Header Sinhala

ආරක්ෂක සේනා (මධ්‍යම)

මුල් පුවත

  • ආරක්‍ෂක සේනා මුලස්ථානය (මධ්‍යම) ආඥාපති සිය බල ප්‍රදේශයේ සංචාරයක නිරත වන ලදී

    18th October 2024 08:00:00 Hours

    ආරක්‍ෂක සේනා (මධ්‍යම) නව ආඥාපති ලෙස අභිනවයෙන් රාජකාරි කටයුතු ආරම්භ කල මේජර් ජෙනරාල් වයි ඒ බී එම් යහම්පත් RWP RSP ndu psc යන ජ්‍යෙෂ්ඨ නිලධාරි 2024.10.13 සහ 14 යන දිනයන් හී 11 වන පාබල සේමු බල ප්‍රදේශයේ සංචාරයක නිරත වන ලදි.

  • අඩු ආදායම්ලාභී පවුලක් සඳහා නව නිවසක් ඉදිකරන ලදී

    18th October 2024 07:00:00 Hours

    යුද්ධ හමුදාධිපතිතුමාගේ සංකල්පයකට අනුව 75 වන යුද්ධ හමුදා සංවත්සරයට සමගාමීව ස්ථිර නිවසක් නොමැති අඩු ආදායම්ලාභී පවුලක් සදහා යුද්ධ හමුදාවේ මැදිහත්වීම මත 11 පාබල සේමු බළප්‍රදේශයට අයත් මාතලේ දිස්ත්‍රීක්කයේ දඹුල්ල ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයේ මාලිගාතැන්න, කිරලගොල්ල යන ලිපිනයේ පදිංචි ඒජි සුජාතා උපසේන මහත්මිය හට කැනඩාවේ පදිංචිව සිටින වින්සෙන්ට් සිංනදුරෙයි මහතාගේ පුර්ණ මුල්‍යමය දායකත්වය ඇතිව 4 ශ්‍රීලපාහ ඒකක භටපිරිස් ශ්‍රමදායකත්වය මත නිවසක් ඉදිකර දෙන ලදි.

  • ආරක්‍ෂක සේනා (මධ්‍යම) නව ආඥාපති තුමන් තනතුරෙහි වැඩ භාර ගැනීම

    07th October 2024 08:00:00 Hours

    ආරක්‍ෂක සේනා (මධ්‍යම) නව ආඥාපති ලෙස මේජර් ජෙනරාල් වයි ඒ බී එම් යහම්පත් ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ පීඑස්සී යන ජ්‍යෙෂ්ඨ නිලධාරි 2024.10.07 වන දින ආගමික වතාවත් වලට මුල්තැන දෙමින් සුභ මොහොතින් ආඥාපති තනතුරෙහි වැඩ භාරගන්නා ලදි

  • ආරක්‍ෂක සේනා (මධ්‍යම) ආඥාපති තනතුරෙන් නික්ම යාම

    06th October 2024 08:00:00 Hours

    ආරක්‍ෂක සේනා (මධ්‍යම) හි 20 වන ආඥාපති ලෙස රාජකාරි කරනු ලැබු මේජර් ජෙනරාල් ජී එම් එන් පෙරේරා ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පී එන්ඩීයූ යන ජ්‍යෙෂ්ඨ නිලධාරි 2024.10.06 වන දින ආඥාපති දුරයෙන් වැඩ භාරදි නික්ම යන ලදි

  • ආරක්‍ෂක සේනා මුලස්ථාන (මධ්‍යම) ආඥාපති 12 පාබල සේනාංක බලප්‍රදේශයේ සංචාරය

    24th September 2024 08:00:00 Hours

    ආරක්ෂක සේනා (මධ්‍යම) ආඥාපති මේජර් ජෙනරාල් ජිඑම්එන් පෙරේරා ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යුඑස්පී එන්ඩීසී යන ජ්‍යෙෂ්ඨ නිලධාරී 2024 සැප්තැම්බර් 24 වන දින 12 වන පාබල සේනාංක බලප්‍රදේශයේ නිල සංචාරය සිදු කරන ලදි.

  • ආරක්‍ෂක සේනා (මධ්‍යම) ආඥාපති 11 වන පාබල සේනාංක මුලස්ථානයේ සහ 112 පාබල බසේමු සංචාරය

    18th September 2024 08:00:00 Hours

    ආරක්‍ෂක සේනා (මධ්‍යම) මේජර් ජෙනරාල් ජි එම් එන් පෙරේරා RWP RSP USP ndc යන ජ්‍යෙෂ්ඨ නිලධාරි 2024.09.18 දින 11 වන පාබල සේනාංක මුලස්ථානයේ සහ 2024.09.19 වන දින 112 පාබල බසේමු නිරීක්‍ෂණ සංචාරයක නිරත වන ලදී.

  • ආරක්‍ෂක සේනා (මධ්‍යම) නව ආඥාපති තුමන් තනතුරෙහි වැඩ භාර ගැනීම

    15th September 2024 08:00:00 Hours

    ආරක්‍ෂක සේනා (මධ්‍යම) නව ආඥාපති ලෙස මේජර් ජෙනරාල් ජී එම් එන් පෙරේරා ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පී එන්ඩීයූ යන ජ්‍යෙෂ්ඨ නිලධාරි 2024.09.15 වන දින ආගමික වතාවත් වලට මුල්තැන දෙමින් සුභ මොහොතින් ආඥාපති තනතුරෙහි වැඩ භාරගන්නා ලදි

  • ආරක්‍ෂක සේනා (මධ්‍යම) ආඥාපති තනතුරෙන් නික්ම යාම

    14th September 2024 08:00:00 Hours

    ආරක්‍ෂක සේනා (මධ්‍යම) හි 19 වන ආඥාපති ලෙස රාජකාරි කරනු ලැබු මේජර් ජෙනරාල් බි කේ ජි එම් එල් රොද්‍රිගෝ ආර්එස්පී පීඑස්සි අයිජි යන ජ්‍යෙෂ්ඨ නිලධාරි 2024.09.14 වන දින ආඥාපති දුරයෙන් වැඩ භාරදි නික්ම යන ලදි

  • 75 වන යුද්ධ හමුදා සංවත්සර දිනයට සමගාමීව දියතලාව යුධ හමුදා රෝහලේ ශ්‍රමදානමය වැඩසටහනක් සිදු කරන ලදී

    21st August 2024 08:00:00 Hours

    ආරක්‍ෂ සේනා මුලස්ථානය (මධ්‍යම) බලප්‍රදේශයේ රාජකාරිකරනු ලබන නිලධාරි/සෙසුනිලයින් හා ඔවුන්ගේ පවුල් හටද මහත් සේවාවක් ලබාදෙනු ලබන්නේ දියතලාව යුධ හමුදා රෝහල විසිනි. යුධ හමුදා රෝහලෙහි සිමිත භටපිරිස් ප්‍රමානයක් රාජකාරින් වල නිරතව සිටින බැවින් ඔවුන් හට පැවරි ඇති රාජකාරින් සමග මේ දිනවල පවතින අධික වර්ෂාපතනය හේතුවෙන් රෝහල් භූමිය අවට පවිත්‍ර කර නඩත්තු කිරීම අපහසුවී ඇත. 75 වන යුද්ධ හමුදා සංවත්සර දිනයට සමගාමීව ආරක්‍ෂකසේනා (මධ්‍යම) ආඥාපතිමේජර් ජෙනරාල් බි කේ ජි එම් එල්රොද්‍රිගෝ ආර්එස්පී පීඑස්සි අයිජි යන ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ උපදෙස් සහ මඟපෙන්වීම යටතේ 2024.08.21 වන දින දියතලාව යුධ හමුදා රෝහලේ ශ්‍රමදානමය වැඩසටහනක් සිදු කරන ලදි.

  • දියතලාව මහ විද්‍යාලයේ සිසුන් වෙත පාසල් පොත් කට්ටල පරිත්‍යාග කිරීම

    16th August 2024 20:58:44 Hours

    75 වන යුද්ධ හමුදා සංවත්සරයට සමගාමීව ආරක්‍ෂක සේනා (මධ්‍යම) ආඥාපති මේජර් ජෙනරාල් බි කේ ජි එම් එල් රොද්‍රිගෝ ආර්එස්පී පීඑස්සි අයිජි යන ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ ප්‍රධානත්වයෙන් උපදෙස් සහ මගපෙන්වීම මත ආරක්‍ෂක සේනා (මධ්‍යම) බළ ප්‍රදේශයේ පිහිටි දියතලාව මධ්‍ය මහා විද්‍යාලයෙහි ප්‍රාථමික අංශයේ ඉගෙනුම ලබන දුවා දරුවන් හට කොළඹ රොටරි සමාජයේ අනුග්‍රහක්ත්වයෙන් පුණරික්ෂණ පොත් කට්ටල බෙදාදීමේ වැඩසටහනක් හා උසස් අධ්‍යාපනය හදාර බාහිර සමාජයට පිවිසීමත් සබැදිව මුහුණු දෙන සාමාජීය ගැටළු හා වෘත්තීය මාර්ගෝප දේශකත්වය පිළිබඳ දේශණක් 2024.08.16 වන දින පාසලේ ප්‍රධාන ශාලාවේදි සිදුකරන ලදී.