සඳහා පාසල් උපකරණ බෙදාදෙන ලදී.
11th June 2025 21:22:59 Hours
පොසොන් පොහොය දිනයට සමගාමීව ආරක්‍ෂක සේනා (මධ්‍යම) ආඥාපති මේජර් ජෙනරාල් කේ ඒ ඩබ්ලිව් එන් එච් බණ්ඩාරනායක යුඑස්පි ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන්ගේ සංකල්පයකට අනුව නිලධාරින්ගේ හා සෙසු නිලයන්ගේ සහභාගීත්වයෙන් 2025 ජුනි මස 11 වන දින සන්ධ්‍යා කාලයේ ආසේමු(මධ්‍යම) ජන අවන්හල ඉදිරිපිටදි ප්‍රදේශයේ බැතිමතුන්ගේ විඩාව දුරු කරලීම සදහා සමහන් දන්සලක් පැවැත්වුනි