16th November 2024 21:12:40 Hours
75 වන යුධ හමුදා සංවත්සරයට සමගාමීව යුද්ධ හමුදාධිපතිතුමාගේ සංකල්පයකට අනුව ස්ථීර නිවසක් නොමැති අඩු ආදායම්ලාභී පවුලක් සඳහා නව නිවසක් යුද්ධ හමුදාවේ මැදිහත්වීම මත ඉදිකරදීමට කටයුතු කර ඇත. ඒ අනුව 11 වන පාබල සේනාංකයට අයත් මහනුවර දිස්ත්‍රික්කයේ මැදදුම්බර ප්‍රාදේශීය කොට්ඨාශයට අයත් මියන්පහ, උඩිස්පත්තුව, උඩුදුම්බර යන ලිපිනයේ පදිංචි ඩී ජී උපුල් කුමාර මහාතා හට මැදදුම්බර ලේකම් කාර්යාලයේ සමෘද්ධි ‘රන්විමන්’ 2024 නිවාස ආධාර වැඩසටහන සහ පරිත්‍යාගශීලීන්ගේ මුල්‍යමය/ද්‍රව්‍යමය ආධාර මත 111 වන පාබල බළසේනාව අයත් වන 5 (සෙව්) ශ්‍රීලපාහ ඒකක භඨ පිරිස් ශ්‍රම දායකත්වයෙන් නව නිවසක් ඉදිකරදීමට කටයුතු කර ඇත.
ඒ අනුව අදාල නිවස 11 වන පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් කේ ඒ යු කොඩිතුවක්කු ආර්එස්පී යුඑස්පී පීඑස්සී අයිජී යන ජ්‍යෙෂ්ඨ නිළධාරිගේ ආරාධනයෙන් ආරක්ෂක සේනා (මධ්‍යම) ආඥාපති මේජර් ජෙනරාල් වයි ඒ බීඑ ම් යහම්පත් ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ පීඑස්සී යන ජ්‍යෙෂ්ඨ නිළධාරිගේ සුරතින් 2024.11.12 වන දින නිවෙස් හිමියා වෙත ආගමික වතාවත්වලට ප්‍රමුඛත්වය දෙමින් උත්සවාකාරයෙන් විවෘත කර භාරදීමට කටයුතු කරන ලදි. එහිදී රුක් රෝපණයක් සිදුකර නිවෙස්ලාභියා වෙත ත්‍යාග ලබාදිමක් ද සිදුකරන ලදි.
මෙම අවස්ථාව සඳහා 111 වන පාබල බළසේනාවේ බළසේනාධිපති බ්‍රිගේඩියර් ජේ එම් ඩබ්ලිව් කේ ජයලත් ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යුඑස්පී, 11 වන පාබල සේනාංකයේ ස්වේච්ඡා සම්බන්ධීකරණ නිළධාරි කර්නල් එම් ජි ඩි මහෙෂ් කුමාර, 11 වන පාබල සේනාංකයේ සිවිල් සම්බන්ධිකරණ නිළධාරි ලුතිතන් කර්නල් ඩබ්ලිව් එස් පි පෙරේරා, 5(සෙව්) ශ්‍රීලපාහ අණදෙන නිලධාරි ඇතුළු ජ්‍යෙෂ්ඨ නිළධාරීන් හා නිවස ඉදිකිරීම සඳහා සම්පත් දායකත්වය ලබාදුන් පරිත්‍යාගශීලීන් මෙන්ම ප්‍රදේශවාසීන් රැසක් සහභාගී වන ලදි