Header Sinhala

ආරක්ෂක සේනා (මධ්‍යම)

15th November 2024 08:00:00 Hours

75 වන යුධ හමුදා දිනයට සමගාමීව යුද්ධ හමුදාධිපතිතුමාගේ සංකල්පයකට අනුව ස්ථීර නිවසක් නොමැති අඩු ආදායම්ලාභී පවුලක් සඳහා නව නිවසක් ඉදිකරදීම

75 වන යුද්ධ හමුදා දිනයට සමගාමීව යුද්ධ හමුදාධිපතිතුමාගේ සංකල්පයකට අනුව ස්ථීර නිවසක් නොමැති අඩු ආදායම්ලාභී පවුලක් සඳහා නව නිවසක් යුද්ධ හමුදාවේ මැදිහත්වීම මත ඉදිකරදීමට කටයුතු කර ඇත. ඒ අනුව 11 වන පාබල සේනාංක බලප්‍ර‍දේශයට අයත් මහනුවර දිස්ත්‍රික්කයේ මැණික්හින්න ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ අංක 44 නිකතැන්න, පන්විල යන ලිපිනයේ පදිංච් පිජී අජන්ත වීරරත්න මහතා හට සුදුහුම්පල රජමහා විහාරයේ විහාරාධිපති හඟුරන්කෙත ධම්මරක්ඛිත නාහිමිපානන් වහන්සේ, ශ්‍රී දළඳා මාලිගාවේ බස්නායක නිළමෙතුමා, මහනුවර විෂ්ණු දේවාලයේ දියවඩන නිළමෙතුමා, දානපති ධම්මික අබේකෝන් මහතාගේ සහ ප්‍රදේශවාසී පරිත්‍යාගශීලීන්ගේ ධන පරිත්‍යාගයෙන් යුතුව 111 වන පාබල සේනාංකය යටතේ ස්ථාවගත 10 වන ගජබා රෙජිමේන්තුවෙහි (00x10) භඨ පිරිස් ශ්‍රම දායකත්වයෙන් නව නිවසක් ඉදිකර දීමට කටයුතු කර ඇත.

ඒ අනුව අදාල නිවස 111 වන පාබල සේනාංකයේ බළසේනාධිපති බ්‍රිගේඩියර් ජේ එස් ඩබ්ලිව් කේ ජයලත් RWP RSP USP යන ජ්‍යෙෂ්ඨ නිළධාරීගේ ආරාධනයෙන්, ආරක්‍ෂක සේනා (මධ්‍යම) ආඥාපති මේජර් ජෙනරාල් වයි ඒ බී එම් යහම්පත් RWP RSP ndu psc යන ජ්‍යෙෂ්ඨ නිළධාරි සහ 11 වන පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් කේ ඒ යු කොඩිතුවක්කු RSP USP psc IG යන ජ්‍යෙෂ්ඨ නිළධාරීගේ සහභාගීත්වයෙන් 2024.11.11 වන දින නිවෙස්හිමියා වෙත ආගමික වාතාවත් සිදුකිරීමෙන් අනතුරුව උත්සවාකාරයෙන් භාරදීමට කටයුතු කරන ලදී. එහිදී රුක් රෝපණයක් සිදුකර නිවෙස්ලාභියා වෙත ත්‍යාග ලබාදීමක්ද සිදුකර ඇත.

මෙම අවස්ථාව සඳහා 11 වන පාබල සේනාංකයේ නියෝජ්‍ය සේනාංකාධිපති බ්‍රිගේඩියර් ටී සී හරස්ගම ආර්එස්පී, 111 පාබල බළසේනාවේ බළසේනාධිපති බ්‍රිගේඩියර් ජේ එස් ඩබ්ලිව් කේ ජයලත් ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යුඑස්පී, 11 පාබල සේමු ස්වේච්ඡා සම්බන්ධීකරණ නිළධාරී කර්නල් එම් ජි ඩී කුමාර, 11 වන පාබල සේනාංකයේ සිවිල් සම්බන්ධීකරණ නිළධාරී ලුතිතන් කර්නල් ඩබ්ලිව් එස් පී පෙරේරා ශ්‍රීලංසිරෙ, 10 වන ගජබා රෙජිමේන්තුවේ අණදෙන නිළධාරී මේජර් එන් කේ වීරතුංග ආර්එස්පී, ඇතුළු ජ්‍යෙෂ්ඨ නිළධාරීන්, නිළධාරීන් පිරිසක් මෙන්ම නිවස ඉදිකිරීම සඳහා සම්පත් දායකත්වය ලබාදුන් පරිත්‍යාගශීලීන් ඇතුළු ප්‍රදේශවාසීන් පිරිසක් සහභාගි වන ලදී.